ශුද්ධ වූ මහා නෙර්සස් මුනිඳුන්

අද දින සුදුවර චරිතයෙන් නොවැම්බර් 19වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ මහා නෙර්සස් මුනිඳුන් ගැන කතා කරමු.
නෙර්සස් සිය යෞවන කාලය තුර්කියේ කයිසාරියාවේ ගත කළ අතර එහිදී ඔහු සැන්ඩූච්ට් නම් මාමිකෝනියානු කුමරිය සමඟ විවාහ විය. සැන්ඩූච්ට් නෙර්සෙස්ට දාව සහක් නම් පුතෙකු බිහි කළේය. ඔහුගේ බිරිඳගේ මරණයෙන් පසු, ඔහු II වන අර්ෂාක් රජුගේ කඩුව දරන්නා ලෙස පත් කරන ලදී. වසර කිහිපයකට පසු, සභාවේ පරිපාලනයට සම්බන්ධ වූ පසු වර්ෂ 353 දී ඔහුව සභා පියවරයෙකු ලෙස තේරී පත් විය.
ඔහුගේ ආගමනය ආර්මේනියානු ඉතිහාසයේ නව යුගයක් සනිටුහන් කරයි. එතෙක් සභාව රාජකීය පවුල් හා වංශාධිපතීන් සමඟ බොහෝ වශයෙන් හඳුනාගෙන තිබුණි. නෙර්සස් එය පොදු ජනතාව සමඟ වඩාත් සමීප සම්බන්ධතාවයකට ගෙන ආවේය. අෂ්තිෂාට් මන්ත්‍රණ සභාවේ දී ඔහු විවාහය, නිරාහාර දින සහ දේව වන්දනාව පිළිබඳ නීති රාශියක් ප්‍රකාශයට පත් කළේය. ඔහු විසින් පාසැල් හා රෝහල් ඉදි කළ අතර ශුභාරංචිය දේශනා කිරීම සඳහා රට පුරා පැවිද්දන් යවන ලදී.
නෙර්සස් අෂ්තිෂාට් හි සමුළුවක් පැවැත්වූ අතර එහිදී පලමු ලේ නෑකම් විවාහ සහ වෙනත් ආන්තික ක්‍රියා තහනම් කරන ලදී. මෙම ප්‍රතිසංස්කරණ සමහරක් නිසා රජුගේ අප්‍රසාදය ඔහු කෙරෙහි ඇති වූ බැවින් ඔහුව එඩෙස්සාට පිටුවහල් කරනු ලැබුවේ ය.
369 දී ඒරියන් හිතවාදී පපාස් රජු බලයට පත්වීමෙන් පසු නෙර්සස් නැවත තම ධුරයේ කටයුතු ආරම්භ කළේය. පැපාස් රජු නුසුදුසු පාලකයෙකු බව ඔප්පු කළ නිසා නෙර්සස් ඔහුට සභාවේ කටයුතු තහනම් කළේය. වර්ෂ 373 දී පැපාස් රජු නෙර්සෙස් සමඟ හිතවත්කමක් ගොඩ නගා ගැනීමේ මුවාවෙන් භෝජන සංග්‍රහයකට ආරාධනා කළ අතර එහිදී ඔහුට වස දී මරා දැමූ බව වාර්තා වේ.
මුල් සභා පියවරයෙකු වන, ශුද්ධ වූ මහා නෙර්සස් මුනිඳුනි, අප නිසා යාච්ඤා කළ මැනව.
#StNersesTheGreat  #Prayforus
#SaintOfTheDay #RVASinhala

'RVASinhala' Facebook, Instagram, Twitter, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!