ශුද්ධ වූ මැක්සිමිලියන් කෝල්බේ මුනිඳුන්

අද දින සුදුවර චරිතයෙන් අගෝස්තු 14වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ මැක්සිමිලියන් කෝල්බේ මුනිඳුන් ගැන කතා කරමු.

මැක්සිමිලියන් උපත ලබන්නේ 1894වසරේ ජනවාරි 08 වන දින පෝලන්තයේ ස්ඩුනිස්කා වෝලා නගරයයේදී ය. පිරිමි දරුවන් හතර දෙනෙකුගෙන් යුත් හතර දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවෙනි දරුවා වූ මෙතුමන්ගේ පියා රෙදි වියන්නකු වූ ජූලියස් කෝල්බේ වූ අතර මව වින්නඹු මාතාවක් වූ මරියා ඩබ්‍රොස්කා නම් විය.
1906 වසරේ, වයස දොළහේදී ඔහු අත්දුටු දේව දේවමාතා දර්ශනය ඔහුගේ ජීවිතයට බෙහෙවින් බලපෑවේ ය. එම දර්ශනය මෙසේ නම් විය; 'එදින රාත්‍රියේ මම දේවමාතාවන් ගෙන් මම කවුරුන් විය යුතු දැයි ඇසුවෙමි. එවිට එතුමිය තම දෙඅතින් ඔටුනු දෙකක් අරගෙන පැමිණියාය. එකක් සුදු පැහැති වූ අතර අනෙක රතුපැහැති එකකි. ඉන් එකක් තෝරා ගන්නා මෙන් එතුමිය මාගෙන් මගෙන් ඉල්ලා සිටියා ය. සුදු පැහැති ඔටුන්නෙන් අදහස් කරන ලද්දේ ජීවිතයේ පිවිතුරු භාවය රැකීමයි; රතු පැහැති ඔටුන්නෙන් අදහස් කරනු ලැබූයේ ප්‍රාණ පරිත්‍යාගී වීමයි. මම ඔටුනු දෙකම පිළිගන්නා බව එතුමියට කීවෙමි.
1907 කෝ වසරේදී ඔහු සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරු වූ ෆ්‍රැන්සිස් ෆ්‍රැන්සිස්කානු නිකායේ කණිෂ්ඨ දෙව්සහලට ඇතුළත් වූ අතර 1910 වසරේදී එතුමන්ව එම නිකායේ ආධුනික ආරාමයට ඇතුලත් කර ගන්නා ලදි.එතුමන් තම පළමු පොරොන්දු 1911 වසරේදී දෙන ලද අතර අවසන් පොරොන්දු දෙන ලද්දේ 1914 වසරේදීය.
කෝල්බේ මුනිඳුන් 1915 වසරේදී රෝමයේ ශුද්ධාසනීය ග්‍රෙගෝරියන් විශ්ව විද්‍යාලයෙන් දර්ශනවාදය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ගන්නා අතර 1919 වසරේ දී සාන්ත බොනවෙන්චර් විශ්වවිද්‍යාලයේදී දේව ධර්ම ශාස්ත්‍රය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ගන්නා ලදී. මෙතුමන් තම මිතුරන් 6 දෙනෙකු සමග නිර්දෝෂි දේවමාතාවන්ට කැපවූ සංගමයක් පිහිටුවා ගන්නා ලදී. එමගින් දේව දේව මාතා භක්තිය ප්‍රචලිත කිරීමට ඔවුන් මහත් සේ කැපවී කටයුතු කළෝය. ඔවුන්ගේ අරමුණ වූයේ පව් කරුවන් ගේ සහ ශුද්ධවූ සභාවට විරුද්ධව කටයුතු කරන්නන් ගේ සිත් හැරීම වෙනුවෙන් සේවය කිරීමයි.
1918 වසරේ දී එතුමන් පූජකවරය ලබන අතර 1919 වසරේ දී එතුමන් නැවතත් පෝලන්තය බලා පිටත් වී ගියේය. 1930 වසරේ පටන් මෙතුමන් ආසියාවේ ධර්මදූත සේවයේ යෙදෙන අතර චීනය ජපානය සහ ඉන්දියාව යන රටවල සේවය කළේය.1933 වසරේදී නැවතත් පෝලන්තය බලා පැමිණෙන මෙතුමන් පුවත්පතක් නිකුත් කිරීමට සහ ගුවන් විදුලි සේවාවක් ඇරඹීමට මුලපිරුවේය.
දෙවන ලෝක යුද්ධය ආරම්භවීමත් සමගම තාපසාරාමය තුළ රැඳුණු එතුමන් එම ස්ථානය තාවකාලික රෝහලක් බවට පත් කරන ලදී. එය පිහිටි නගරය ජර්මානු හමුදා විසින් අත්පත් කර ගැනීමෙන් කරගැනීමෙන් පසු 1939 සැප්තැම්බර් 19 දින එතුමන්ව අත්අඩංගුවට පත් කරගත්ත ද ජර්මානු සම්භවයක් ඇති නිසා දෙසැම්බර් 08 වන දින නිදහස් කරන ලදි . ඉන් අනතුරුව එතුමන් තාපසාරාමයේ තුළ පුවත්පත් ප්‍රකාශණ කටයුතු ආරම්භ කරන ලද අතර නැවතත් 1941 පෙබරවාරි 17 දි ජර්මානු අධිකාරිය විසින් තාපසාරාමය වසා දමා කෝල්බේ මුනිදුන් සහ හතරදෙනකු අත්අඩංගුවට ගන්නා ලදී.
සිර කඳවුරේ දී ද පූජක තුමකු ලෙස කටයුතු කළේ තුමන්ට බොහෝ වද වේදනාවන් විදීමට සිදු වීය. බංකරයක දමා සාගින්නේ මරා දැමීමට සිරකරුවන් දස දෙනකු තෝරා ගත් අවස්ථාවේදී ඉන් එක් සිරකරුවෙකු වෙනුවෙන් තුමන් ඉදිරිපත් විය. බංකරය තුළ අනෙකුත් සිරකරුවන්ව එතුමන් විසින් යාඥාවට යොමුකරන ලදී. සාගින්නෙන් හා පිපාසයෙන් අනෙකුත් සිරකරුවන් මරණයට පත් වුවද කෝල්බේ මුනිඳුන් ජීවත්ව සිටිනවා දුටු ජර්මන් හමුදාව ශරීරයට ඇසීඩ් එන්නත් කර 1941 අගෝස්තු 14 වන දි එතුමන් ද මරණයට පත් කරන ලදී.
භාග්‍යවරයට එසවීම 1971 ඔක්තෝබර් 17 දින අති උතුම් වි වන පාවුළු ශුද්ධෝත්තම හිමිපාණන් විසින්.
ශුද්ධවරභාවය ට එසවීම 1982 ඔක්තෝබර් 10 දින අති උතුම් ඊ වන ජුවාම් පාවුළු ශුද්ධෝත්තම හිමිපාණන් විසින්.
මෙතුමන් පවුල්වලද ,මත්ද්‍රව්‍ය වලින් මිදෙන්නන්ගේ ද, මාධ්‍යවේදීන්ගේ සහ දේශපාලන සිරකරුවන්ගේ ද නාම සාන්තුවරයා ලෙස හදුන්වනු ලැබේ.

#StMaximilianKolbe #Prayforus
#Saintoftheday #RVASinhala

'RVASinhala' Facebook, Instagram, Twitter, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!