වෙර්චෙල්ලි හි ශුද්ධ වූ එවුසේබියස් මුනිඳුන්

අද දින සුදුවර චරිතයෙන් අගෝස්තු 02වන දිනට මංගල්‍යය යෙදෙන වෙර්චෙල්ලි හි ශුද්ධ වූ එවුසේබියස් මුනිඳුන් ගැන කතා කරමු.

මෙතුමන් උපත ලබන්නේ ක්‍රි.ව. 283 වසරේ මාර්තු 02 දින ඉතාලියේ සර්දිනියා දුපතේ දී ය. ඔහුගේ පියා ප්‍රාණ පරිත්‍යාගිවරයකු ලෙස දිවි පිදූ අතර මව විසින් එතුමන්ව රෝමයට රැගෙන යන ලදී. පසුව එතුමන් සභාවේ නිල වශයෙන් දේව වචනය කියවන්නකු බවට පත්විය.

ක්‍රි.ව. 340 වසරේ මැද භාගයේ දී එතුමන් වෙර්චිල්ලි හී ප්‍රථම රදගුරු තුමන් ලෙස පත් විය. ශුද්ධ වූ අතනාසියුස් මුනිඳුන්ගේ ජීවිතයෙන් ලද බලපෑම මත එතුමන් තාපස ජීවිතයකට නැඹුරු පූජක සංගයක් වෙර්චෙල්ලි හී ආරම්භ කරන ලදී. පැවිද්දන් සමග පොදුවේ ජීවිතය ගත කළ ප්‍රථම රදගුරුතුමා එතුමන් වන අතර ඔවුන්ගේ ශ්‍රද්ධාව හා ජ්වලිතභාවය වර්ධනය කිරීමට කැප වුණේය.

කතෝලික ඇදහිල්ලට විරුද්ධව එවකට පැවති බලවේගයන් හමුවේ නොසැලී කටයුතු කළ එතුමන් හට බොහෝ තාඩන පීඩන වලට ද මුහුණ දීමට සිදුවිය. නමුත් තම කතෝලික විශ්වාසය රැකගත් එතුමන් විශේෂයෙන් සභා අර්බුදයන්ට දී ඒවා සමථයකට පත් කිරීමට මැදහත් විය. ක්‍රිස්තු වර්ෂ 371 අගෝස්තු 01 දින එතුමන් සගලොව දිනා ගන්නා ලදී.

#StEusebiusofVercelli #Prayforus
#Saintoftheday #RVASinhala

'RVASinhala' Facebook, Instagram, Twitter, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!