ශුද්ධ වූ ලෝරන්ස් මුනිඳුන්

අද දින සුදුවර චරිතයෙන් අගෝස්තු 10වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ ලෝරන්ස් මුනිඳුන් ගැන කතා කරමු.

මෙතුමන් උපත ලබන්නේ ක්‍රිස්තු වර්ෂ 225 දෙසැම්බර් 31 වන දින ස්පාඤ්ඤයේ වලෙන්සියා නගරයේදී ය. දෙවන සිස්ටස් පාප් තුමන් විසින් රෝම නගරයේ පත්කරන ලද තේවාචාරවරුන් සත් දෙනාගෙන් එක් කෙනෙකි. තරුණ වියේ පසු වූ එතුමන් හට සේවය කිරීමට ලැබුණේ ආසන දෙව්මැදුරේ බැවින් රෝමයේ අග්‍ර තේවාචාරවරයා ලෙස හඳුන්වනු ලබන ලදී. එවකට සභාව සතු ධනය සහ වත්කම් පිළිබඳ වගකීම භාරදීමට පවා එතුමන් මහත්වූ විශ්වාසයක් දිනාගත්තේය.

ක්‍රිස්තු වර්ෂ 258 අගෝස්තු මස ආරම්භයේ දී වලේරියන් අධිරාජ්‍යවාදීයා විසින් සියලු රදගුරුතුමන්ලා ද පූජකවරුන් සහ තේවාචාරවරුන් මරා දැමීමට නියෝග කළේය. මෙම අර්බුදයන් ඉදිරියේ මෙතුමන් තමන් භාරයේ තිබූ සභාවේ වත්කම් දිළිදු අතර බෙදා දීමට කටයුතු කළේය. එම නිසා රත් වූ ගල් අඟුරු තැටියක් යටින් එතුමන්ව තබා පිලිස්සීමට ලක් කරන ලදී. අවසන් හුස්ම හෙලීමට පෙර එතුමන් සතුටු සිතින් ප්‍රකාශ කළේ , "මේ පැත්ත හොදින් පිළිස්සී හමාරය, දැන් අනිත් පැත්ත හරවන්න" යනුවෙනි. ක්‍රිස්තු වර්ෂ 258 අගොස්තු 10 දින එතුමන් සගලොව දිනාගන්නා ලදී.

එතුමන් රෝමයේ ද, අප රටේ කොළඹ නගරයේ ද, විකට ශිල්පීන්ගේ ද, සූපවේදීන්ගේ ද, ලේඛනාධිකාරීවරුන්ගේ සහ පුස්තකාලාධිපතිවරුගේ නාම සාන්තුවරයා ලෙස හඳුන්වනු ලැබේ.

#StLawrence #Prayforus
#Saintoftheday #RVASinhala

'RVASinhala' Facebook, Instagram, Twitter, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!