ලිසියෝ හී ශුද්ධ වූ තෙරේසා මුනිවරිය (ජේසුගේ කුඩා මල)
අද දින සුදුවර චරිතයෙන් ඔක්තොම්බර් 01වන දිනට මංගල්‍යය යෙදෙන ලිසියෝ හී ශුද්ධ වූ තෙරේසා මුනිවරිය (ජේසුගේ කුඩා මල) ගැන කතා කරමු.
1873 ජනවාරි 02 වන දින ප්‍රංශයේ ඇලෙන්කොන්හි දී ලුවී සහ සෙලී මාටින් යන යුවලට දාව උපන් දරුවන් නව දෙනාගෙන් අන්තිමයා වූයේ තෙරේස් මාටින් ය. කෙසේ වෙතත්, වැඩිහිටිභාවයට පත්වීම තෙක් ජීවත් වීමට හැකියාව ලැබූවේ දරුවන් පස් දෙනෙකුට පමණි. තෙරේසාට වැඩි අවධානයක් අවශ්‍ය වූයේ ඇගේ මව මිය යන විට ඇගේ වයස අවුරුදු 4 ක් වූ නිසාය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇගේ පියා සහ සහෝදරියන් ඇයට අවශ්‍ය සෑම දෙයක්ම ලබා දෙමින් රැකබලා ගන්නා ලදී.
1886 නත්තල් දවසේ සවස, ඇයට වයස අවුරුදු 14 දී, ඇගේ ජීවිතය තුළ මහා පරිවර්තනයක් ඇති විය. එතැන් සිට ඇගේ බලවත් ශක්තිය හා සංවේදී බව තමාවම සතුටු කරවීම වෙනුවට සැබැ ආදරය දෙසට යොමු විය. ඒ හේතුකොටගෙන වයස අවුරුදු 15 දී ඇය ලිසියෝ හි කර්මෙල් කන්‍යාරාමයට ඇතුළු වූයේ ඇගේ මුළු ජීවිතයම දෙවියන් වහන්සේගේ ප්‍රේමයට කැප කිරීමට ය. ඇය ජේසු බිළිඳු ගේ හා ශ්‍රී මුහුණේ ආගමික නාමයන් ලබා ගත්තාය.
හුදෙකලාව සරල යාච්ඤා ජීවිතයක් ගත කළ ඇයට දෙවිඳුන් සමඟ ඉතා කිට්ටු සම්බන්ධතාවයක් තිබිණ. රෝගී තත්වයන් සහ සැකයේ හා භීතියේ අඳුරු රාත්‍රීන් තුළ ඇය දෙවියන් වහන්සේට විශ්වාසවන්තව සිටියාය. ක්ෂය රෝගය නිසා නිසා දිගු අරගලයකින් පසු, ඇය 1897 සැප්තැම්බර් 30 වන දින වයස අවුරුදු 24 දී මිය ගියාය. ඇගේ අවසාන වචන වූයේ, "මගේ දෙවියනි, මම ඔබට ආදරේ කරමි" යනුයි.
තෙරේසා ගේ ස්වයං චරිතාපදානය වන "ආත්මයක කතාව" (Story of a soul) හරහා ඇයව ලෝකය දැනගත්තේය. ඇය සිය ජීවිතය විස්තර කළේ “අධ්‍යාත්මික ළමා වියේ කුඩා ක්‍රමයක්” ලෙසයි. ඇය සෑම දිනකම ජීවත් වූයේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය කෙරෙහි නොසැලෙන විශ්වාසයකිනි. "ජීවිතයේ වැදගත් දේ මහා ක්‍රියාවන් නොව මහත් ප්‍රේමයයි" යනුවෙන් ඇය ලිවීය. සෑම කෙනෙකුටම හා සෑම දෙයකටම හොඳින් හා ආදරයෙන් සම්බන්ධ වීමේ අධ්‍යාත්මීය මග එමගින් ඉගැන්වීය. ඇය විශ්වාස කළේ දරුවෙකු තමාට පෙර ඇති දේ කෙරෙහි ඇල්මක් දක්වනවා සේම, අපට දරුවකුට සමාන අවධානයක් සහ මුළුමනින්ම අවධානය යොමු කළ යුතු ප්‍රේමයක් තිබිය යුතු බවයි. තෙරේසාගේ අධ්‍යාත්මය වන්නේ අසාමාන්‍ය ප්‍රේමයකින් යුතුව සාමාන්‍ය දේ කිරීමයි.
ඇය බෙහෙවින් මල් වලට ආදරය කළ අතර, ඇය තමන්ව ම "ජේසුස්ගේ කුඩා මල" ලෙස දුටුවාය. ඇය දෙවියන් වහන්සේට මහිමය අත්කර දුන්නේ දෙවියන් වහන්සේගේ උයනේ අනෙක් සියලුම මල් අතර ඇය ලස්සන කුඩා ආත්මයක් වීමෙනි. මෙම සුන්දර ප්‍රකාශය නිසා “ජේසුගේ කුඩා මල” නාමය ඇයට පටබැඳුණි.
භාග්‍යවරයට එසවීමේ 1923 අප්‍රේල් 29 වන දින අති උතුම් එකොළොස්වන පියුස් ශුද්ධෝත්තම හිමිපාණන් විසින්.
ශුද්ධවන්ත භාවයට එසවීම 1925 මැයි 17 වන දින එකොළොස් වන පියුස් ශුද්ධෝත්තම හිමිපාණන් විසින්.
ධර්මදූතවරුන්ගේ, ඒඩ්ස් රෝගීන්ගේ සහ රෝගීන්ගේ නාමසාන්තුවරිය වන, ලිසියෝ හී ශුද්ධ වූ තෙරේසා මුනිවරියනි, අප නිසා යාච්ඤා කළ මැනව.
#StThereseofLisieux #Prayforus
#Saintoftheday #RVASinhala
'RVASinhala' Facebook, Instagram, X Twitter, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!