ශුද්ධ වූ බර්තිලියා මුනිවරිය

අද දින සුදුවර චරිතයෙන් නොවැම්බර් 05වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ බර්තිලියා මුනිවරිය ගැන කතා කරමු.

බර්තිලියා උපත ලැබූවේ ප්‍රංශයේ සොයිසොන්ස් නගරයේ ය. ඇය මීඕක්ස් නගරය අසල ජුවාරේ හී බෙනදිකානු තාපසාරාමයේ තාපසිකාවක් බවට පත් වූවාය. දෙවන ක්ලෝවිස් රජුගේ බිරිඳ වූ ශු. බැතිල්දිස් විසින් චෙල්ලිස් හී කන්‍යාරාමය නැවත ප්‍රතිස්ථාපනය කළ විට බර්තිලියා එහි පළමු ප්‍රධාන තාපසිකාව බවට පත්විය. වර්ෂ 665 දී ශු. බැතිල්දිස් තුමිය චෙලීස් නගරයට ඇතුළු වූ විට බර්තිලියා විසින් ඇය පිළිගත්තාය. නැගෙනහිර කෝණවල රජුගේ වැන්දඹුවද ඇය පිළිගත්තාය. අවුරුදු හතළිස් හයක් පුරා තාපසිකාවක් ලෙස සේවය කළ බර්තිලියා විනයානුකූල පාලනයක් පිළිබඳ ව ප්‍රසිද්ධියක් උසුලයි.

විනයානුකූල කන්‍යාරාම පාලිකාවක් වන, ශුද්ධ වූ බර්තිලියා මුනිවරියනි, අප නිසා යාච්ඤා කළ මැනව.

#StBertilia #Prayforus
 #saintoftheday #rvasinhala

'RVASinhala' Facebook, Instagram, Twitter, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!