ශුද්ධ වූ ඇන්ඩෘ ඩුන්ග් ලාක් මුනිඳුන්
අද දින සුදුවර චරිතයෙන් නොවැම්බර් 24වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ ඇන්ඩෘ ඩුන්ග් ලාක් මුනිඳුන් ගැන කතා කරමු.
ඔහු 1795 දී ට්‍රෑන් ඇන් ඩොං ලෙස වියට්නාමයේ දී උපත ලැබීය. ඔහුගේ බව්තීස්මයේ දී ඇන්ඩෘ යන කිතුනු නාමය ගත්තේය. කිතුණුවන්ට එරෙහිව හිංසා පීඩා හටගත් කාලයේදී ඔහුගේ නම ලාක් ලෙස වෙනස් කළ බැවින් ඔහුව අනුස්මරණය කරනු ලබන්නේ ඇන්ඩෘ ඩුන්ග් ලාක් යනුවෙනි.
කතෝලික ආගම වැළඳගෙන පූජකවරයට පත් වූ ඔහු 1820 සිට 1862 දක්වා වියට්නාමයේ දිවි පිදූ 117 දෙනාගෙන් කෙනෙකි. වර්ෂ 1615 දී පෘතුගීසීන් වියට්නාමයට පැමිණීමත් ජේසු නිකායික පියතුමන්ලා හරහා කතෝලික ධර්මය ප්‍රචලිත වන්නට පටන් ගත්තේය. 19 වන ශතවර්ෂයේ අවම වශයෙන් තුන් වතාවක්වත් වියට්නාමය තුළ කිතුණුවන්ට එරෙහිව දරුණු පීඩා දියත් කරන ලදී. 1820න් පසු දශක හය තුළ කතෝලිකයන් 100,000 ත් 300,000 ත් අතර සංඛ්‍යාවක් ඝාතනයට හෝ දැඩි දුෂ්කරතාවන්ට ලක්විය.
1832 දී මිං-මැන්ග් අධිරාජ්‍යයා සියළුම විදේශීය මිෂනාරිවරුන් තහනම් කළ අතර කුරුසියේ ඇණ ගැසීමෙන් වියට්නාම ජාතිකයන් සිය ඇදහිල්ල ප්‍රතික්ෂේපයට ලක්කිරීමට උත්සාහ කළේය.
ඇන්ඩෘ ඩුන්ග් ලාක් මුනිඳුන් 1839 දෙසැම්බර් 21 වන දින ඝාතනයට ලක්විය.
භාග්‍යවරයට එසවීම 1900 නොවැම්බර් 24 වන දින අති උතුම් XIII වන ලියෝ ශුද්ධෝත්තම හිමිපාණන් විසින්.
ශුද්ධවන්ත භාවයට එසවීම 1988 ජුනි 19 වන දින අති උතුම් II වන ජුවාම් පාවුළු ශුද්ධෝත්තම හිමිපාණන් විසින්.
වියට්නාමයේ දී ප්‍රාණපරිත්‍යාගී වු, ශුද්ධ වූ ඇන්ඩෘ ඩුන්ග් ලාක් මුනිඳුනි, අප නිසා යාච්ඤා කළ මැනව.
#StAndrewDungLac #Prayforus
#Saintoftheday #RVASinhala
'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!