ශුද්ධ වූ ඊඩිත් ස්ටේන් මුනිවරිය
අද දින සුදුවර චරිතයෙන් අගෝස්තු 09වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ ඊඩිත් ස්ටේන් මුනිවරිය ගැන කතා කරමු.
මෙතුමිය උපත ලබන්නේ 1891 වසරේ ඔක්තෝබර් 12 දින පෝලන්තයේ රොක්ස්වා නගරේ ජුදා ජාතික පවුලකට දාව ය. පළමු ලෝක යුද්ධයෙන් පසු 1915 වසරේදී සාත්තු සේවිකාවක ලෙස පුහුණුව ලබා බෝවන රෝග රෝහලක වැඩ කළාය.
අවිල්ලා හි තෙරේසා මුනිවරිය විසින් කාර්මෙල් පැවිදි පන්තියේ සිදුකළ වෙනස්කම් ගැන කියවූ ඇය කතෝලික විශ්වාසය පිළිගෙන 1922 ජනවාරි 01 දින බව්තීස්මය ලැබුවාය. එම මොහොතේ ඇය කාර්මෙල් පැවිදි සොහොයුරියක් වීමට අදහස් කළ ද ලැබූ අධ්‍යාත්මික උපදෙස් පරිදි එම අදහස කල් දැමීමට සිදුවිය. එම නිසා ඇය ස්පයෝ හි කතෝලික අධ්‍යාපන පාසලක ඉගැන්වීමේ කටයුතුවල නිරත වූවාය.
1933 අප්‍රේල් මස ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත් වූ ඇය එම වසරේ ඔක්තෝම්බර් මාසයේ දී කාර්මෙල් තාපසාරාමයකට ඇතුළු වූවාය. 1934 වසරේ අප්‍රේල් මස නිකායේ ආධුනිකාවක් ලෙස ආගමික පළඳනාව ලබා ගන්නා අතර "කුරුසියෙ තෙරේසා බෙනඩික්ටා"යන කිතුනු නාමය ලැබුවාය.
එවකට ජර්මනියේ ආරම්භ වූ ජාතිවාදී නාසි යුද්ධය හමුවේ බොහෝ තාඩන පීඩන වලට ලක් වීමට සිදු වූ කිතුනුවන් වෙනුවෙන් මහත්වූ ආධ්‍යාත්මික වූ අරගලයක් එතුමිය විසින් සිදු කළාය. 1942 අගොස්තු 07 දින අළුයම එතුමිය ඇතුළු 987ක පිරිසක් සිර කඳවුරක කොටු කරන ලදී. අගෝස්තු 09 වන දින එතුමිය ඇතුළු බොහෝ පිරිසක් ගෑස් කුටියක දමා මරණයට පත් කරන ලදී.
භාග්‍යවරයට එසවීම 1987 මැයි 01 දින අති උතුම් දෙවන ජුවාම් පවුලු ශුද්ධෝත්තම හිමිපාණන් විසින්
ශුද්ධවන්ත භාවයට එසවීම 1998 ඔක්තෝබර් 11 දින අති උතුම් දෙවන ජුවාම් පාවුළු ශුද්ධෝත්තම හිමිපාණන් විසින් .
යුරෝපයේ, දෙමාපියන් අහිමි වූවන්ගේ, කිතු දහම වැලද ගත් යුදෙව්වන්ගේ, ප්රාණපරිත්යාගීන්ගේ නාමසාන්තුවරිය ලෙස සැළකේ. ශුද්ධ වූ ඊඩිත් ස්ටේන් මුනිවරියනි, අප නිසා යාච්ඤා කළ මැනව.
#StEdithStein #Prayforus
#Saintoftheday #RVASinhala
'RVASinhala' Facebook, Instagram, Twitter, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!