ශුද්ධ වූ ගෙතානෝ එරික්කෝ මුනිඳුන්

අද දින සුදුවර චරිතයෙන් ඔක්තොම්බර්ව 29වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ ගෙතානෝ එරික්කෝ මුනිඳුන් ගැන කතා කරමු.

ශුද්ධ වූ ගෙතානෝ එරික්කෝ මුනිඳුන් යනු රෝමානු කතෝලික පූජකයෙකු වූ අතර ජේසුස් වහන්සේගේ සහ මරිය තුමියගේ නිර්මල හෘදයේ ධර්මදූත වරුන්ගේ නිර්මාතෘවරයා විය.

එතුමන් 1791 ඔක්තෝබර් 19 වන දින ඉතාලියේ නේපල්ස් හි සෙකොන්ඩිලියානෝ හි උපත ලැබූ අතර 1860 ඔක්තෝබර් 29 වන දින වයස අවුරුදු 69 දී ඉතාලියේ නේපල්ස් හි සෙකොන්ඩිලියානෝ නගරයේ දීම මිය ගියේය.

2002 අප්‍රේල් 14 වන දින, වතිකානුවේ ශාන්ත පීතර චතුරශ්‍රයේ දී , දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ විසින් භාග්‍යවරයට ඔසවන ලදී.
2008 ඔක්තෝම්බර් 12 වන දින, වතිකානුවේ ශාන්ත පීතර චතුරශ්‍රයේ දීම, XVI වන බෙනඩික්ට් පාප් වහන්සේ විසින් ශුද්ධවන්ත භාවයට ඔසවන ලදී.

#StGaetanoErrico #Prayforus
#Saintoftheday #RVASinhala

'RVASinhala' Facebook, Instagram, X Twitter, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!