ශුද්ධ වූ ලෙගර් මුනිඳුන්

අද දින සුදුවර චරිතයෙන් ඔක්තොම්බර් 02වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ ලෙගර් මුනිඳුන් ගැන කතා කරමු.

ලෙගර් යනු ක්‍රිස්තු වර්ෂ 615 දී පමණ ප්‍රංශයේ බර්ගුඩි ප්‍රංශයේ උපත ලද ,වංශවත් පෙළේ බර්ගුන්ඩියානු වංශාධිපතියෙකු වූ බොඩිලොන් සහ ඇල්සේස් හි සිග්‍රාඩා ගේ පුත්‍රයා වන අතර පසුව ඔහුගේ මව සාන්ත මාරියා ද සොයිසන්ස් හි පැවිදි සොහොයුරියක් බවට පත්විය. ඔහුගේ සහෝදරයා වූයේ වාරිනුස් ය.

ඔහු සිය ළමා කාලය පැරිසියේ ගත කළේ ප්‍රංශ රජු වු දෙවන ක්ලෝටෙයාර් ගේ මාලිගාවේ පාසලේ අධ්‍යාපනය ලබමිණි. ඔහු වයසින් මුහුකුරා ගිය විට, ඔහුගේ මාමා වන පොයිටියර්ස් හි රදගුරු තැන්පත් ඩෙසිඩේරියුස් යටතේ අධ්‍යාපනය ලැබීම සඳහා දිගු කලක් ස්ථාපිත ආසන දෙව්මැදුර වෙත යවන ලදි. වයස අවුරුදු 20 දී ඔහුගේ මාමා ඔහුව අග්‍රතේවාචාර්‍ය වරයකු බවට පත් කළේය.

ටික කලකට පසු ඔහු පූජකවරයකු බවට පත් වූ අතර ක්‍රිස්තු වර්ෂ 650 දී රදගුරුතුමන් ගේ අවසරය ඇතිව පොයිටොයු හි ශාන්ත මැක්සෙන්ටියුස් තාපසාරාමයේ තාපසයකු බවට පත්විය.ඔහු ඉක්මනින්ම තාපසාරාම ශ්‍රේෂ්ඨාධිපති ලෙස තේරී පත් වූ අතර බෙනදිකානු පාලනය හඳුන්වාදීම ඇතුළු ප්‍රතිසංස්කරණ ආරම්භ කළේය.

ඔහු පදවි සහ පැවිදි පූජක ප්‍රජාවන් අතර ප්‍රතිසංස්කරණ සිදු කළ අතර ශාන්ත නසාරි දේවස්ථානය විශාල කර අලංකාර කර ආදිවාසීන් ගේ රැකවරණය සදහා ස්ථානයක් ස්ථාපිත කරන ලදී. ලෙගර් පොදු ගොඩනැගිලි අලුත්වැඩියා කිරීමටත් ඕටුන් හි පැරණි රෝමානු පවුරු ප්‍රතිසංස්කරණය කිරීමටත් මුල් වී කටයුතු කළේය . ඕටූන් හි ඔහුගේ අධිකාරිය ඔහුව ප්‍රංශ -බර්ගුන්ඩියානු වංශාධිපතීන් අතර නායකයෙකු බවට පත් කළේය.

රාජ්‍ය පාලනයේ ඇති වූ අවුල් සහගත තත්ත්වයන් නිසා ලෙගර් හට ප්‍රතිවාදීන් ගෙන් විවිධ බලපෑම් එල්ල විය. ක්‍රිස්තු වර්ෂ 675 දී පමණ ලෙගර් සතුරන්ගේ අතට පත්වූ අතර ඔහුගේ දෑස් උගුල්ලා දිව කපා දැමීය. පසුව ක්‍රිස්තු වර්ෂ 679 ඔක්තෝබර් 02 දි, සාසිං ප්‍රදේශීය වනාන්තරයකට ගෙනගොස් ගෙන ගොස් ඔහුගේ හිස ගසා දමනු ලැබීය.

එතුමන් දෑස් ආශ්‍රිත රෝගවලින් පෙළෙන්නන්ගේ නාම සාන්තුවරයා ලෙස හැඳින්වේ.

අන්ධභාවයට එරෙහිව ආයාචනා කරන්නන්ගේ සහ අක්ෂි රෝගීන්ගේ නාමසාන්තුවරයා වන, ශුද්ධ වූ ලෙගර් මුනිඳුනි, අප නිසා යාච්ඤා කළ මැනව.  


#StLeger #Prayforus #Saintoftheday #RVASinhala

'RVASinhala' face book,Instagram,Twitter පිටුව like කරන්න,comment කරන්න,share කරන්න,
YouTube චැනලය Subscribe කරන්න.ස්තූතියි...!