ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පැපුවා නිව්ගිනියාවට

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පැපුවා නිව්ගිනියාවට
සැප්තැම්බර් 6 වෙනිදා සිට 9 වෙනිදා දක්වා යාච්ඤාවේ සහ ඇදහිල්ලේ අපෝස්තලික සංචාරය
ආසියාවේ සහ ඕෂනියාවේ අපෝස්තලික සංචාරයේ කොටසක් ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පැපුවා නිව්ගිනියාවේ සංචාරය කරනු ඇත. මෙම සංචාරය සඳහා වන ලාංඡනය මඟින් පැපුවා නිව් ගිනියාවේ සුන්දර හිරු උදාව සහ හිරු බැස යෑම සංකේත කරමින් වර්ණ ගැන්වූ කුරුසය මත රටෙහි සංකේතයක් වන පාරාදීසයේ කුරුල්ලෙකු නිරූපණය කරයි. සංචාරයේ ආදර්ශ පාඨය සරල ය, "යදින්න", ලූක් 11 වන පරිච්ඡේදයේ, 1 වන වගන්තිය වන, “ස්වාමීනි, අපට යාච්ඤා කිරීමට උගන්වන්න” යන ශුද්ධ ලියවිලි පාඨය ඇසුරින් එය සකසා ඇත. එය පැපුවා නිව්ගිනියාවේ වැසියන්ට ඔවුන්ගේ ඇදහිල්ල සහ යාච්ඤාව තුළින් දෙවියන් වහන්සේ සමඟ ඇති සම්බන්ධය ශක්තිමත් කිරීමට දිරිගන්වයි.
පැපුවා නිව්ගිනියාව ලොව තුන්වන විශාලතම දූපත් රාජ්‍යය වන අතර මිලියන 10 කට අධික ජනතාවක් වෙසෙන භාෂා 840 කට වඩා වැඩි සංඛ්‍යාවක් කතා කරන, භාෂාමය වශයෙන් විවිධත්වයෙන් යුත් රට වල මුල් තැන ගනී. මෙම විවිධත්වය තිබියදීත්, ජනතාව ඔවුන්ගේ ඇදහිල්ලෙන් එක්සත් වී සිටින අතර, සියයට 70 ක් ක්‍රිස්තියානි ලෙස හඳුනාගෙන ඇති අතර, ඉන් සියයට 26ක් කතෝලිකයන්ය. ෆ්‍රැන්සිස් පාප්තුමාගේ සංචාරය පැපුවා නිව්ගිනියාවේ වැසියන්ට යාච්ඤාවෙන් එකට එකතු වී ඔවුන්ගේ ඇදහිල්ල මෙනෙහි කිරීමට කාලයක් ලබා දෙයි. එමෙන්ම යාච්ඤාවේ බලය මඟින් මිනිසුන් එකට එක් කරන බව සෑම කෙනෙකුටම සිහිගන්වමින් බලාපොරොත්තුවක් ලබා දෙයි.

සසුන් පිය සංචාරයේ වැදගත් තොරතුරු වෙරිටාස් සිංහල සේවයෙන් බලාපොරොත්තු වන්න.

#PopeFrancis #PopeVisit #RVASinhala
'RVASinhala' face book,Instagram,Twitter පිටුව like කරන්න,comment කරන්න,share කරන්න,
YouTube චැනලය Subscribe කරන්න.ස්තූතියි...!