ශුද්ධ වූ නීනා මුනිවරිය

අද දින සුදුවර චරිතයෙන් ජනවාරි 15වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ නීනා මුනිවරිය ගැන කතා කරමු.

බොහෝ මූලාශ්‍රයන් ට අනුව නීනෝ නොහොත් නීනා මුනිවරිය උපත ලබන්නේ එවකට රෝම අධිරාජ්‍යයට අයත් වූ කපදෝසියාවේ කොල්ස්ට්‍රි නම් කුඩා නගරයේ රෝමානු කතෝලික සභාවේ සහ නැගෙනහිර ඔර්තඩොක්ස් සභාවේ මිශ්‍ර සම්භවයකින් යුත් පවුලක ය. ඇගේ පියාගේ පාර්ශවයෙන් සාන්ත ජෝර්ජ් මුනිදුන්ට හා මවගේ පාර්ශවයෙන් ජෙරුසෙලමේ කුලදෙටුවකු වූ පළමුවන හෞබ්නාල් යන අයට නෑ සබඳකමක් ඇත.

ඇය කුඩා කුඩා කාලයේ හැදී වැඩුණේ ජෙරුසලමේ පැවිදි සොයුරියක් යටතේ ය. පසුව ඇයගේ මාමාගේ මාමා ගේ මග පෙන්වීම අනුව රෝමයට යන ඇය එහිදී අයිබේරියාවේ ක්‍රිස්තියානි ශුභාරංචිය දේශනා කිරීමට තීරණය කළාය.

පුරාවෘත්තයට අනුව ඇයට කන්නේ මරියතුමිය දර්ශනය වී කුරුසයක් ලබාදී ,
"අයිබේරියාට ගොස් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුභාරංචිය ප්‍රකාශ කරන්න. එවිට උන්වහන්සේ ඉදිරියෙහි ඔබ වරප්‍රසාදයන් ලබනු ඇත.දෘශ්‍යමාන හා අදෘශ්‍යමාන සියලු සතුරන්ට එරෙහිව මම ඔබට පලිහක් වන්නෙමි. මෙම කුරුසියේ බලයෙන් ඔබ මාගේ ආදරණීය පුත්‍රයාණන් ද සමිදාණන් ද තුළ ඇදහිල්ල නම් ගැලවීමේ ධජය එම දේශීයේ පිහිට වනු ඇත." යැයි පවසනු ලබන ලදී.

අයිබේරියාවේ ධර්ම ප්‍රචාර කටයුතු අරඹන ඇය විවිධ ස්ථාන වලට ගොස් කිතුනු ජන කණ්ඩායම් ස්ථාපිත කළා ය. බොහෝ අභියෝග වලට මුහුණ දුන්නද ඇයගේ මහත් කැපවීම තුළ එවකට අයිබේරියා රාජ්‍ය පාලනය කළ තුන්වන මිරියන් රජ සහ ඔහු ගේ බිසවද ක්‍රිස්තියානි දහමට කර ගැනීමට සමත් වූවාය.

ක්‍රිස්තු වර්ෂ 332 දී ඇය ස්වර්ගස්ථ වූ අතර වර්තමානයේ දී ද ජෝර්ජියාවේ බොහෝ කාන්තාවන් ඇයගේ නාමය තම නම් අතරට කර ගන්නා බව කියැවේ.

ජෝර්ජියාවේ නාමසාන්තුවරිය වන, ශුද්ධ වූ නීනා මුනිවරියනි, අප නිසා යාච්ඤා කළ මැනව.

#StNina #Prayforus
#Saintoftheday #RVASinhala