ශුද්ධ වූ හෙලේනා මුනිවරිය

අද දින සුදුවර චරිතයෙන් අගෝස්තු 18වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ හෙලේනා මුනිවරිය ගැන කතා කරමු.

මෙතුමිය උපත ලැබුවා යැයි සැලකෙන්නේ ක්‍රිස්තු වර්ෂ 248 වසරේ දීය. ඇය විවාහ වූයේ රෝම අධිරාජ්‍යයා වන පලමු වන කොන්ස්ටන්ටියස් ක්ලෝරස් සමඟ වන අතර දේශපාලන හේතූන් මත පසුව ඔහු විසින් ඇයව අත්හරින ලදී. 306 දී ඇගේ පුත් පළමුවන කොන්ස්ටන්ටයින් යෝක්හි අධිරාජ්‍යයා බවට පත් වූ විට, ඔහු ඇයව උසස් කොට සැලකූ අතර, ඔහුගේ බලපෑම යටතේ ඇය පසුව කිතුනුවකු බවට පත් වූවාය.

326 දි ඇයගේ ජීවිතය තුළ මුහුණ දුන් ද්විත්ව ඛේදවාචකයන්ගෙන් පසු හෙලේනා ශුද්ධ දේශයට වන්දනා ගමනක් ගියාය.

එහිදී ඇය ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිදුවූ ස්ථානයේ (බෙත්ලෙහෙමේ) සහ අහස් නැගී ස්ථානයේ (ජෙරුසලම අසල) දේවස්ථාන ඉදි කිරීමට මූලිකත්වය ගත්තාය.

ක්‍රිස්තුස් වහන්සේ තම දිවිය පුදකල ශ්‍රී කුරුසය සොයා ගැනීමේ ගෞරවය අත් වන්නේ ශුද්ධ වූ හෙලේනා මුනිවරියටයි. එතුමියගේ මරණය සිදු වූයේ ක්‍රිස්තු වර්ෂ 330 වසරේ රෝම නගරයේ දීය.

පුරාවිද්‍යාඥයින්ගේ සහ නව සොයාගැනීම් වල නාමසාන්තුවරිය වන, ශුද්ධ වූ හෙලේනා මුනිවරියනි, අප නිසා යාච්ඤා කළ මැනව.

#StHelena #Prayforus
#Saintoftheday #RVASinhala 

'RVASinhala' Facebook, Instagram, Twitter, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!