ආගමන සමයේ සති 4 අපට සිහිගන්වන්නේ කුමක්ද?

ආගමන සමයේ සති 4 අපට සිහිගන්වන්නේ කුමක්ද?

ආගමන සමයේ පළමු ඉරිදා: බලාපොරොත්තුව
මෙම ඉටිපන්දම "දිවැසිවරුන්ගේ ඉටි පහන" ලෙස හැඳින්වේ. පළමු ඉටිපහන තුළින් අපට මතක් කර දෙනුයේ දිවැසිවරුන්, විශේෂයෙන් යෙසායා දිවැසිවරයා ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම අනාදිමත් කාලයේ සිට බලාපොරොත්තුවෙන් සිටි බවයි. කන්‍යාවක් තුළින් මෙලොවට පැමිණි මෙසියස් තුමාව උන්වහන්සේගේ මහිමාන්විත දෙවනවර පැමිණීමේදී බලාපොරොත්තු සිතින් යුතුව පිළිගැනීමට අපට ආරාධනා කරයි.

ආගමන සමයේ දෙවන ඉරිදා: සාමය
දෙවන ඉටිපන්දම, සාමය නියෝජනය කරයි. එය "බෙත්ලෙහෙම් ඉටිපන්දම" ලෙස හඳුන්වනු ලබන්නේ මරියා සහ ජෝසප් බෙත්ලෙහෙමට ගිය ගමන සිහිපත් කිරීමක් වශයෙනි. විශ්වාසයෙන් යුතුව ක්‍රිස්තුස් වහන්සේව පිළිගැනීමට අපව කැඳවයි.

ආගමන සමයේ තුන්වන ඉරිදා: ප්‍රීතිය
එය "එඩේරුන්ගේ ඉටිපන්දම" ලෙස හඳුන්වනු ලබයි. මෙදින ජනවන්දනාව තුළ රෝස පැහැයට ප්‍රමුඛ තැනක් හිමිවේ. රෝස පැහැය ප්‍රීතියේ වර්ණයයි. එදා එඩේරුන් ප්‍රීතියෙන් යුතුව ක්‍රිස්තුස් වහන්සේව දැකබලා ගැනීමට පැමිණීයා සේ ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම ළං ළංව පැමිණෙන බැවින් ප්‍රීතිමත් වීමට අපට ඇරයුම් කරනු ලබයි.

ආගමන සමයේ සිව්වන ඉරිදා: ආදරය
අපි අපගේ ගැලවුම්කරුවාගේ උපත එනතෙක් බලා සිටින විට යාච්ඤාවේ සහ පසුතැවීමේ අවසාන සතිය සලකුණු කිරීම සඳහා අවසාන දම් පැහැති ඉටිපන්දම දල්වන්නෙමු. මෙදින අපට මතක් කර දෙනුයේ දේවදූතයෝ සුරලොව දෙවිදුන්ට මහිමයත්, මිහිපිට ජනතාවට සාමයත් වේවායි කියා ප්‍රාර්ථනා කරපු ගීතයයි. මෙම "දේවදූතයන්ගේ ඉටිපන්දම" ආදරය සංකේතවත් කරයි. දෙවියන් වහන්සේ ආදරය බව එය අපට මතක් කර දෙයි.

#Advent #December 
#RVASinhala

'RVASinhala' Facebook, Instagram, Twitter පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!