ශුද්ධ වූ ජූඩ් තද්දේවුස් මුනිඳුන්

අද දින සුදුවර චරිතයෙන් ඔක්තොම්බර්ව 28වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ ජූඩ් තද්දේවුස් මුනිඳුන් ගැන කතා කරමු.

මෙතුමා ජේසුතුමාගේ හා කුඩා ජාකොබ් තුමාගේ නෑදෑයෙකු වන අතර එතුමාගේ මව වන මරියා, දේව අම්මාගේ ඥාති සොහොයුරියකි. එතුමාගේ පියා වන අල්ෆේවුස්, ජෝසප්ගේ නෑදෑයෙක් ලෙස සඳහන් වේ. 

ජූඩ් අපෝස්තුළු තුමාගේ ප්‍රතිමා, පින්තූර වල ජේසුස් වහන්සේගේ පදක්කම පැළඳ සිටින බවද දැක්වෙයි. මෙය ජන ජන කතා හා බැඳී පවතින්නක් බව පෙනේ. ඉතිහාස ගත්කරු එවුසේබියස් (263-229) සඳහන් කරන ලෙස ක්‍රි.ව. 90 ඩොමිෂින් අධිරාජයාගේ කාලයේ රෝම අධිරාජ්‍යයාට විරුද්ධ ව කැරලි ගැසුවනට දාවිත් වංශයේ වූවන් මර්ධනය කරන ලදී. ජූදාවරුන් දෙදෙනෙකුගේ මුනුබුරන් දෙදෙනෙකු අධිරාජයා වෙතට ගෙනා කල, ඔවුන් සාමාන්‍ය කුලී කරුවන් බවත් මෙලොවින් නොවන නොවන අය බවත් තේරුම් ගෙන ගෙදර යන ලදී.

ඊට සමකාලීනව කියවෙන තවත් කතා පුවතකට අනුව එඩෙස්සා හි රජු අබ්ගාර් ලාදුරු රෝගය වැළඳී මිය යන්නට යන විට ජේසු තුමාට ලිපියක් යවමින් ඒ තමා සුව කරන ලෙස ඉල්ලා ඇත. රජු ව සනසනු සඳහා ඒ රෙද්දක් ගෙන තම මුහුණ පිස දැමූ කල ජේසුස් වහන්සේගේ මුහුණ එහි සටහන් වී ඇත. ජේසුස් වහන්සේ ස්වර්ගාරෝහණය වූ දිනට පසු මෙම මුහුණ ලාංඡනය සහිත රෙදි කැබැල්ල අබ්ගාර් රජු වෙත ගෙන ගොස් තැබූ කල ඔහු සුවපත් විය. පසුව ජූඩ් තුමා සිමියොන් අපෝස්තුලු තුමා සමග පර්සියාවට ගොස් ධර්ම දේශනා කිරීමේ දී ප්‍රාණ පරිත්‍යාගී වී ඇත. ⁣ඓතිහාසික කතා අනුව ජූඩ් අපෝස්තුළුතුමාව කණ්ඩායමක් විසින් පහර දී මරණයට පත් කළ බව කියැවේ.

ශුද්ධවූ ජූඩ් අපොස්තුළු තුමා බලාපොරොත්තු රහිත අවස්ථාවලදී පිහිටවෙන සාන්තුවරයා ලෙස ජනාදරයට පත් ව ඇත. එවන් භක්ති අභ්‍යාසයක් ආරම්භ වීමේ පසුබිම ඇමරිකා එක්සත් ජනපදයේ සිදු වී ඇති ඇති බව සඳහන් වේ. වානේ කම්හල සහිත චිකාගෝ නුවර ග්වාඩලූපේ අප ස්වාමි දුට කැප කර ඇත. දෙව් මැදුරක ක්ලෑරේෂියන් පියවරු සේවය කර ඇත. වර්ෂ 1920 දී ඇතිවූ ආර්ථික අවපාත නිසා කර්මාන්ත බිඳ වැටී ජනයාට රැකියා අහිමිව මහත් පීඩාකාරී තත්ත්වයකට පත් විය ඉන් මිදීම සඳහා ජේමිස් ටෝර්ට් පියතුමා එම දෙව්මැදුරේ ශුද්ධ ව ජුඩ් තුමාගේ මැදිහත්කම පතා නුවානයක් ආරම්භ කර ඇත. මෙම ආර්ථික පීඩනය දෙවන මහා ලෝක යුද්ධය හා වියට්නාම් යුද්ධය සමග තවත් දරුණු අතට හැරිණි. පීඩාවකදී බලාපොරොත්තු රහිත අවස්ථාවලදී යුතු මැදිහත්කම පැතීම පැතිර ගියේය. පසුව මෙම දෙව්මැදුර ශුද්ධ වූ ජුඩ් තදේවුස් මුනිඳුන්ට කැප කළ ජාතික සිද්ධස්ථානයක් බවට පත් වී ඇත.

බලාපොරොත්තු රහිත අවස්ථාවලදී පිහිටවෙන නාමසාන්තුවර අතරමං වූවන්ගේ උදව්කරුවා වන, ශුද්ධ වූ ජූඩ් තද්දේවුස් මුනිඳුනි, අප නිසා යාච්ඤා කළ මැනව.

#StJudeThaddeus #Prayforus
#Saintoftheday #RVASinhala

'RVASinhala' Facebook, Instagram, X Twitter, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!