ශුද්ධ වූ මහා ලියෝ මුනිඳුන්

අද දින සුදුවර චරිතයෙන් නොවැම්බර් 10වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ මහා ලියෝ මුනිඳුන් ගැන කතා කරමු.

ශුද්ධවු පේදුරු අපෝස්තුළුතුමාගේ සිට පහලොස් වන ශතවර්ෂය දක්වා පත්වූ පාප්තුමාගේ චරිතාපදානයට අනුව මෙතුමන් ක්‍රිස්තු වර්ෂ 400 දී පමණ මධ්‍යම ඉතාලියේ තස්කනි හි උපන් අයෙකි. වර්ෂ 431 වන විට තේවාචාර්‍යවරයෙකු ලෙස ඔහු රෝමයෙන් පිටත ප්‍රසිද්ධියට පත්වූයේ නෙස්ටෝරියස්ට එරෙහි නිබන්ධනය ලියූ නිසාය.

ඔහු ගෝල් හි (වර්තමානයේ ප්‍ර්නො) සිටි කාලය තුළ, තුන්වන සික්ස්ටස් පාප්වහන්සේ මිය ගියේය (440 අගෝස්තු 11), සැප්තැම්බර් 29 වන දින ලියෝ ඔහුගෙන් පසු ඒකමතිකව ජනතාව විසින් තෝරා පත් කර ගන්නා ලදී.

ලියෝ පාප්තුමන් විසින් කිතු දහමට එරෙහිව පැන නැගී බොහෝ ව්‍යාජ ඉගැන්වීම් ඉදිරියේ නැගී සිටි අතර සැබෑ විශ්වාසය රැක ගැනීමට දායක විය. ඒ වෙනුවෙන් ප්‍රසිද්ධ විවාදයක් පැවැත්වීම, ඔවුන්ගේ පොත් පුළුස්සා දැමීම සහ ඉතාලි රදගුරවරුන්ට අනතුරු ඇඟවීමේ ලිපි ලිවීම මගින් ඔවුන්ට එරෙහිව ඉදිරියට ගියේය.
එලෙසම එතුමන් සාගතයන් පැමිණි අවස්ථාවන්හිදී ද, සරණාගතයින්ගේ පැමිණීම සහ දුප්පත්කම වැනි කාරණා වල දී රෝමය තුළ දයාවේ කටයුතු දියුණු කළේය.

ක්‍රිස්තු වර්ෂ 461 නොවැම්බර් 10 වන දින ලියෝ පාප්තුමන් මිය යන අතර, ඔහුගේ අවසාන කැමැත්ත වූයේ ශුද්ධවූ පේදුරු තුමන්ගේ සොහොනට ආසන්නයේ මිහිදන් කිරීම බැවින්, ඔහුගේ දේහය ශාන්ත පීතර බැසිලිකාවේ ආලින්දයේ සොහොන් ගෙයක තැන්පත් කරන ලදී. වර්ෂ 688 දී නැවත එතුමන්ගේ දේහය බැසිලිකාව ඇතුළට ගෙන තැන්පත් කරන ලදී.

'The Great' නොහොත් 'මහා' යන්න නාමයට එක් වූ ප්‍රථම පාප්තුමන් වන, ශුද්ධ වූ මහා ලියෝ මුනිඳුනි, අප නිසා යාච්ඤා කළ මැනව.

#StPopeLeoTheGreat  #Prayforus
 #saintoftheday #rvasinhala

'RVASinhala' Facebook, Instagram, Twitter, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!