ශුද්ධ වූ හිප්පොලිටස් මුනිඳුන්

අද දින සුදුවර චරිතයෙන් අගෝස්තු 13වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ හිප්පොලිටස් මුනිඳුන් ගැන කතා කරමු.

මෙතුමන් උපත ලැබුවා යැයි සැලකෙන්නේ ක්‍රිස්තු වර්ෂ 170 දී වන අතර එතුමන්ගේ ජීවිතයේ මුල් අවධිය පිළිබඳ නිශ්චිත සටහනක් නොමැත. එක් වික්ටෝරියානු න්‍යායකට අනුව සෙෆරයිනස් පාප්තුමා යටතේ (ක්‍රි.ව.199-217) රෝමයේ පූජකයෙකු වූ එතුමන් ඉගැනීමට සහ කථිකත්වයට දක්ෂතාවයක් පෙන්නුවේය.

දේව ධාර්මික කරුණු සහ සභා ආචාරධර්මයන් සම්බන්ධයෙන් බොහෝ වෙනස්කම් සිදුකිරීමට මෙතුමන් දායක විය. රෝමයේ ග්‍රීක බස කතා කරන කිතුනුවන්ගේ නායකයා ලෙසද එතුමන්ව හදුන්වන ලදී.

ක්‍රිස්තු වර්ෂ 235 දී මැක්සිමිනුස් ත්‍රැක්ස් අධිරාජ්‍යයාගේ පීඩන සමයේ එතුමන්ව සර්දීනියාවට පිටුවහල් කරන ලදී. එතුමන්ගේ මරණය සිදු වූවා යැයි සැලකෙන්නේ ද මෙම වසරේ දී මය. පසුව ෆේබියන් පාප්තුමා යටතේ දේහය රෝමයට ගෙනවිත් තැන්පත් කළ බව කියැවේ.

#StHippolytus #Prayforus
#Saintoftheday #RVASinhala

'RVASinhala' Facebook, Instagram, Twitter, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!