ශුද්ධ වූ බෙනිනුස් මුනිඳුන්

අද දින සුදුවර චරිතයෙන් නොවැම්බර් 09වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ බෙනිනුස් මුනිඳුන් ගැන කතා කරමු.
බෙනිනුස් අයර්ලන්තයේ වර්තමානයේ කවුන්‍ට් මීත් නම් ප්‍රදේශයේ අධිපතියකු වූ සෙසේනන් යන අයගේ පුතකු වූ අතර ශාන්ත පැට්‍රික් මුනිඳුන් අතින් බව්තීස්ම-ස්නාපනය ලබා ගන්නා ලදී. පසුව පැට්‍රික් මුනිඳුන්ගේ ප්‍රියතම ගෝලයා බවට පත් වූ ඔහු ක්‍රිස්තු වර්ෂ 450 දී පමණ අර්මා රදගුරු පදවියේ එතුමන්ගේ අනුප්‍රාප්තික රදගුරු ලෙස පත් විය.
ඔහු පැට්‍රික් මුනිඳුන්ගේ ධර්මදූතික  සංචාරයන්හි දී පසුපස ගිය අතර එතුමන්ගේ දූත සේවයට සහාය වෙමින්, ගායනා කණ්ඩායම් පිහිටුවීමට සහාය විය. ඔහු සම්ප්‍රදායික කාව්‍ය පරපුරකින් පැවත එන්නකු  වන්නට ඇත. සංගීතය පිළිබඳ ඔහු ලද ජයග්‍රහණයන් හිදි ඔහුව හදුන්වනු ලැබූවේ , "පැට්‍රික්ගේ ගීතිකා ගායකයා" ලෙස ය. බෙනිනුස් තරුණ වියේ සිටම පැට්‍රික් මුනිඳුන් විසින් පරිශුද්ධ ඉගෙනීම පිළිබඳ පුහුණුව ලබා දී තිබූ  අතර ඔහුගේ මව්බිම,  භාෂාව පිළිබඳ ව මනා දැනුමක් දී තිබූ නිසා, ඔහු නයින් කොමිෂන් සභාවේ ලේකම් ලෙස පත් කරන ලදී. 
ක්‍රිස්තු වර්ෂ 467 දී බෙනිනුස් මුනිඳුන් සිය රදගුරු අනුප්‍රාප්තික ධුරයෙන් ඉල්ලා අස් වූ අතර එම වසරේම මිය ගියේය. ඔහුගේ මංගල්‍යය නොවැම්බර් 9 වන දින සමරනු ලැබේ.
ක්‍රිස්තියානි අධ්‍යාපනයේ පුරෝගාමීයෙකු වන, ශුද්ධ වූ බෙනිනුස් මුනිඳුනි, අප නිසා යාච්ඤා කළ මැනව.

#StBenignus #Prayforus
 #saintoftheday #rvasinhala

'RVASinhala' Facebook, Instagram, Twitter, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!