ලෝක දියවැඩියා දිනය අදයි.

ලෝක දියවැඩියා දිනය අදයි.

දැනුවත් වී ආරක්ෂා වෙමු යන්න මෙවර දියවැඩියා දිනයේ තේමාවයි.

මෙම දිනය 1991 දී ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉහල යන දියවැඩියා රෝගීන් ප්‍රමාණය සලකා ප්‍රකාශයට පත් කරන ලදී. සෑම වසරකදීම ලෝක දියවැඩියා සංගමය මෙම දිනය නව තේමාවක් යටතේ සමරනු ලබයි. මෙහිදී දියවැඩියාවෙන් පෙලෙන්නන් මුහුණපාන ගැටළු ගැනද අවධානය යොමු කරනු ලබයි. දියවැඩියාව හා මානව හිමිකම් , දියවැඩියාව හා දියවැඩියාව ගැන දැනුවත් කිරීම වසර පුර පැවතුනද , මෙම දිනය ඉන්සියුලින් සොයා ගැනීමට මුල් වූ ෆෙඩ්රික් බන්ටින්ග් ගේ උපන් දිනය සලකුණු කරයි. (මෙම සොයාගැනීමට චාර්ල්ස් බෙස්ට් ද දායක විය. )

අපි අවුරුද්දකට සීනි මුට්ටයක් විතර කනවා කිව්වම පිලිගන්න පුලුවන්ද...? සාමාන්‍යයෙන් වැඩි දෙනෙක් දවසට 3 වරක් තේ පානය කරනවා ඒ තේ එකකට සීනි ‍තේ හැඳි 3ක් දැම්මා කියලා හිතමු. ( තේ හැන්ඳට 8g නම් ) { 8 x 3(හැඳි) x 3 x 365 = 26280g } ඒ විදියට බැලුවම සීනි 26kg පමණ ‍තේ වලින් විතරක් ශරීර ගත වෙනවා. අපි කන බොන අනිත් කෑම බීම වලින් ශරීර ගත වෙන මුලු සීනි ප්‍රමාණය හිතාගන්න පුළුවන් නේද....?

මෙරට ජනගහණයෙන් 4න් 1ක් දියවැඩියාවට ගොදුරු වි ඇති අතර පාසල් දරුවන්ගෙන් සියයට 10ට දියවැඩියා රෝගය වැළඳි ඇති බවයි වාර්තා වේ.

අයහපත් ආහාර රටා අධික සීනි සහ පිටි සහිත ආහාර පාන භාවිතය මෙන්ම දුම්බීම සහ මධ්‍යසාර භාවිතය දියවැඩියා රෝගය ඉහළ යාමට හේතුව වි තිබේ.

විශේෂයෙන් ශාරීරික ව්‍යායාම වල නිරත නොවීමද දියවැඩියා රෝගය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි.

#WorldDiabetesDay #UNDays
#RVASinhala