ශුද්ධ වූ තෙරේසා ජොර්නෙත් ඉබාර්ස් මුනිවරිය

අද දින සුදුවර චරිතයෙන් අගෝස්තු 26වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ තෙරේසා ජොර්නෙත් ඉබාර්ස් මුනිවරිය ගැන කතා කරමු.

තෙරේසා ජෝර්නෙත් ඉබාර්ස් 1843 ජනවාරි 09 වන දින ස්පාඤ්ඤයේ ලයිඩා හි කුඩා නගරයක ෆ්‍රැන්සිස්කෝ ජෝසේ ජෝර්නෙට් සහ ඇන්ටෝනියාටා ඉබාර්ස් දෙමව්පියන්ට දාව උපත ලැබීය. ඇය බව්තීස්ම වූයේ 1843 ජනවාරි 10 වන දින වන අතර 1849 දී අභිවෘද්ධි ආලේපය සක්‍රමේන්තුව ලබා ගත්තාය.

ඇගේ ළමා කාලයේ දී ඇය තම ප්‍රදේශයේ දුප්පතුන්ගේ අසරණ තත්ත්වය පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්වූ අතර ඔවුන්ට නිසි ආධාර ලබා දීම සඳහා ඇය බොහෝ විට ඔවුන්ව තම නැන්දණිය වන රෝසාගේ නිවසට කැඳවාගෙන ගියාය. පසුව ඇය තවත් නැන්දා කෙනෙකු සමඟ ජීවත් වීම සඳහා ලයිඩා හි වෙනත් ස්ථානයකට ගිය අතර වැඩි කල් යන්නට මත්තෙන් වයස අවුරුදු දහනවයේදී ආර්ජෙන්කෝලා හී ඉගැන්වීමට පටන් ගත්තාය.

තමන් හට පැවිදි ජීවිතයට කැඳවීමක් ඇති බව හැගුණ ඇය ,1868 දී බර්ගෝස් හී දිළිඳු ක්ලෙයා තාපස ජීවිතයට ඇතුළත් වීමට ඉල්ලුම් කළ නමුත් එවක පැවැති ආගමික ජීවිතය වැලඳ ගැනීම විරෝධී නීති මගින් ඇයව වලක්වන ලදී .නමුත් 1870 දී ඇය ලෞකික කර්මල් පංතියේ සාමාජිකාවක් බවට පත්වූවාය . ඇගේ පියාගේ මරණයෙන් සහ ඇයට ඇතිවූ දරුණු රෝගාබාධයකින් පසුව ඇය දීර්ඝ කාලයක් තම නිවසට සීමා විය. පේද්‍රෝ ලසෙරා පියතුමා ඇයව සැටර්නිනෝ ලෝපෙස් පියතුමාට හඳුන්වා දුන් අතර ඔහු ඇගේ අධ්‍යාත්මික අධ්‍යක්ෂකවරයා බවට පත්විය. නිසි අවධානයක් අවැසි මහලු අයට ආධාර කිරීමට ඔහු ඇයව දිරිමත් කළේය.

1872 ඔක්තෝබර් 11 වන දින ඇය සහ ඇගේ සහෝදරිය වන මරියා ඔවුන්ගේ මිතුරිය වන මර්සඩස් කල්සාඩා සමඟ බාබස්ත්‍රෝ වෙත ගොස් පළමු නිවාසය විවෘත කර අවිල්ලා හි ශුද්ධ වූ තෙරේසා මුනිවරිට ගෞරව පිණිස "ජේසුගේ තෙරේසා " යන නාමයෙන් පැවිදි නිකායන් ආරම්භ කළාය. 1873 ජනවාරි 27 වන දින ඇය පැවිදි නිල ඇඳුම පළඳින අතර නිකායේ ශ්‍රේෂ්ඨ මවුතුමිය ලෙස පත් විය. 1873 මැයි 8 වන දින වැලෙන්සියාවේ දී එම නිකායේ මවු නිවාසය විවෘත කරන ලදී . XIII ලියෝ පාප්තුමා 1887 අගෝස්තු 24 වන දින නිකාය සඳහා නිල සභාඅනුමැතිය ලබා දුන්නේය.

1897 දී රට පුරා කොලරාව වසංගතය පැතිර ගිය අතර, විශ්‍රාම ගැනීමට සිටී සිටි ඇය වසංගතයෙන් රෝගී වූවන් හට උපස්ථාන කිරීමට යොමුවිය. 1897 අගෝස්තු 26 වන දින ලීරියාවේදී ක්ෂය රෝගය හේතු කොට ගෙන ඇය මම අවසාන හුස්ම හෙළීය.

භාග්‍යවරයට එසවීම 1958 අප්‍රේල් 27 දින අති උතුම් xii වන පයස ශුද්ධෝත්තම හිමිපාණන් විසින්.
ශුද්ධවන්ත භාවයට එසවීම 1974 ජනවාරි 27 දින අති උතුම් vi පාවුළු ශුද්ධෝත්තම හිමිපාණන් විසින්.

අතහැර දැමූ, ප්‍රතික්ෂේප කරනු ලැබූ වැඩිහිටියන්ගේ නාමසාන්තුවරිය වන, ශුද්ධ වූ තෙරේසා ජොර්නෙත් ඉබාර්ස් මුනිවරියනි අප නිසා යාච්ඤා කළ මැනව.

#StTeresaofJesusJornetIbars #Prayforus
#Saintoftheday #RVASinhala

'RVASinhala' Facebook, Instagram, X Twitter, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!