ශුද්ධ වූ ෆ්‍රැන්සිස් ද සාලිස් මුනිඳුන්

අද දින සුදුවර චරිතයෙන් ජනවාරි 24වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ ෆ්‍රැන්සිස් ද සාලිස් මුනිඳුන් ගැන කතා කරමු.

ෆැන්සිස් මුනිඳුන් උපත ලබන්නේ 1567 අගෝස්තු 21 වන දින ප්‍රංශයේ සැවෝයි නම් ප්‍රදේශයේ දී වංශවත් නාවික පවුලකට දාවය. ෆ්‍රැන්කොයිස් ද සේල්ස් නම් ඔහුගේ පියා නාවිකයකු වූ අතර ඉහළ පෙළ මහේස්ත්‍රාත්වරයකුගේ එකම දියණිය වු ෆ්‍රැන්කොයිසේ ද සිඔනාස් මව විය. ඔහුගේ පියාගේ අදහස වූයේ පිරිමි දරුවන් හය දෙනාගෙන් වැඩිමලා වූ ෆ්‍රැන්සිස් හට හොඳ අධ්‍යාපනයක් ලබා දී මහේස්ත්‍රාත් ධුරය දක්වා සූදානම් කිරීමට ය. එම නිසාම ෆ්‍රැන්සිස් හට බොහෝ වරප්‍රසාද සහිත නගරයට සමීප පාසල්වල ඉගෙන ගැනීමට අවස්ථාව ලැබීය.

වර්ෂ 1583 දී ඔහු පැරීසියේ එවකට ජේසු නිකායික ආයතනයක් වූ ක්ලෙමන්ට් විද්‍යාලයට ඇතුළු වී වාග් කලාව සහ මානව ශාස්ත්‍රය හදාරන්නට පටන් ගත්තේය. එලෙසම තම පියා සැනසීම සඳහා වංශවත් අයට වෙන්වූ අශ්වයන් පැදීම,නර්තනය සහ කඩු හරඹ කිරීම ද ඉගෙන ගත්තේය.ඔහු බුද්ධිමත් කඩවසම් තරුණයෙකු ලෙස වර්ධනය වුව ද නිහඬ චරිතයකින් යුත් කෙනෙකු ලෙස හැඳින්වේ.

ඔහුගේ ඇතුළාන්තය ඇතිවූ පුද්ගලීක අර්බුදයක් නිසා බලාපොරොත්තු සුන් වීමේ ස්වභාවයක් ඔහුගේ ජීවිත තුළ ඇති විය.එම නිසාම ඔහු ශාරීරික ලෙස රෝගාතුර ව කලක් ඔත්පලව සිටියේය. වර්ෂ 1583 ජනවාරි මුල ඉතා අපහසුවෙන් වුවද ඔහු පැරිසියේ දේවස්ථානයකට ගොස් දේවමාතාවන් හට සහ වෘත ශුද්ධිය රකිමින් දෙවියන් වහන්සේ ට තම ජීවිතය කැප කිරීමට පොරොන්දු වූ අතර සුළු පැවිදි නිකායට ඇතුළත් විය.

ජොහාන් තුමාගේ පලමු ලිපියේ සඳහන් " දෙවියන් වහන්සේ ප්‍රේමය වන සේක " යන වචන කාණ්ඩය ඔහුගේ ජීවිතයේ මහත් පෙරළියක් කළේය. පසුව ඔහු විසින් කරන ලද කතෝලික ඉගැන්වීම් වල පවා දේව ප්‍රේමයේ මාර්ගය පිළිබඳව බෙහෙවින් හුවා දක්වන ලදී.වර්ෂ 1587 දී එතුමන් ඉතාලියේ පාදුවා විශ්ව විද්‍යාලයට ඇතුළු වන අතර එහිදී නීතිය සහ දේව ධර්ම ශාස්ත්‍රය පිළිබඳව හැදෑරීමට පටන් ගත්තේය.

වර්ෂ 1592 දී නීතිය සහ දේව ධර්ම ශාස්ත්‍රය පිළිබඳ උපාධි ලබා ගත් ඔහු පූජකවරයෙකු වීමට අධිෂ්ඨානයක් ඇති කර ගත්තේය. නැවතත් තමා නිවසට පැමිණෙන ඔහුව සෙනෙට් මන්ත්‍රණ සභාවේ නීතිඥයෙකු පිළිගන්නා අතර ඔහුගේ පියා විසින් විවිධ තනතුරු පිරිනමන්නට විය. එලෙසම ඔහු හට විවාහයක් කර දීම සඳහා පියා විසින් මහා ධනස්කන්ධයකට හිමිකම් කියූ මනාලියක් යෝජනා කළ අතර ඔහු විසින් එම විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කරන ලදී.
ඔහු පූජකයකු වීම ඔහුගේ පියා විසින් කිසිසේත්ම අනුමත නොකළ ද ජෙනේවා හී රදගුරු තුමන්ගේ මැදහත්කම තුළ ෆ්‍රැන්සිස් වර්ෂ 1593 දී පූජකවරය ලබා ගත්තේය.

කැල්වින් වාදයට එරෙහිව තර්ක කළ ඔහු ඒ පිළිබඳව ලිපි පවා ලියන්නට පටන් ගත්තේය. ෆ්‍රැන්සිස් පියතුමා රෝමයට සහ පැරිසියට යන අතර එහිදී වීඉ වන ක්ලෙමන්ට් පාප්තුමා සහ ප්‍රංශයේ ඉව් හෙන්රි රජු සමඟ සමග හිතවත්කම් ගොඩනඟා ගැනීමට සමත් විය. වර්ෂය 1599 දී එතුමන්ව ජෙනෙවා හි රදගුරුතුමන් ලෙස පත් කරන ලදී. පැරිසියේදී බෙරුල්ලේ කාදිනල් තුමන් හමුවන ඔහු ශුද්ධ වූ තෙරේසා මුනිවරියගේ කාර්මෙල් නිකාය ප්‍රංශයට හදුන්වාදීම සහ තාපසාරාම ප්‍රතිසංස්කරණය කිරීමේ සැලසුම් පිළිබඳව සාකච්ඡා කළේය.

වර්ෂව 1610 ජුනි හය 6 වන දින ශුද්ධ වූ ජේන් ෆ්‍රැන්චෙස් මුනිවරිය සමගිය එකතුව එතුමන් විසින් දේව මාතාවන්ගේ බැහැ දැකීමේ පැවිදි නිකාය ආරම්භ කරන ලදී. වර්ෂ 1622 දෙසැම්බර් 28 වන දින එතුමන් සගලොව දිනා ගන්නා ලදී.

භාග්‍යවරයට එසවීම 1661 ජනවාරි 8 වන දින අති උතුම් VII වන ඇලෙක්සැන්ඩර් ශුද්ධෝත්තම හිමිපාණන් විසින්.
ශුද්ධවන්ත භාවයට සෙවීම එසේ වීම 1665 අප්‍රේල් 8 වන දින අති උතුම් VII ඇලෙක්සැන්ඩර් ශුද්ධෝත්තම හිමිපාණන් විසින්.

ලේඛකයන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ නාමසාන්තුවරයා වන, ශුද්ධ වූ ෆ්‍රැන්සිස් ද සාලිස් මුනිඳුනි, අප නිසා යාච්ඤා කළ මැනව.

#StFrancisdeSales #Prayforus
#Saintoftheday #RVASinhala