දහම් සර පාද නමස්කාරයේ ස්ථාන දස සතර By Sinhala Service, 22 March, 2024 # පළමු ස්ථානය ජේසු ස්වාමිදරුවෝ මරණයට තීන්දුව ලබන සේක.... ජේසුව මරණයට තීන්දු කළේ ඇයි. ජේසුගේ ඉගැන්වීම්, ක්‍රියාවන් හා ජීවිතය ඔවුන්ගේ පැවැත්මට අභියෝගයක් වූ නිසා, ජීවිතය වෙනුවට මරණය මතු කර පැවති සියලු ආකාර අධිරාජ්‍යවාදයන්ට එතුමා විරුද්ධ වු නිසා, පැවති රෝම අධිරාජ්‍යවාදී රාජ්‍ය වෙනුවට දේව රාජ්‍ය සඳහා ක්‍රියා කළ නිසාය. අපේ කාලය තුළ.... ■ බලවතුන්, මූලිකයින්, පාලකයින් ජීවිතය වෙනුවට මරණයේ පැවැත්ම තහවුරු කරන්නෝ නොවේ ද? ■ ජනතාව වන අපි ජේසුව වෙනුවට බරබ්බාස්ව ඉල්ලන පාලකයින්ගේ අධිපති මතයේ වහල්ලුද? ■ යුද්ධයෙන් ජාතික ප්රශ්නය විසදුවා යන මතයේ පංගුකරුවෝද? සමිඳුනි, එදිනෙදා ජීවිත පැවැත්මේදි ද රටේ ලෝකයේ ප්‍රශ්න වලදී ද මරණය වෙනුවට ජීවිතය තෝරාගන්නටත් අද දවසේ ඔබව පාවා දෙන්නන් නොවෙන්නටත් වරම් දුන මැනව. # දෙවන ස්ථානය ජේසුතුමන්ගේ ශ්‍රී කරපිට කුරුසිය තබති. ‘කුරුසිය දරාගෙන මා අනුව නොඑන තැනැත්තාට මාගේ ගෝලයෙකු විය නොහැකිය’ කුරුසිය කිතුනුකමට අනිවාර්්‍ය වේ. කුරුසියෙන් තොර ගැලවීමක් නැත. ජේසුගේ කරපිට කුරුසිය තැබුවාද? ඔව්, පාලකයින්ගේ අධම තුච්ඡ දඩුවම වන කුරුසියේ මරණය පාලකයින් ජේසු පිට පැටවූවා. එයින් ප්‍රකාශ කළේ අපේ ධන බල රාජ්‍යයට විරුද්ධ වන්නාව අප විනාශ කරනවා යන පාලක සිරිතයි. ජේසු කැමැත්තෙන් කුරුසිය බාර ගත්තාද? ඔබ්, හැබැයි ඒ පාලකයින්ගේ මරණය ගෙන දෙන කුරුසිය නොවෙයි. ජීවිතය ගෙන දෙන දේව කැමැත්ත ඉටු කිරිමට යාමේදි ලෝකයේ කැමැත්ත හරස්වීම් නැමැති කුරුසිය ඔහු කැමැත්තෙන් බාර ගත්තා. ඒ නඩු ශාලාවේදි නොවෙයි. අවුරුදු 12 වන විටත් ජේසු ඒ කුරුසිය බාරගෙන තිබුණා. අපේ කාලය තුළ.... ■ බලවතුන් තම මතයට අවනත නොවන අය විනාශ කරනවා නේද? ■ පවුල තුළ රට තුළ දේව කැමැත්ත ඉටු කිරිමට යාම නිසා අත්දකින අරගලයක් පීඩාවක් කුරුසියක් ඔබ අත්දකිනවාද? ■ ලෝකය සම්මතයට අනුගත වෙමින් මේ ලෝකයේ සැපත සොයනවාද? දේව සම්මතයට අනුගත වෙමින් කුරුසිය අත්දකිනවාද? සමිඳුනි, අපේ පෞද්ගලික ලෙඩදුක් කරදර කුරුසිය ලෙස සලකා සැබැ කුරුසිය අමතක කොට කුරුසියෙන් තොර ව්‍යාජ ශ්‍රාවකත්වයෙන් මා මුදාගත මැනව. # තුන්වන ස්ථානය ජේසු තුමන් කුරුසියේ බරෙන් පළමු වර බිම වැටෙන සේක.. ‘ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කරන්නට කිසි සේවකයෙකුට නුපුළුවන. දෙවියන් වහන්සේටත් වස්තුවටවත් සේවය කරන්න ඔබට බැරිය’ ධනය සොයා ගෙන එකෙකු නැගෙන විට දෙනෝ දහක් වැටුණා. වැටුණු දනන් දිවි ගොඩනංවන්නට ඔබ ලොව තුළ වැටුණා. ජේසු ධන තන්හාව ප්‍රතික්ෂේප කළාද? ඔව්, ලෝකයේ ජනතාව දුකට, වේදනාවට පත් කරන මූලික පාපයක් ධන තණ්හාව උන්වහන්සේ ප්‍රතික්ෂේප කළා. අපේ කාලය තුළ.... ■ දිනකට කුසගින්න නිසා ළමු 25000 ක් මිය යයි. ■ ලෝක බැංකුව වැනි ආයතන බලවත් රටවල ලාභය සඳහා දුප්පත් රටවල් ණය උගුලක හසුකර ඇත. ■ ලංකාවේ පවා ජනතාවගේ මුදල් වංචා කළ සමාගම්වල කළමනාකාර වැටුප ලක්ෂ 65 කි. සේවකයන්ට සොච්චමකි. ■ රටවල් පමණක් නොව පුද්ගලයින්ද ණය උගුලේ පැටලී ඇත. සමිඳුනි, ධන තණ්හාවෙන් වැටුණු ලෝකය ගොඩ නගන්නට ඔබ හිස් වී, පහත් වී ක්‍රියා කළා සේ ධනයට හා ධනය මුල් කරගත් ක්‍රමයට ස්වාමිත්වය නොදී ඔබට ස්වාමිත්වය දීමට බලය දුන මැනව. # හතරවන ස්ථානය ජේසු තුමන්ට කුරුස ගමනේදි සිය මෑණියන් සම්මුඛ වන සේක. ‘මාගේ මෑණියොත් සහෝදරයොත් නම් දෙවියන්වහන්සෙගේ වචනය අසා එය පිළිපදින්නෝ වෙති’ ජේසු තුමාන්ගේ මෑණියන් මෙන් වීමට කැඳවීමක් අපට ඇත. කිතුනු විමුක්ති මාර්ගයට එය අත්‍යාවශ්‍යය. ජේසුගේ මරණයට මරියතුමියත් වගකිව යුතුද? ඔව්, ජේසු තුමන්ට එතුමිය දුන් අධ්‍යාත්මිකත්වය, එනම් දේව කැමැත්ත ඉටු කිරිම ප්රමුඛ කර නොවන්නට ජේසුතුමන්ට මේ මරණය අත්වන්නේ නැත. මරිය තුමිය භාග්‍යවන්ත වන්නේ දේව වචනය අසා මෙනෙහෙිකර එය පිළිපැදීම නිසයි. ‘ඔබ කී ලෙස මට සිදුවේවා’ යනුවෙන් මල් උයනේ යැදුම මුලින්ම කළේ එතුමියයි. එතුමිය ලෝකයේ කැමැත්ත කරන්න දරුවා පෙළඹූවා නම් විමිුක්තිය ලොවට අහිමි වේ. අපේ කාලය තුළ... ■ අපේ දරුවන්ට අප දෙන අධ්‍යාත්මිකත්වය කුමක්ද? මේ ක්‍රමය තුළ ලොකු මිනිස්සු වීම නොවේද? ■ අපේ දරුවන් උරුම කරගන්නේ මේ ක්‍රමයට අනුගතවීම නිසා උදාවන සිරොසිස්, හෘදයාබාද, දියවැඩියාව, සමාජ රෝග ආදි මරණය මිස කිතු තුමන් මෙන් විමුක්තිදායක මරණද? ■ මරියතුමියගේ විමුක්තිදායක ප්‍රතිරූපය වෙනුවට අප සුකුමල මල් කුමරියක මතු කර එතුමියගේ අධ්‍යාත්මිකත්වය යට කරන්නට දායක වෙනවාද? ■ රක්ත හීනතාවයෙන් පෙළෙන, දුක් විඳින මැද පෙරදිග, ලෙල්ලම්, තේ, රබර් වතුවල, වෙළඳ කලාපයේ, වන්නියේ යුද වැන්දඹු වූ දුක් විඳින මව්වරුන් තුළ මරියාවන්ව දකිනවාද? සමිඳුනි, මරියාවන් තුළ පැවැති ජීවිත ආකල්පය අනුව අපගේ දරුවන් හදා වඩන්නට මරියාවන් සේ විමුක්ති ගමනේ නොබා ගමන් ගන්න දිරිය දෙන්න. # පස්වන ස්ථානය ජේසුතුමන්ගේ කුරුසිය ගෙනයාමට සිරේනියේ සිමොන් ජේසු තුමන්ට උදව්වෙයි. ‘මගේ මේ සහෝදරයන්ගෙන් ඉතාම සුළු තැනැත්තාට වූවද ඔබ එසේ කළා නම් එය කළේ මටයි. ජේසු ජීවමානව වැඩ ඉන්නේ විශේෂයෙන් පීඩිතයින් තුළයි. ඒ පීඩිතයාව මුදා ගැනීමෙන් තොරව ජේසුට ප්‍රේම කළ නොහැක. සිරෙනියේ සිමොන් විමුක්ති ගමනට දායක වුනාද? ඔව්, ජුදයින් බලහත්කාරයෙන් ඔහුව කුරුසිය ගෙනයාමට යොමු කළත් ඒ ක්‍රියාව තුළින් ඔහු විමුක්ති ගමනට දායක වූවා. සිමන් පේදුරු සැඟවෙද්දී සිරේනියේ සිමොන් ජේසු පසු පසින් ආවා. ඔහු ජේසු තෝරාගත් ගෝලයෙක් නෙවෙයි. නමුත් ජේසුට ආදරය කළ කෙනෙක්. බොහෝ විට අපි අකමැති දේ තුළ යහපත තිබෙනවා. නොකර බැරි නිසා කළත් ඒ තුළ නිදහස තිබෙනවා. අපේ කාලය තුළ... ලස්සන සුන්දර දරුවෙක් සිපගන්න අපි කැමැතියි. ඒත් නාවර පෙරාගත් දරුවෙකු වැළඳගන්න අපි අකමැතියි. ලෝකය වඩා යහපත් තැනක් වෙනවාට අපි කැමතියි. ඒත් එය වඩාත් යහපත් තැනක් කරන්නට වෙහෙස වෙන්න අපි අකමැතියි. අපේ වයසක මව්පියන් ලස්සනට ඉන්නවට අපි කැමැතියි. ඒත් ඔවුන් කැත කුණු පෙරාගෙන ලෙඩ වූ විට ඔවුන්ට සාත්තු කරන්න අපි අකමැතියි. බහුතර මතයට අවනව පිළිගැනිමක් ලබන්න අපි කැමැතියි. හරි දෙයට සාක්ෂි දරලා ලේබල් ගහගෙන කොන් වෙන්න අපි අකමැතියි. සමිඳුනි, අපි අකමැති නමුත් ඔබ කැමති දේ තුළ ඔබව දකින්නට විශේෂයෙන් සමාජයේ තැළුණු පෙළුණු පීඩිතයා තුළ ජීවමානව තනි වු දුක් විඳින ඔබට ආදරය කරන්නට අපිට දිරිය දුන මැනව. # හය වන ස්ථානය ‘වෙරොනිකා නම් භක්තිවන්ත ස්ත්‍රීය ජේසු තුමන්ගේ ශ්‍රී මුහුණ පිස දමයි’ ‘යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝය. ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේය’ යුක්තිය උදෙසා සා පිපාසා වීමත්, පීඩා විඳිමත් නොමැතිව දේව රාජ්‍ය උරුම කරගත නොහැකිය. වෙරොනිකා තුළ යුක්තිය උදෙසා පිපාසයක් තිබුණාද? ඔව්, වෙරොනිකාගේ චරිතය අපට පෙන්වා දෙන්නේ යුක්තිය උදෙසා පිපාසාවෙන් පෙලෙන ඒ උදෙසා පීඩා විඳිමට මැලි නොවන භාග්යවන්තියකගේ සොබාවයයි. දේශ ද්‍රෝහියෙකු ලෙස හංවඩු ගැසු, රාජද්‍රෝහියකු ලෙස මරණයට ගෙන යන ජේසුතුමන්ගේ මුහුණ පිස දැමීම මරණය වුව උරුම විය හැකි අවධානමක් ගැනීමකි. කාමුක රෝම සොල්දාදුවන් ඉදිරියේ ස්ත්‍රීයක ලෙස එසේ ඉදිරිපත් වීම සුවිශේෂි නිර්භීත බවකි. අපේ කාලය තුළ... ■ ස්ත්‍රීන් ලෙස අපේ සා පිපාසාව අලුත් මෝස්තර, රූපලාවන්‍ය, රත්තරන් බඩු, බොළඳ ටෙලි නාට්‍යද? යුක්තිය හා ධර්මිෂ්ඨකමද? ■ පුරුෂයින් ලෙස අපි ස්ත්‍රීය සළකන්නේ දුර්වල ළඳ, බොළඳ අයකු ලෙසද? සැබැවින්ම වඩා ශක්තිමත් ස්ත්‍රීයයි. ලංකාව් දිවි නසා ගැනීම් වලින් 2/3 කටත් වඩා ඉදිරියෙන් සිටින්නේ පිරිමිය. ■ වෙරොනිකාසේ භාග්‍යවන්තියක වීමට අපගේ ස්ත්‍රී පිපාසය වෙනස් කරමු. වෙරොනිකා සේ භාග්‍යවන්තියක වීමට අපේ පුරුෂ ආකල්පය වෙනස් කර ඉඩ දෙමු. සමිදුනි, පුරුෂයින් සැඟවි පසු බා සිටි ඔබගෙ කුරුස ගමනේදි යුක්තිය උදෙසා පිපාසාවෙන්ද පීඩා විඳීමට කැමැත්තෙන්ද ඉදිරිපත් වු වෙරොනිකා සතු වූ නිර්භීත බව අපටද දානය කළ මැනව. # හත්වන ස්ථානය. ජේසුතුමන් කුරුසියේ බරින් දෙවන වර බිම ඇද වැටෙන සේක. ‘විජාතිතින්ගේ ආණ්ඩුකාරයින් ඔවුන් කෙරෙහි ආධිපත්‍යය පවත්වන බවත් ඔවුන්ගේ ප්‍රධානින් ඔවුන් කෙරේ බලය පවත්වන බවත් ඔබ දන්නාහුය. එහෙත් ඔබ අතර එසේ නොවිය යුතුය.’ බලය දෙවියන් අත පමණි. දෙවියන්ගේ බලය මිනිසුන්ට ලැබෙන්නේ සේවක නායකත්වයක් සඳහා පමණි. ජේසු බල කාමය ප්‍රතික්ෂේප කළාද? ඔව්, ලෝකය තුළ කෝටි සංඛ්‍යාත ජනතාව පාගා දමන මූලික පාපයකි. බල කාමය! ජේසු බල කාමයට ඇති පරීක්ෂාව ජය ගන්නවා. (ලුක් 4/3-4) ලෞකික රජෙකු වීම ඉවතලා කොටළුවකු පිට එන අහිංසාවාදා නායකයෙකු වෙන්නේ ආධිපතින්ගේ බල කාමය නිසා වැටෙන ජනතාව ගොඩනඟන්නයි. බයිබලය පුරාම දෙවියන් හැර මිනිස් රජවරුන්ගේ බලය පෑම ප්‍රතික්ෂේප කර ඇත්තේ එම බලය දුක ජනිත කරන නිසාය. අපේ කාලය තුළ.. ■ දුෂණ, වංචාව, මැරකම් කරන, පොදු දේපල කොල්ලකන මේ රාජ්‍ය ක්‍රමයට හිස නමන දේශපාලකයින්ව ආගමේ නාමයෙන් හෝ තමන්ට වන වාසියේ නාමයෙන් හෝ අගය කිරිම බොරු දෙව්වරුන් නැමදිමක් නොවේද? ■ මිනිසුන්ට වඩා විශාල අත්තනෝමතික බලයක් විධායකයට හිමි රටේ පවතින දේශපාලන ක්‍රමය ජේසු දහමට අනුව පාපිෂ්ඨ නොවේද? ■ පලස්තීනයේදීද ඇෆ්ගනිස්ථානයේදීද ලංකාවේදීද සිරියාවේදීද ආදි ලෙස බලවතුන් විසින් තම පැවැත්ම සඳහා දියත් කළ කරන යුද්ධ මගින් දහස් ගණන් ජනතාව මිය යෑම ‘ත්රස්තවාදයට එරෙහි යුද්ධය’ මානුෂික මෙහෙයුම්‘ ලෙස සාධාරණිකරණය කිරිම කිතුනුකමද? සමිඳුනි, ලෝක බලවතුන් ලෝක පරිමාණවද, දේශීය පාලකයින් දේශීයවද ප්‍රාදේශීය පාලකයින් ප්රාදේශියවද තම බලකාමය මගින් ජනතාව තලා පෙලා දැමීම කවර ආකාරයකින්වත් සාධාරණිකරණය කිරිම ඔබේ බලයට විරුද්ධ පාපයක් බැවින් එසේ නොකිරිමට දිරිය දුන මැනව. # අටවන ස්ථානය ජේසුතුමන් ජෙරුසලම් ස්ත්‍රීන් සනසා වදාරණ සේක. ‘ජෙරුසලමේ දූවරුනී, මා නිසා නොහඬන්න. ඔබ හා ඔබේ දරුවන් නිසාම හඬන්න’ ජේසුගේ දුක් ප්‍රාප්තිය ගැන දුක්වීම අර්ථ විරහිතය. දේව රාජ්‍ය පමා කරන අපේ වහල්කම් ගැනය අප පසුතැවිය යුත්තේ. ජේසුගේ වචන ජෙරුසලමේ ස්ත්‍රීන්ව සැනසීමක්ද? ඔව්, ඒ වචන චාටු බසක් නොවේ. බොරු නැලවිල්ලක් නොවේ. අභියෝගයකි. සැබැ සැනසීම ළඟාවන්නේ සැබැ සිත් හැරීමෙන් පමනි. ඔබගේ පාපයත් ඔබේ දරුවන්ගේ ඉරණමත් උදෙසා පසුතැවි ඒ විනාශකාරි ඉරණම වෙනස් කරනු සඳහා ඔබගේ පාප මාර්ග උත් හරින්නයි ඇරයුමක් ඒ තුළ තිබේ. එසේ කිරිමෙන් තොරව කොතරම් යාච්ඥා කළත් ඉන් ඵලක් නොවේ. අපේ කාලය තුළ... ■ පියවරු ඇඹුල් මිදි කෑහ. දරුවන්ගේ දත් හිරිවැටුනේ යැයි බයිබලය පවසයි. දිනෙන් දින වැඩිවන විරැකියාව, ලොව පුරා සිදුවන ස්වභාවික විපත්, සිවිල් යුද්ධ, සමාජ රෝග ව්‍යාප්තිය, සනීපාරක්ෂක පහසුකම්, සෞඛ්‍ය පහසුකම්, ජලය නොමැතිකමින් මිය යන මිලියන ගණන් ජනයා මේ සියල්ල දේව කැමැත්ත නොව පියවරුන්ගේ වැඩිහිටියන්ගේ පාපයයි. ■ තුන්වෙනි ලෝකයේ රටවල් සියල්ල සනීපාරක්ෂාව සඳහා වැය කරන මුදලට වඩා මුදලක් යුරෝලය අයිස්ක්‍රීම් සඳාහා වැය කරයි. ■ පසුගිය වසර 50 තුළ ඊට පෙර වසර 500 ක් තුළ කළ පරිසර හානියට වඩා හානියක් ලෝකයට ධනවල් රටවල් කර ඇත. ■ තුන්වෙනි ලෝකය මූලික අධ්‍යාපනයට වැය කරන මුදලට වඩා වැඩි මුදලක් ඇමරිකාව රූපලාවන්‍ය සඳහා වැය කරයි. ■ වැඩිහිටියෝ ලෝක තුළ වස්තුව, මාන්නය සොයා අසිමිතව වෙහෙසෙති. දරුවෝ ආදරය නැතිව අසරණව වෙසෙති. සමිදුනි, අපගේ පව් මගින් මිදෙන්නට, දරුවන් උදෙසා එසේ කරන්නට දිරිය දුන මැනව. # නව වෙනි ස්ථානය ජේසු ස්වාමි දරුවෝ කුරුසියේ බර්න් තුන්වෙනි වරටත් බිම වැටෙන සේක. “මේ පරම්පරාව නපුරු එකකි. ඔව් හු හාස්කමක් සොයති. එහෙත් ජෝනා හැර වෙන හාස්කමක් ඔවුන්ට නොදෙනු ඇත.” ක්‍රිස්තියානියේ පැවසෙන විමුක්තිය හාස්කමකින් ඇති වන්නක් නොවේ. එය කිුනු ප්‍රතිපත්ති ජීවත් කිරිම මගින් ඇති වන්නකි. ජේසු යසස් කාමය, කීර්තියට ඇති ආශාව ප්‍රතික්ෂේප කළාද? ඔව්, ලෝකය තුළ විශාල පරිමාණයෙන් මිනිසුන් පීඩාවට පත් කරන මූලික පාපයක් වන්නේ යසසට ඇති ආශාවයි. ජේසු යසස් කාමයට ඇති පරීක්ෂාව ජය ගන්නවා. (ලුක් 4/9-12) හාස්කම් පෑමෙන් ප්රාතිහාර්ය පෑමෙන් ලැබෙන කීර්තිය හිස් කර නීච කරනු ලැබුවෙකුගේ තත්තවය වැළඳගෙන උන්වහන්සේ ජීවත්වන්නේ යසස සොයා යාම නිසා පීඩාවට පත්වූවන් ගලවා ගන්නටය. උන්වහන්සේ ප්රාතිහාර්ය පෑම, රෝගීන් සුව කිරිම පමණක් කළා නම් උන්වහන්සේව ඇණ ගසා මරන්නේ නැත. අපේ කාලය තුළ... ■ ඇතැම් රටවල් සුපිරි බව පෙන්වීමට තම ප්රතිරපය ගොඩනැගීමට අභ්‍යාවකාශ ගත වන්නේ කෝටි සංඛ්‍යාත ජනතාවක් නූගත්කමේ සිටියදීය. ■ දේශපාලකයෝ තම ප්‍රතිරූපය ගොඩනගා ගැනීම සඳහා කෝටි ගණන් වැය කරන්නේ දූෂණය හොරකම මගිනි. ■ සුපර් ස්ටර්ස්ලා ඩි්රම් ස්ටාර්ලා හෝ සරල සිල්ලර රූපවාහිනි වැඩසටහන් වලට මූන පෙන්නීම්, ගුවන් විදුලි නාලිකා වලට අමතා කතා කිරිම තම තම නම ප්‍රකාශ කර ගැනීමේ යසස් කාමයේම ප්‍රතිඵල වේ. ■ තම ජාතියේ, ආගමේ කුලයේ විශිෂ්ඨත්වය ප්‍රකාශ කරමින් අන් අය හෙලාදැකිමද යසස් කාමයම නොවේද? තමා ඉහල යන විට දුප්පත් මව්පියන් නෑයන් අමතක කිරිම යසස් කාමයම වේ. සමිදුනි, යසස සොයා යද්දී තව බොහෝ දෙනා ඉන් දුකට පත්වන බව දැක යසසට යට නොවීමේ දිරිය දුන මැනව. # දහවෙනි ස්ථානය ජුදයෝ ජේසු තුමන්ගේ වස්ත්‍ර කඩා දමති. “එවිට ඔවුන් දෙදෙනාගේම ඇස් පෑදි තමන් නග්නව සිටි බව ඔව් හු තේරුම් ගත්හ.” සැබැ නිරුවත යනු ඇඳුම් නැතිකම නොවේ. පාපයෙන් ආත්මය අසරණ කර ගැනීමයි. අසරණයා අසරණ නිසා පෙලීම සමිඳුන් අනුමත නොකරයි. ජේසුගේ වස්ත්‍ර කඩා දැමීමෙන් ජේසු අසරණ වුණාද? නැත. එමගින් මතු වී පෙනුනේ ජේසුගේ නොව ජේසුව නිරුවත් කළ බලකාමි ධනකාමි යසස්කාමි ක්රමයේ නග්න බවයි. වස්ත්‍ර ලිහා දැමීම මිනිසෙකුව අසරණ කිරිමේ දරුනු ආකාරයකි. ජේසුව නිරුවත් කිරිමෙන් පාලකයෝ කීවේ අපේ රාජ්‍ය තුළ නුඹට ඇඳුමවත් උරුම නැත යන්නයි. නමුත් ජේසු තුමන් පෙන්වා දුන්නේ අසරණයාගේ අසරණකමින් ප්රායෝජන ගනිමින් ඔහුව සූරා විනාශ කරන පාලන ක්රමයේ නිරුවතයි. ජේසු පැමිණියේ ඒ අසරණකම මකා දමන්නයි. අපේ කාලය තුළ.... ■ ඇඳි වතත් අහිමි දහස් ගණන් සිටියදී විලාසිතා ළඟ දණින් වැඩි රූකඩ බවට පත්වීම ජේසුව නිරුවත් කිරිමක් නේද? ■ අසරණයාව තව තවත් පෙළෙන අසරණකමින් අයුතු ප්‍රයෝජන ගන්න ක්‍රමය වෙනස් කිරීමට කිසිවක් නොකර සිටීම ජේසු දහම නිරුවත් කිරිමක් නොවේද? ■ නිරුවත, අඩ නිරුවත හා ලිංගිකත්වය උත්කර්ශයට නංවා සියලු බඩු භාණ්ඩ විකුණාදමන වෙළඳ ලෝකය ඉදිරියේ මුනිවත රැකීම ධර්මයේ සළුපිළි උනා දමා අධර්මයේ සළු පිළි පොරවා ගැනීමක් නොවේද? සමිඳුනි, මිනිස් බව තුල ඇති දුබලකම් ප්‍රයෝජනයට ගෙන ඔහුව පාවිච්චි කරන, තලා පෙලා දමන මේ නග්න සමාජ ක්රමයේ තවත් නග්න මිනිසෙකු නොවී ඉන්නට දිරිය දුන මැනව. # එකොලොස්වෙනි ස්ථානය ‘ජේසු තුමන්ව කුරුසියට තබා ඇණ ගසනු ලබයි’ ශරීරය නැසුවත් ආත්මය නසන්නට නුපුළුවන් අයට බිය නොවන්න. ශරීරයේ ඉරණම දුහුවිල්ලයි. සැබැ කිතුනුවා බියවන්නේ ශාරීරික මරණයට නොව අධ්‍යාත්මික මරණයකටයි. ජේසු තුමා අදත් ඇණ ගසනවාද? ඔව්, ක්‍රිස්තු ශරීරය අදත් ඇණ ගසනු ලබයි. ක්‍රිස්තු ශරීරය යනු මුළු මිනිස් සංහතියයි. මුළු මහත් මැවිල්ලයි. විමුක්තියේ නිදහසේ ආත්මීය සා පිපාසාවෙන් පෙලෙන මුළු මහත් මැවිල්ලයි. ජේසු තුමන් ශාරීරිකව දුර්වල වූවත් ආත්මිකව ශත්කිමත්ව මුහුණ දෙන්නේ ඇණ ගැසුවත් තමාව විනාශ කළ නොහැකි බව දන්නා නිසාය. ගැලවීම විමුක්තිය ලැබිය හැක්කේ ක්‍රිස්තු ශරීරය පිළිබඳ ඒ අධ්‍යාත්මිකත්වය තුළ පමණි. සොයුරු සොයුරිය තුළ සතා සිව්පාව තුළ ක්‍රිස්තුන් වහන්සේව දැකීමේ අධ්‍යාත්මය තුළයි. අපේ කාලය තුළ ■ විශ්වීය ශුද්ධාත්ම ක්‍රිස්තු දේහය පීඩාවට පත්වෙද්දි ඒ ගැන අසංවේදිව තම තමන් පෞද්ගලික ලෝකවල හිරවී සිටිම අධ්‍යාත්මික මරණයන් නොවේද? ■ අපේ රට තුළ ජේසුතුමන්ගේ සිරුර ඇණ ගසා නැතිද? එතුමාගේ හිස උතුරේ හා දකු දෑත නැගෙන හා අවරගිර යැයි සිතුවොත් ඒ සිරුරෙන් ලේ ගලා යනවා නේද? ■ වයසට යන අම්මාට තාත්තාට සළකන්නට බැරි, කැපී පෙනෙන දක්ෂතා නැති දරුවාව පිළිගන්න බැරි, අන්ජාතින්ද අපි වගේ මිනිසුන් බව පිළිගරැන්න බැරිකම ආත්මීය මරණයක ලක්ෂන නොවේ? වංචාව දූෂණය මැරකම සාමාන්‍ය දෙයක් ලෙස සැලකීම අධ්‍යාත්මික මරණයක ලක්ෂණ නොවේද? සමිඳුනි, ඔබට ඇණ ගැසුවත් ඉදිරියේ ඔබ පෑ නිර්භීතභාවය ශරීරය මරා දැමුවත් ආත්මය නසන්නට බැරි අයට බිය නැතිකමේ ප්‍රතිඵලයක් බව දනිමි. ඒ අධ්‍යාත්මිකත්වයෙන් අපව පිරවුව මැනව. # දොළොස්වෙනි ස්ථානය ජේසුතුමන් කුරුසියේ උකුත් වන සේක. උන්වහන්සේ අබිමුවෙහි සිටි ශතාධිපතියා උන්වහන්සේ මෙසේ අපවත්ව වදාළ බව දුටු කල ‘සැබවින්ම මේ මනුස්යා දෙවියන් වහන්සේගේ පුත්රයාණෝම’ යැයි කීය. දේව පුත්රභාවයේ සළකුණ වන්නේ දේව රාජ්‍ය උදෙසා වැයවීමයි. දිවි දීමයි. දේව පුත්රභාවය ලැබෙන්නේ පිළිවෙත් මගින් නොවේ. දේව පුත්රභාවය සඳහා දුක් විඳිම අනිවාර්යයද? ඔව්, දෙවියන්ගේ පුත්‍රයා දුක් විඳින සේවකයා වේ. ශතාධිපතියා ජේසු තුමා දේව පුත්‍රයා බව හඳුනාගන්නේ දේව රාජ්‍ය උදෙසා ජීවිතය පූජා කළ ආකාරය තුළිනි. උන්වහන්සෙගේ දුක් වේදනා නැමැති කුසලානයෙන් පානය කිරිම ක්‍රිස්තු ශ්රාවකත්වයට අනිවාර්්‍යය වේ. කුරුසියේ මරණය, මෙහෙවර සම්පූර්ණ කිරිමකි. සියල්ල සම්පූර්ණයි. ඔබ වහන්සේත් මාව අතහැරලා වගෙයි. ඒත් මා ඔබේ කැමැත්ත වෙනුවෙන් අන්තිම හුස්ම පොදත් හෙලනවා. දෙවියන් උදෙසා සියල්ල අහිමි මොහොත සම්පූර්ණ වන මොහොතයි. අපේ කාලය තුළ ■ අපේ දේව පුත්රභාවය ප්‍රකාශ වන්නේ අපේ මංගල්‍ය, වත් පිළිතේ තුළින් පමණද? ■ අපේ දේව පුත්රභාවය දේව රාජ්‍යය, සාධාරණයේ රාජ්‍ය ගොඩනැගීම සඳහා අපගේ වෙහෙසවීම් දුක් විඳිම කැපවීම් තුලින් ප්‍රකාශ වෙනවාද? ■ යුක්තිය සාධාරණය අයිතිය ගැන හඬ නඟන අයව අප පිළිකුල් කරනවාද? කරදරකාරයින් සේ සලකනවාද? ■ අපි සත් ගුණවත් යැයි සිතන්නේ ප්‍රේමයේ ලෝකයක් සඳහා කැපවන අරගල කරන අයවද? සමිඳුනි, ජීවිතයේදි මෙන්ම මරණයෙන්ද අපට ඔබගේ දේව පුත්‍රභාවයට සාක්ෂිකරුවන් වීමට වරම් දෙන්න. # දහතුන්වැනි ස්ථානය ජේසුතුමන්ගේ ශ්‍රී සිරුර මරියතුමියගේ උකුලෙහි සතපනු ලබන සේක. ‘මරියතුමිය එකි සියල්ල සිත්හි නිදන් කොට මෙනෙහි කළාය.’ අවසාන වශයෙන් වැදගත් වන්නේ අප සිතන දේ නොව දේව අභිමතයට අපි නතුවීමයි. කුරුස පාමුල මරියාවන් අභාග්‍ය සම්පන්නද? නෑ. මරියතුමිය සතු වූ දේව කැමැත්ත මෙනෙහි කරන හදවතින් බලන විට ඇය අභාග්‍ය සම්පන්න නැහැ. තම එකම පුතු මරණයට පත්වෙද්දි ඇය විමුක්තියේ මාවත තුළ ගමන් ගන්නා දහස් ගණන් දරුවන්ගේ සදාතන මව වී තිබේ. මිනිස්කම තුළ කඳුළක් නැගෙන්නට ඇති. ඒත් ඈ උදම් ඇනු ලෙස උඩගු සිත් ඇත්තන් විසුරුවා හැර මහ නරපතින් සිහසුන් වලින් පහත හෙලා දිනයන් උසස් කරන්නට නම්, සමිදුන්ගේ දයාව පරපුරෙන් පරපුරට සඳහටම පවනින්ට නම් මේ ‘මිල’ ගෙවිය යුතු බව ඕ දැන සිටියය. ‘නොදැන උන් පුතුනේ සඳුන් ගස තැලුවේ. සුවඳ ගව් සිය පැතිරෙන්නා බව මම දනිමි පුතුනේ” අපේ කාලය තුළ ■ යුක්තිය සත්‍ය සාධාරණ සාමය උදෙසා ක්‍රියා කිරිම නිසා ඝාතනයට ලක්වන දූ දරුවන්ගේ මව්පියන් තුළ මරියාවන් අපි දකිනවාද? ■ ගැලවීම හිමි කර ගැනීමට ‘මිලක්’ ඇති බව ඒ මිල අපිත් අපේ දරුවනුත් නොගෙවා එය ලබාගත නොහැකි බව අපි තේරුම් ගන්නවාද? ■ කුරුසිය පාමුල තෙක් ගමන් කරන්නට. එකම පුතුගේ මරණය තුලත් විශ්වාසයේ රැඳී ඉන්නට හැකි විශ්වාසයක් අප සතුද? සමිඳුනි, චතාරිකය මරියාවන්ගේ පුතුගේ මළගම වෙනුවෙන් හැඩීමක් කර නොගෙන මරියාවන් මග්නිපිකාද් ගීතය තුළ අපෙක්ෂා කළ දේව රාජ්‍ය උදෙසා අපේ කැපවීම් අලුත් කරගන්නා කාලයක් කළ මැනව. # දහහතරවන ස්ථානය ජේසු තුමන්ගේ ශ්‍රී සිරුර ගල්නෛ් තැන්පත් කරයි. “ජීවමාන තැනැන්වහන්සේ මළවුන් අතර සොයන්නේ මන්ද? උන්වහන්සේ උත්ථාන වු සේක. උන්වහන්සේ ගලීලයට ගිය සේක.” මරණය අවසානය නොවේ. උත්ථාන වු සමිදුන් අපට හමුවන්නේ මිනිසුන් තුළය. ජේසුස් වහන්සේව ජීවමානව අපිට හමුවිය හැකිද? ඔව්, උන්වහන්සේව අපට ජීවමානව හමුවන්නේ සොහොන් කොත් තුළ හිස් ගොඩනැගිලි වල නොවේ. ජිවමාන දෙව්මැදුරු වන ජනතාව තුළය. මිනිසුන් තුළය. විශේෂයෙන් පීඩිතයින් දිළින්දන් සිටින තැන (ගලීලය) තුළය. ජෙරුසලම තුළ නොවේ. බීජය වැටි නොමළොත් තව පැල බිහි නොවන්නේය. නමුත් ක්‍රිස්තුස් නම් මහා බීජාංකූරය වැටි මිය ගොස් දළු දමා මහා ගසක් වී තිබේ. මහා සිකුරාදාවෙන් තොර පාස්කු ඉරිදාවක් නැත. මහා බ්‍රහස්පතින්දා පූප කැඩීමට අර්ථය ලැබෙන්නේද මහා සිකුරාදා මඟිනි. අපේ කාලය තුළ ■ අපි උත්ථානය බලාපොරොත්තු වන්නේ පූජා වීමෙන් නොවේද? ■ මා සිහිකිරිම පිණිස සිදු කරන්නැයි උන්වහන්සේ ඉල්ලා සිටින්නේ උන්වහන්සේ කළ වැයවීම්, කැපවීම් බව අපි තේරුම්ගෙන තිබේනවාද? ‘සිහිකිරිම’ පිළිවෙතකට සීමා කර නැතිද? ■ අපේ ජීවිතද අපේ රට ද මුළු මැවිල්ලමද කිතු තුමන්ගේ දෙවන පැමිණීම හෙවත් දේව රාජ්‍යයේ උදාව වෙත ගෙනයාමට අප කරන්නේ මොනවාද? සමිදුනි, උත්ථානයේ, ජීවනයේ මිහිර විඳිනු සඳහා ප්‍රේමයේ රාජ්‍ය උදෙසා වැයවීමට, කැපවීමට අපට ඇති කැඳවීම අලුත්කර ගන්නට අපිව ආසිරි ගැන්වූව මැනව. # පළමු ස්ථානය ජේසු ස්වාමිදරුවෝ මරණයට තීන්දුව ලබන සේක.... ජේසුව මරණයට තීන්දු කළේ ඇයි. ජේසුගේ ඉගැන්වීම්, ක්‍රියාවන් හා ජීවිතය ඔවුන්ගේ පැවැත්මට අභියෝගයක් වූ නිසා, ජීවිතය වෙනුවට මරණය මතු කර පැවති සියලු ආකාර අධිරාජ්‍යවාදයන්ට එතුමා විරුද්ධ වු නිසා, පැවති රෝම අධිරාජ්‍යවාදී රාජ්‍ය වෙනුවට දේව රාජ්‍ය සඳහා ක්‍රියා කළ නිසාය. අපේ කාලය තුළ.... ■ බලවතුන්, මූලිකයින්, පාලකයින් ජීවිතය වෙනුවට මරණයේ පැවැත්ම තහවුරු කරන්නෝ නොවේ ද? ■ ජනතාව වන අපි ජේසුව වෙනුවට බරබ්බාස්ව ඉල්ලන පාලකයින්ගේ අධිපති මතයේ වහල්ලුද? ■ යුද්ධයෙන් ජාතික ප්රශ්නය විසදුවා යන මතයේ පංගුකරුවෝද? සමිඳුනි, එදිනෙදා ජීවිත පැවැත්මේදි ද රටේ ලෝකයේ ප්‍රශ්න වලදී ද මරණය වෙනුවට ජීවිතය තෝරාගන්නටත් අද දවසේ ඔබව පාවා දෙන්නන් නොවෙන්නටත් වරම් දුන මැනව. # දෙවන ස්ථානය ජේසුතුමන්ගේ ශ්‍රී කරපිට කුරුසිය තබති. ‘කුරුසිය දරාගෙන මා අනුව නොඑන තැනැත්තාට මාගේ ගෝලයෙකු විය නොහැකිය’ කුරුසිය කිතුනුකමට අනිවාර්්‍ය වේ. කුරුසියෙන් තොර ගැලවීමක් නැත. ජේසුගේ කරපිට කුරුසිය තැබුවාද? ඔව්, පාලකයින්ගේ අධම තුච්ඡ දඩුවම වන කුරුසියේ මරණය පාලකයින් ජේසු පිට පැටවූවා. එයින් ප්‍රකාශ කළේ අපේ ධන බල රාජ්‍යයට විරුද්ධ වන්නාව අප විනාශ කරනවා යන පාලක සිරිතයි. ජේසු කැමැත්තෙන් කුරුසිය බාර ගත්තාද? ඔබ්, හැබැයි ඒ පාලකයින්ගේ මරණය ගෙන දෙන කුරුසිය නොවෙයි. ජීවිතය ගෙන දෙන දේව කැමැත්ත ඉටු කිරිමට යාමේදි ලෝකයේ කැමැත්ත හරස්වීම් නැමැති කුරුසිය ඔහු කැමැත්තෙන් බාර ගත්තා. ඒ නඩු ශාලාවේදි නොවෙයි. අවුරුදු 12 වන විටත් ජේසු ඒ කුරුසිය බාරගෙන තිබුණා. අපේ කාලය තුළ.... ■ බලවතුන් තම මතයට අවනත නොවන අය විනාශ කරනවා නේද? ■ පවුල තුළ රට තුළ දේව කැමැත්ත ඉටු කිරිමට යාම නිසා අත්දකින අරගලයක් පීඩාවක් කුරුසියක් ඔබ අත්දකිනවාද? ■ ලෝකය සම්මතයට අනුගත වෙමින් මේ ලෝකයේ සැපත සොයනවාද? දේව සම්මතයට අනුගත වෙමින් කුරුසිය අත්දකිනවාද? සමිඳුනි, අපේ පෞද්ගලික ලෙඩදුක් කරදර කුරුසිය ලෙස සලකා සැබැ කුරුසිය අමතක කොට කුරුසියෙන් තොර ව්‍යාජ ශ්‍රාවකත්වයෙන් මා මුදාගත මැනව. # තුන්වන ස්ථානය ජේසු තුමන් කුරුසියේ බරෙන් පළමු වර බිම වැටෙන සේක.. ‘ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කරන්නට කිසි සේවකයෙකුට නුපුළුවන. දෙවියන් වහන්සේටත් වස්තුවටවත් සේවය කරන්න ඔබට බැරිය’ ධනය සොයා ගෙන එකෙකු නැගෙන විට දෙනෝ දහක් වැටුණා. වැටුණු දනන් දිවි ගොඩනංවන්නට ඔබ ලොව තුළ වැටුණා. ජේසු ධන තන්හාව ප්‍රතික්ෂේප කළාද? ඔව්, ලෝකයේ ජනතාව දුකට, වේදනාවට පත් කරන මූලික පාපයක් ධන තණ්හාව උන්වහන්සේ ප්‍රතික්ෂේප කළා. අපේ කාලය තුළ.... ■ දිනකට කුසගින්න නිසා ළමු 25000 ක් මිය යයි. ■ ලෝක බැංකුව වැනි ආයතන බලවත් රටවල ලාභය සඳහා දුප්පත් රටවල් ණය උගුලක හසුකර ඇත. ■ ලංකාවේ පවා ජනතාවගේ මුදල් වංචා කළ සමාගම්වල කළමනාකාර වැටුප ලක්ෂ 65 කි. සේවකයන්ට සොච්චමකි. ■ රටවල් පමණක් නොව පුද්ගලයින්ද ණය උගුලේ පැටලී ඇත. සමිඳුනි, ධන තණ්හාවෙන් වැටුණු ලෝකය ගොඩ නගන්නට ඔබ හිස් වී, පහත් වී ක්‍රියා කළා සේ ධනයට හා ධනය මුල් කරගත් ක්‍රමයට ස්වාමිත්වය නොදී ඔබට ස්වාමිත්වය දීමට බලය දුන මැනව. # හතරවන ස්ථානය ජේසු තුමන්ට කුරුස ගමනේදි සිය මෑණියන් සම්මුඛ වන සේක. ‘මාගේ මෑණියොත් සහෝදරයොත් නම් දෙවියන්වහන්සෙගේ වචනය අසා එය පිළිපදින්නෝ වෙති’ ජේසු තුමාන්ගේ මෑණියන් මෙන් වීමට කැඳවීමක් අපට ඇත. කිතුනු විමුක්ති මාර්ගයට එය අත්‍යාවශ්‍යය. ජේසුගේ මරණයට මරියතුමියත් වගකිව යුතුද? ඔව්, ජේසු තුමන්ට එතුමිය දුන් අධ්‍යාත්මිකත්වය, එනම් දේව කැමැත්ත ඉටු කිරිම ප්රමුඛ කර නොවන්නට ජේසුතුමන්ට මේ මරණය අත්වන්නේ නැත. මරිය තුමිය භාග්‍යවන්ත වන්නේ දේව වචනය අසා මෙනෙහෙිකර එය පිළිපැදීම නිසයි. ‘ඔබ කී ලෙස මට සිදුවේවා’ යනුවෙන් මල් උයනේ යැදුම මුලින්ම කළේ එතුමියයි. එතුමිය ලෝකයේ කැමැත්ත කරන්න දරුවා පෙළඹූවා නම් විමිුක්තිය ලොවට අහිමි වේ. අපේ කාලය තුළ... ■ අපේ දරුවන්ට අප දෙන අධ්‍යාත්මිකත්වය කුමක්ද? මේ ක්‍රමය තුළ ලොකු මිනිස්සු වීම නොවේද? ■ අපේ දරුවන් උරුම කරගන්නේ මේ ක්‍රමයට අනුගතවීම නිසා උදාවන සිරොසිස්, හෘදයාබාද, දියවැඩියාව, සමාජ රෝග ආදි මරණය මිස කිතු තුමන් මෙන් විමුක්තිදායක මරණද? ■ මරියතුමියගේ විමුක්තිදායක ප්‍රතිරූපය වෙනුවට අප සුකුමල මල් කුමරියක මතු කර එතුමියගේ අධ්‍යාත්මිකත්වය යට කරන්නට දායක වෙනවාද? ■ රක්ත හීනතාවයෙන් පෙළෙන, දුක් විඳින මැද පෙරදිග, ලෙල්ලම්, තේ, රබර් වතුවල, වෙළඳ කලාපයේ, වන්නියේ යුද වැන්දඹු වූ දුක් විඳින මව්වරුන් තුළ මරියාවන්ව දකිනවාද? සමිඳුනි, මරියාවන් තුළ පැවැති ජීවිත ආකල්පය අනුව අපගේ දරුවන් හදා වඩන්නට මරියාවන් සේ විමුක්ති ගමනේ නොබා ගමන් ගන්න දිරිය දෙන්න. # පස්වන ස්ථානය ජේසුතුමන්ගේ කුරුසිය ගෙනයාමට සිරේනියේ සිමොන් ජේසු තුමන්ට උදව්වෙයි. ‘මගේ මේ සහෝදරයන්ගෙන් ඉතාම සුළු තැනැත්තාට වූවද ඔබ එසේ කළා නම් එය කළේ මටයි. ජේසු ජීවමානව වැඩ ඉන්නේ විශේෂයෙන් පීඩිතයින් තුළයි. ඒ පීඩිතයාව මුදා ගැනීමෙන් තොරව ජේසුට ප්‍රේම කළ නොහැක. සිරෙනියේ සිමොන් විමුක්ති ගමනට දායක වුනාද? ඔව්, ජුදයින් බලහත්කාරයෙන් ඔහුව කුරුසිය ගෙනයාමට යොමු කළත් ඒ ක්‍රියාව තුළින් ඔහු විමුක්ති ගමනට දායක වූවා. සිමන් පේදුරු සැඟවෙද්දී සිරේනියේ සිමොන් ජේසු පසු පසින් ආවා. ඔහු ජේසු තෝරාගත් ගෝලයෙක් නෙවෙයි. නමුත් ජේසුට ආදරය කළ කෙනෙක්. බොහෝ විට අපි අකමැති දේ තුළ යහපත තිබෙනවා. නොකර බැරි නිසා කළත් ඒ තුළ නිදහස තිබෙනවා. අපේ කාලය තුළ... ලස්සන සුන්දර දරුවෙක් සිපගන්න අපි කැමැතියි. ඒත් නාවර පෙරාගත් දරුවෙකු වැළඳගන්න අපි අකමැතියි. ලෝකය වඩා යහපත් තැනක් වෙනවාට අපි කැමතියි. ඒත් එය වඩාත් යහපත් තැනක් කරන්නට වෙහෙස වෙන්න අපි අකමැතියි. අපේ වයසක මව්පියන් ලස්සනට ඉන්නවට අපි කැමැතියි. ඒත් ඔවුන් කැත කුණු පෙරාගෙන ලෙඩ වූ විට ඔවුන්ට සාත්තු කරන්න අපි අකමැතියි. බහුතර මතයට අවනව පිළිගැනිමක් ලබන්න අපි කැමැතියි. හරි දෙයට සාක්ෂි දරලා ලේබල් ගහගෙන කොන් වෙන්න අපි අකමැතියි. සමිඳුනි, අපි අකමැති නමුත් ඔබ කැමති දේ තුළ ඔබව දකින්නට විශේෂයෙන් සමාජයේ තැළුණු පෙළුණු පීඩිතයා තුළ ජීවමානව තනි වු දුක් විඳින ඔබට ආදරය කරන්නට අපිට දිරිය දුන මැනව. # හය වන ස්ථානය ‘වෙරොනිකා නම් භක්තිවන්ත ස්ත්‍රීය ජේසු තුමන්ගේ ශ්‍රී මුහුණ පිස දමයි’ ‘යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝය. ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේය’ යුක්තිය උදෙසා සා පිපාසා වීමත්, පීඩා විඳිමත් නොමැතිව දේව රාජ්‍ය උරුම කරගත නොහැකිය. වෙරොනිකා තුළ යුක්තිය උදෙසා පිපාසයක් තිබුණාද? ඔව්, වෙරොනිකාගේ චරිතය අපට පෙන්වා දෙන්නේ යුක්තිය උදෙසා පිපාසාවෙන් පෙලෙන ඒ උදෙසා පීඩා විඳිමට මැලි නොවන භාග්යවන්තියකගේ සොබාවයයි. දේශ ද්‍රෝහියෙකු ලෙස හංවඩු ගැසු, රාජද්‍රෝහියකු ලෙස මරණයට ගෙන යන ජේසුතුමන්ගේ මුහුණ පිස දැමීම මරණය වුව උරුම විය හැකි අවධානමක් ගැනීමකි. කාමුක රෝම සොල්දාදුවන් ඉදිරියේ ස්ත්‍රීයක ලෙස එසේ ඉදිරිපත් වීම සුවිශේෂි නිර්භීත බවකි. අපේ කාලය තුළ... ■ ස්ත්‍රීන් ලෙස අපේ සා පිපාසාව අලුත් මෝස්තර, රූපලාවන්‍ය, රත්තරන් බඩු, බොළඳ ටෙලි නාට්‍යද? යුක්තිය හා ධර්මිෂ්ඨකමද? ■ පුරුෂයින් ලෙස අපි ස්ත්‍රීය සළකන්නේ දුර්වල ළඳ, බොළඳ අයකු ලෙසද? සැබැවින්ම වඩා ශක්තිමත් ස්ත්‍රීයයි. ලංකාව් දිවි නසා ගැනීම් වලින් 2/3 කටත් වඩා ඉදිරියෙන් සිටින්නේ පිරිමිය. ■ වෙරොනිකාසේ භාග්‍යවන්තියක වීමට අපගේ ස්ත්‍රී පිපාසය වෙනස් කරමු. වෙරොනිකා සේ භාග්‍යවන්තියක වීමට අපේ පුරුෂ ආකල්පය වෙනස් කර ඉඩ දෙමු. සමිදුනි, පුරුෂයින් සැඟවි පසු බා සිටි ඔබගෙ කුරුස ගමනේදි යුක්තිය උදෙසා පිපාසාවෙන්ද පීඩා විඳීමට කැමැත්තෙන්ද ඉදිරිපත් වු වෙරොනිකා සතු වූ නිර්භීත බව අපටද දානය කළ මැනව. # හත්වන ස්ථානය. ජේසුතුමන් කුරුසියේ බරින් දෙවන වර බිම ඇද වැටෙන සේක. ‘විජාතිතින්ගේ ආණ්ඩුකාරයින් ඔවුන් කෙරෙහි ආධිපත්‍යය පවත්වන බවත් ඔවුන්ගේ ප්‍රධානින් ඔවුන් කෙරේ බලය පවත්වන බවත් ඔබ දන්නාහුය. එහෙත් ඔබ අතර එසේ නොවිය යුතුය.’ බලය දෙවියන් අත පමණි. දෙවියන්ගේ බලය මිනිසුන්ට ලැබෙන්නේ සේවක නායකත්වයක් සඳහා පමණි. ජේසු බල කාමය ප්‍රතික්ෂේප කළාද? ඔව්, ලෝකය තුළ කෝටි සංඛ්‍යාත ජනතාව පාගා දමන මූලික පාපයකි. බල කාමය! ජේසු බල කාමයට ඇති පරීක්ෂාව ජය ගන්නවා. (ලුක් 4/3-4) ලෞකික රජෙකු වීම ඉවතලා කොටළුවකු පිට එන අහිංසාවාදා නායකයෙකු වෙන්නේ ආධිපතින්ගේ බල කාමය නිසා වැටෙන ජනතාව ගොඩනඟන්නයි. බයිබලය පුරාම දෙවියන් හැර මිනිස් රජවරුන්ගේ බලය පෑම ප්‍රතික්ෂේප කර ඇත්තේ එම බලය දුක ජනිත කරන නිසාය. අපේ කාලය තුළ.. ■ දුෂණ, වංචාව, මැරකම් කරන, පොදු දේපල කොල්ලකන මේ රාජ්‍ය ක්‍රමයට හිස නමන දේශපාලකයින්ව ආගමේ නාමයෙන් හෝ තමන්ට වන වාසියේ නාමයෙන් හෝ අගය කිරිම බොරු දෙව්වරුන් නැමදිමක් නොවේද? ■ මිනිසුන්ට වඩා විශාල අත්තනෝමතික බලයක් විධායකයට හිමි රටේ පවතින දේශපාලන ක්‍රමය ජේසු දහමට අනුව පාපිෂ්ඨ නොවේද? ■ පලස්තීනයේදීද ඇෆ්ගනිස්ථානයේදීද ලංකාවේදීද සිරියාවේදීද ආදි ලෙස බලවතුන් විසින් තම පැවැත්ම සඳහා දියත් කළ කරන යුද්ධ මගින් දහස් ගණන් ජනතාව මිය යෑම ‘ත්රස්තවාදයට එරෙහි යුද්ධය’ මානුෂික මෙහෙයුම්‘ ලෙස සාධාරණිකරණය කිරිම කිතුනුකමද? සමිඳුනි, ලෝක බලවතුන් ලෝක පරිමාණවද, දේශීය පාලකයින් දේශීයවද ප්‍රාදේශීය පාලකයින් ප්රාදේශියවද තම බලකාමය මගින් ජනතාව තලා පෙලා දැමීම කවර ආකාරයකින්වත් සාධාරණිකරණය කිරිම ඔබේ බලයට විරුද්ධ පාපයක් බැවින් එසේ නොකිරිමට දිරිය දුන මැනව. # අටවන ස්ථානය ජේසුතුමන් ජෙරුසලම් ස්ත්‍රීන් සනසා වදාරණ සේක. ‘ජෙරුසලමේ දූවරුනී, මා නිසා නොහඬන්න. ඔබ හා ඔබේ දරුවන් නිසාම හඬන්න’ ජේසුගේ දුක් ප්‍රාප්තිය ගැන දුක්වීම අර්ථ විරහිතය. දේව රාජ්‍ය පමා කරන අපේ වහල්කම් ගැනය අප පසුතැවිය යුත්තේ. ජේසුගේ වචන ජෙරුසලමේ ස්ත්‍රීන්ව සැනසීමක්ද? ඔව්, ඒ වචන චාටු බසක් නොවේ. බොරු නැලවිල්ලක් නොවේ. අභියෝගයකි. සැබැ සැනසීම ළඟාවන්නේ සැබැ සිත් හැරීමෙන් පමනි. ඔබගේ පාපයත් ඔබේ දරුවන්ගේ ඉරණමත් උදෙසා පසුතැවි ඒ විනාශකාරි ඉරණම වෙනස් කරනු සඳහා ඔබගේ පාප මාර්ග උත් හරින්නයි ඇරයුමක් ඒ තුළ තිබේ. එසේ කිරිමෙන් තොරව කොතරම් යාච්ඥා කළත් ඉන් ඵලක් නොවේ. අපේ කාලය තුළ... ■ පියවරු ඇඹුල් මිදි කෑහ. දරුවන්ගේ දත් හිරිවැටුනේ යැයි බයිබලය පවසයි. දිනෙන් දින වැඩිවන විරැකියාව, ලොව පුරා සිදුවන ස්වභාවික විපත්, සිවිල් යුද්ධ, සමාජ රෝග ව්‍යාප්තිය, සනීපාරක්ෂක පහසුකම්, සෞඛ්‍ය පහසුකම්, ජලය නොමැතිකමින් මිය යන මිලියන ගණන් ජනයා මේ සියල්ල දේව කැමැත්ත නොව පියවරුන්ගේ වැඩිහිටියන්ගේ පාපයයි. ■ තුන්වෙනි ලෝකයේ රටවල් සියල්ල සනීපාරක්ෂාව සඳහා වැය කරන මුදලට වඩා මුදලක් යුරෝලය අයිස්ක්‍රීම් සඳාහා වැය කරයි. ■ පසුගිය වසර 50 තුළ ඊට පෙර වසර 500 ක් තුළ කළ පරිසර හානියට වඩා හානියක් ලෝකයට ධනවල් රටවල් කර ඇත. ■ තුන්වෙනි ලෝකය මූලික අධ්‍යාපනයට වැය කරන මුදලට වඩා වැඩි මුදලක් ඇමරිකාව රූපලාවන්‍ය සඳහා වැය කරයි. ■ වැඩිහිටියෝ ලෝක තුළ වස්තුව, මාන්නය සොයා අසිමිතව වෙහෙසෙති. දරුවෝ ආදරය නැතිව අසරණව වෙසෙති. සමිදුනි, අපගේ පව් මගින් මිදෙන්නට, දරුවන් උදෙසා එසේ කරන්නට දිරිය දුන මැනව. # නව වෙනි ස්ථානය ජේසු ස්වාමි දරුවෝ කුරුසියේ බර්න් තුන්වෙනි වරටත් බිම වැටෙන සේක. “මේ පරම්පරාව නපුරු එකකි. ඔව් හු හාස්කමක් සොයති. එහෙත් ජෝනා හැර වෙන හාස්කමක් ඔවුන්ට නොදෙනු ඇත.” ක්‍රිස්තියානියේ පැවසෙන විමුක්තිය හාස්කමකින් ඇති වන්නක් නොවේ. එය කිුනු ප්‍රතිපත්ති ජීවත් කිරිම මගින් ඇති වන්නකි. ජේසු යසස් කාමය, කීර්තියට ඇති ආශාව ප්‍රතික්ෂේප කළාද? ඔව්, ලෝකය තුළ විශාල පරිමාණයෙන් මිනිසුන් පීඩාවට පත් කරන මූලික පාපයක් වන්නේ යසසට ඇති ආශාවයි. ජේසු යසස් කාමයට ඇති පරීක්ෂාව ජය ගන්නවා. (ලුක් 4/9-12) හාස්කම් පෑමෙන් ප්රාතිහාර්ය පෑමෙන් ලැබෙන කීර්තිය හිස් කර නීච කරනු ලැබුවෙකුගේ තත්තවය වැළඳගෙන උන්වහන්සේ ජීවත්වන්නේ යසස සොයා යාම නිසා පීඩාවට පත්වූවන් ගලවා ගන්නටය. උන්වහන්සේ ප්රාතිහාර්ය පෑම, රෝගීන් සුව කිරිම පමණක් කළා නම් උන්වහන්සේව ඇණ ගසා මරන්නේ නැත. අපේ කාලය තුළ... ■ ඇතැම් රටවල් සුපිරි බව පෙන්වීමට තම ප්රතිරපය ගොඩනැගීමට අභ්‍යාවකාශ ගත වන්නේ කෝටි සංඛ්‍යාත ජනතාවක් නූගත්කමේ සිටියදීය. ■ දේශපාලකයෝ තම ප්‍රතිරූපය ගොඩනගා ගැනීම සඳහා කෝටි ගණන් වැය කරන්නේ දූෂණය හොරකම මගිනි. ■ සුපර් ස්ටර්ස්ලා ඩි්රම් ස්ටාර්ලා හෝ සරල සිල්ලර රූපවාහිනි වැඩසටහන් වලට මූන පෙන්නීම්, ගුවන් විදුලි නාලිකා වලට අමතා කතා කිරිම තම තම නම ප්‍රකාශ කර ගැනීමේ යසස් කාමයේම ප්‍රතිඵල වේ. ■ තම ජාතියේ, ආගමේ කුලයේ විශිෂ්ඨත්වය ප්‍රකාශ කරමින් අන් අය හෙලාදැකිමද යසස් කාමයම නොවේද? තමා ඉහල යන විට දුප්පත් මව්පියන් නෑයන් අමතක කිරිම යසස් කාමයම වේ. සමිදුනි, යසස සොයා යද්දී තව බොහෝ දෙනා ඉන් දුකට පත්වන බව දැක යසසට යට නොවීමේ දිරිය දුන මැනව. # දහවෙනි ස්ථානය ජුදයෝ ජේසු තුමන්ගේ වස්ත්‍ර කඩා දමති. “එවිට ඔවුන් දෙදෙනාගේම ඇස් පෑදි තමන් නග්නව සිටි බව ඔව් හු තේරුම් ගත්හ.” සැබැ නිරුවත යනු ඇඳුම් නැතිකම නොවේ. පාපයෙන් ආත්මය අසරණ කර ගැනීමයි. අසරණයා අසරණ නිසා පෙලීම සමිඳුන් අනුමත නොකරයි. ජේසුගේ වස්ත්‍ර කඩා දැමීමෙන් ජේසු අසරණ වුණාද? නැත. එමගින් මතු වී පෙනුනේ ජේසුගේ නොව ජේසුව නිරුවත් කළ බලකාමි ධනකාමි යසස්කාමි ක්රමයේ නග්න බවයි. වස්ත්‍ර ලිහා දැමීම මිනිසෙකුව අසරණ කිරිමේ දරුනු ආකාරයකි. ජේසුව නිරුවත් කිරිමෙන් පාලකයෝ කීවේ අපේ රාජ්‍ය තුළ නුඹට ඇඳුමවත් උරුම නැත යන්නයි. නමුත් ජේසු තුමන් පෙන්වා දුන්නේ අසරණයාගේ අසරණකමින් ප්රායෝජන ගනිමින් ඔහුව සූරා විනාශ කරන පාලන ක්රමයේ නිරුවතයි. ජේසු පැමිණියේ ඒ අසරණකම මකා දමන්නයි. අපේ කාලය තුළ.... ■ ඇඳි වතත් අහිමි දහස් ගණන් සිටියදී විලාසිතා ළඟ දණින් වැඩි රූකඩ බවට පත්වීම ජේසුව නිරුවත් කිරිමක් නේද? ■ අසරණයාව තව තවත් පෙළෙන අසරණකමින් අයුතු ප්‍රයෝජන ගන්න ක්‍රමය වෙනස් කිරීමට කිසිවක් නොකර සිටීම ජේසු දහම නිරුවත් කිරිමක් නොවේද? ■ නිරුවත, අඩ නිරුවත හා ලිංගිකත්වය උත්කර්ශයට නංවා සියලු බඩු භාණ්ඩ විකුණාදමන වෙළඳ ලෝකය ඉදිරියේ මුනිවත රැකීම ධර්මයේ සළුපිළි උනා දමා අධර්මයේ සළු පිළි පොරවා ගැනීමක් නොවේද? සමිඳුනි, මිනිස් බව තුල ඇති දුබලකම් ප්‍රයෝජනයට ගෙන ඔහුව පාවිච්චි කරන, තලා පෙලා දමන මේ නග්න සමාජ ක්රමයේ තවත් නග්න මිනිසෙකු නොවී ඉන්නට දිරිය දුන මැනව. # එකොලොස්වෙනි ස්ථානය ‘ජේසු තුමන්ව කුරුසියට තබා ඇණ ගසනු ලබයි’ ශරීරය නැසුවත් ආත්මය නසන්නට නුපුළුවන් අයට බිය නොවන්න. ශරීරයේ ඉරණම දුහුවිල්ලයි. සැබැ කිතුනුවා බියවන්නේ ශාරීරික මරණයට නොව අධ්‍යාත්මික මරණයකටයි. ජේසු තුමා අදත් ඇණ ගසනවාද? ඔව්, ක්‍රිස්තු ශරීරය අදත් ඇණ ගසනු ලබයි. ක්‍රිස්තු ශරීරය යනු මුළු මිනිස් සංහතියයි. මුළු මහත් මැවිල්ලයි. විමුක්තියේ නිදහසේ ආත්මීය සා පිපාසාවෙන් පෙලෙන මුළු මහත් මැවිල්ලයි. ජේසු තුමන් ශාරීරිකව දුර්වල වූවත් ආත්මිකව ශත්කිමත්ව මුහුණ දෙන්නේ ඇණ ගැසුවත් තමාව විනාශ කළ නොහැකි බව දන්නා නිසාය. ගැලවීම විමුක්තිය ලැබිය හැක්කේ ක්‍රිස්තු ශරීරය පිළිබඳ ඒ අධ්‍යාත්මිකත්වය තුළ පමණි. සොයුරු සොයුරිය තුළ සතා සිව්පාව තුළ ක්‍රිස්තුන් වහන්සේව දැකීමේ අධ්‍යාත්මය තුළයි. අපේ කාලය තුළ ■ විශ්වීය ශුද්ධාත්ම ක්‍රිස්තු දේහය පීඩාවට පත්වෙද්දි ඒ ගැන අසංවේදිව තම තමන් පෞද්ගලික ලෝකවල හිරවී සිටිම අධ්‍යාත්මික මරණයන් නොවේද? ■ අපේ රට තුළ ජේසුතුමන්ගේ සිරුර ඇණ ගසා නැතිද? එතුමාගේ හිස උතුරේ හා දකු දෑත නැගෙන හා අවරගිර යැයි සිතුවොත් ඒ සිරුරෙන් ලේ ගලා යනවා නේද? ■ වයසට යන අම්මාට තාත්තාට සළකන්නට බැරි, කැපී පෙනෙන දක්ෂතා නැති දරුවාව පිළිගන්න බැරි, අන්ජාතින්ද අපි වගේ මිනිසුන් බව පිළිගරැන්න බැරිකම ආත්මීය මරණයක ලක්ෂන නොවේ? වංචාව දූෂණය මැරකම සාමාන්‍ය දෙයක් ලෙස සැලකීම අධ්‍යාත්මික මරණයක ලක්ෂණ නොවේද? සමිඳුනි, ඔබට ඇණ ගැසුවත් ඉදිරියේ ඔබ පෑ නිර්භීතභාවය ශරීරය මරා දැමුවත් ආත්මය නසන්නට බැරි අයට බිය නැතිකමේ ප්‍රතිඵලයක් බව දනිමි. ඒ අධ්‍යාත්මිකත්වයෙන් අපව පිරවුව මැනව. # දොළොස්වෙනි ස්ථානය ජේසුතුමන් කුරුසියේ උකුත් වන සේක. උන්වහන්සේ අබිමුවෙහි සිටි ශතාධිපතියා උන්වහන්සේ මෙසේ අපවත්ව වදාළ බව දුටු කල ‘සැබවින්ම මේ මනුස්යා දෙවියන් වහන්සේගේ පුත්රයාණෝම’ යැයි කීය. දේව පුත්රභාවයේ සළකුණ වන්නේ දේව රාජ්‍ය උදෙසා වැයවීමයි. දිවි දීමයි. දේව පුත්රභාවය ලැබෙන්නේ පිළිවෙත් මගින් නොවේ. දේව පුත්රභාවය සඳහා දුක් විඳිම අනිවාර්යයද? ඔව්, දෙවියන්ගේ පුත්‍රයා දුක් විඳින සේවකයා වේ. ශතාධිපතියා ජේසු තුමා දේව පුත්‍රයා බව හඳුනාගන්නේ දේව රාජ්‍ය උදෙසා ජීවිතය පූජා කළ ආකාරය තුළිනි. උන්වහන්සෙගේ දුක් වේදනා නැමැති කුසලානයෙන් පානය කිරිම ක්‍රිස්තු ශ්රාවකත්වයට අනිවාර්්‍යය වේ. කුරුසියේ මරණය, මෙහෙවර සම්පූර්ණ කිරිමකි. සියල්ල සම්පූර්ණයි. ඔබ වහන්සේත් මාව අතහැරලා වගෙයි. ඒත් මා ඔබේ කැමැත්ත වෙනුවෙන් අන්තිම හුස්ම පොදත් හෙලනවා. දෙවියන් උදෙසා සියල්ල අහිමි මොහොත සම්පූර්ණ වන මොහොතයි. අපේ කාලය තුළ ■ අපේ දේව පුත්රභාවය ප්‍රකාශ වන්නේ අපේ මංගල්‍ය, වත් පිළිතේ තුළින් පමණද? ■ අපේ දේව පුත්රභාවය දේව රාජ්‍යය, සාධාරණයේ රාජ්‍ය ගොඩනැගීම සඳහා අපගේ වෙහෙසවීම් දුක් විඳිම කැපවීම් තුලින් ප්‍රකාශ වෙනවාද? ■ යුක්තිය සාධාරණය අයිතිය ගැන හඬ නඟන අයව අප පිළිකුල් කරනවාද? කරදරකාරයින් සේ සලකනවාද? ■ අපි සත් ගුණවත් යැයි සිතන්නේ ප්‍රේමයේ ලෝකයක් සඳහා කැපවන අරගල කරන අයවද? සමිඳුනි, ජීවිතයේදි මෙන්ම මරණයෙන්ද අපට ඔබගේ දේව පුත්‍රභාවයට සාක්ෂිකරුවන් වීමට වරම් දෙන්න. # දහතුන්වැනි ස්ථානය ජේසුතුමන්ගේ ශ්‍රී සිරුර මරියතුමියගේ උකුලෙහි සතපනු ලබන සේක. ‘මරියතුමිය එකි සියල්ල සිත්හි නිදන් කොට මෙනෙහි කළාය.’ අවසාන වශයෙන් වැදගත් වන්නේ අප සිතන දේ නොව දේව අභිමතයට අපි නතුවීමයි. කුරුස පාමුල මරියාවන් අභාග්‍ය සම්පන්නද? නෑ. මරියතුමිය සතු වූ දේව කැමැත්ත මෙනෙහි කරන හදවතින් බලන විට ඇය අභාග්‍ය සම්පන්න නැහැ. තම එකම පුතු මරණයට පත්වෙද්දි ඇය විමුක්තියේ මාවත තුළ ගමන් ගන්නා දහස් ගණන් දරුවන්ගේ සදාතන මව වී තිබේ. මිනිස්කම තුළ කඳුළක් නැගෙන්නට ඇති. ඒත් ඈ උදම් ඇනු ලෙස උඩගු සිත් ඇත්තන් විසුරුවා හැර මහ නරපතින් සිහසුන් වලින් පහත හෙලා දිනයන් උසස් කරන්නට නම්, සමිදුන්ගේ දයාව පරපුරෙන් පරපුරට සඳහටම පවනින්ට නම් මේ ‘මිල’ ගෙවිය යුතු බව ඕ දැන සිටියය. ‘නොදැන උන් පුතුනේ සඳුන් ගස තැලුවේ. සුවඳ ගව් සිය පැතිරෙන්නා බව මම දනිමි පුතුනේ” අපේ කාලය තුළ ■ යුක්තිය සත්‍ය සාධාරණ සාමය උදෙසා ක්‍රියා කිරිම නිසා ඝාතනයට ලක්වන දූ දරුවන්ගේ මව්පියන් තුළ මරියාවන් අපි දකිනවාද? ■ ගැලවීම හිමි කර ගැනීමට ‘මිලක්’ ඇති බව ඒ මිල අපිත් අපේ දරුවනුත් නොගෙවා එය ලබාගත නොහැකි බව අපි තේරුම් ගන්නවාද? ■ කුරුසිය පාමුල තෙක් ගමන් කරන්නට. එකම පුතුගේ මරණය තුලත් විශ්වාසයේ රැඳී ඉන්නට හැකි විශ්වාසයක් අප සතුද? සමිඳුනි, චතාරිකය මරියාවන්ගේ පුතුගේ මළගම වෙනුවෙන් හැඩීමක් කර නොගෙන මරියාවන් මග්නිපිකාද් ගීතය තුළ අපෙක්ෂා කළ දේව රාජ්‍ය උදෙසා අපේ කැපවීම් අලුත් කරගන්නා කාලයක් කළ මැනව. # දහහතරවන ස්ථානය ජේසු තුමන්ගේ ශ්‍රී සිරුර ගල්නෛ් තැන්පත් කරයි. “ජීවමාන තැනැන්වහන්සේ මළවුන් අතර සොයන්නේ මන්ද? උන්වහන්සේ උත්ථාන වු සේක. උන්වහන්සේ ගලීලයට ගිය සේක.” මරණය අවසානය නොවේ. උත්ථාන වු සමිදුන් අපට හමුවන්නේ මිනිසුන් තුළය. ජේසුස් වහන්සේව ජීවමානව අපිට හමුවිය හැකිද? ඔව්, උන්වහන්සේව අපට ජීවමානව හමුවන්නේ සොහොන් කොත් තුළ හිස් ගොඩනැගිලි වල නොවේ. ජිවමාන දෙව්මැදුරු වන ජනතාව තුළය. මිනිසුන් තුළය. විශේෂයෙන් පීඩිතයින් දිළින්දන් සිටින තැන (ගලීලය) තුළය. ජෙරුසලම තුළ නොවේ. බීජය වැටි නොමළොත් තව පැල බිහි නොවන්නේය. නමුත් ක්‍රිස්තුස් නම් මහා බීජාංකූරය වැටි මිය ගොස් දළු දමා මහා ගසක් වී තිබේ. මහා සිකුරාදාවෙන් තොර පාස්කු ඉරිදාවක් නැත. මහා බ්‍රහස්පතින්දා පූප කැඩීමට අර්ථය ලැබෙන්නේද මහා සිකුරාදා මඟිනි. අපේ කාලය තුළ ■ අපි උත්ථානය බලාපොරොත්තු වන්නේ පූජා වීමෙන් නොවේද? ■ මා සිහිකිරිම පිණිස සිදු කරන්නැයි උන්වහන්සේ ඉල්ලා සිටින්නේ උන්වහන්සේ කළ වැයවීම්, කැපවීම් බව අපි තේරුම්ගෙන තිබේනවාද? ‘සිහිකිරිම’ පිළිවෙතකට සීමා කර නැතිද? ■ අපේ ජීවිතද අපේ රට ද මුළු මැවිල්ලමද කිතු තුමන්ගේ දෙවන පැමිණීම හෙවත් දේව රාජ්‍යයේ උදාව වෙත ගෙනයාමට අප කරන්නේ මොනවාද? සමිදුනි, උත්ථානයේ, ජීවනයේ මිහිර විඳිනු සඳහා ප්‍රේමයේ රාජ්‍ය උදෙසා වැයවීමට, කැපවීමට අපට ඇති කැඳවීම අලුත්කර ගන්නට අපිව ආසිරි ගැන්වූව මැනව. Your name Comment Subscribe Get awesome content in your inbox. Email Address First Name Last Name More දහම් සර දහම් සර අද ආගමන සමයේ පළමු ඉරිදා: බලාපොරොත්තුව දහම් සර ආගමන සමයේ සැබෑ අරුත කුමක් ද? දහම් සර ආගමන සමයේ සති 4 අපට සිහිගන්වන්නේ කුමක්ද?