නැසීගිය සියලු විශ්වාසිකයන් සිහිපත් කරන මළවුන්ගේ මංගල්‍යය

නැසීගිය සියලු විශ්වාසිකයන් සිහිපත් කරන මළවුන්ගේ මංගල්‍යය
නොවැම්බර් 02
කිතුනු අපගේ ඒකායන බලාපාරොත්තුව වන්නේ මරණින් පසු ජේසුගේ ගැළවීමදායක ශ්‍රී මුහුණ දැකීමය. ස්වර්ගය අපගේ සදාතනික වාසභවනයයි. එය මෙලොව දුකින් වේදනාවෙන් පිරි අත්දැකීමට හාත්පසින් වෙනස් පැවැත්මකි. එය මංගල භෝජනයක් ලෙස යෙසායා 25.6 9 හි සදහන් වේ. එහෙත් එම මංගල භෝජනයට අපටත් සුදුසුකම් අවැසි වේ.
මෙලොව වසාගෙන ඇති පාපය හා අවිශ්වාසයේ පොරෝනාව අප විශ්වාසය යටපත් කරන්න උත්සහ දරයි. අපව නුසුදුස්සන් කරයි. අදහා ගන්නාට මරණය දෙවිඳුන් හා හමුවීමකි. එය මෙලොවදීම ඇරඹේ. මෙලොව දුක් වේදතා මතු දිවියේ ඇති මහිමය සමඟ කිසිසේත් සැසඳිය නොහැකි බව පාවුළු තුමා අපට මතක් කරයි. (රෝම 8.18), මළවුන්ගේ දිනය මෙලොව වසන අපට ජීවිතය දෙස නවතාවයකින් බලන්නට කදිම අවස්ථාවකි. මෙලොව ඇති සියල්ල නැති වන බවත් මරණයේදී - මෙලොව වස්තුව අහිමි වන බවත් තේරුම් ගනිමු. එසේ නම් කළ යුත්තේ කුමක්ද? දිළිදුන්, සිරකරුවන්, ලෙඩුන්, වැන්දඹුවන්, අනාථ දරුවන් මැද සිටින ජේසු හඳුනා ගනිමු. ඔවුන්ට අප සතුදේ පරිත්‍යාග කර නොදිරන ස්වර්ගීය වස්තු රැස්කර ගනිමු.

#AllSoulsDay  #saintoftheday #rvasinhala

'RVASinhala' Facebook, Instagram, Twitter, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!