පෘතුගාලයේ ශුද්ධ වූ එලිසබෙත් මුනිවරිය

අද දින සුදුවර චරිතයෙන් ජූලි 04 වන දිනට මංගල්‍යය යෙදෙන පෘතුගාලයේ ශුද්ධ වූ එලිසබෙත් මුනිවරිය ගැන කතා කරමු.
එලිසබෙත් ක්‍රි.ව. 1271 ජනවාරි 04 වන දින ස්පාඤ්ඤයේ උපත ලද කුමරිකාවකි. ඇය වයස අවුරුදු දොළහේ දී පෘතුගාලයේ ඩෙනිස් රජු සමඟ විවාහ වූවාය. ඇය ඉතා රූමත් සහ දයාබරිත කාන්තාවක් විය.
එතුමිය ඉතා භක්තිමත් කාන්තාවක් වූ අතර සෑම දිනකම දිව්‍ය පූජාවට සහභාගී වූවාය.
එලිසබෙත් භාර්යාවක් ලෙස ඉතා ගුණගරුක බිරිඳක් ලෙස වූ ඇගේ ස්වාමිපුරුෂයා ඇලුම් කළ විවාහයෙන් ටික කලකට පසු ඇයට තම සැමියා නිසා මහත් සේ දුක් විඳීමට සිදු වූවා ය.
පසු කලෙක සිදුවන සිද්ධින් හමුවේ රජුගේ සිත බොහෝ සෙයින් වෙනස් වී සියලු දෙනා ඉදිරියේ එලිසබෙත් තුමියගෙන් සමාව ගෙන ඇයට ඇලුම් වන්නට ද යහපත් ජීවිතයක් ගත කරන්නටද පටන් ගත්තේ ය. තම සැමියාගේ අවසාන කාලයේ දී එතුමිය ඔහු සමගම රැදී සිටියාය.
එම මරණයෙන් පසුව වසර 11ක කාලයක් දයාවේ සහ පශ්චාත්තාපීක කටයුතු වල යෙදුණු එතුමිය දිළිදු වූවන් කෙරෙහි මහත් වූ දයානුකම්පාවේ ප්‍රතිමූර්තියක් වූවාය. එලෙසම තම පවුලේ අය අතර ද ජාතීන් අතර ද සමගිය ඇති කරවන කෙනෙක් වූවාය.
1336 ජූලි 04 දින අල්ජෆේරියා මාලිගයේ දී එතුමිය සගලොව දිනා ගන්නා ලදී. ,
ශුද්ධවන්ත භාවයට එසවීම 1625 මැයි 25 දින අති උතුම් අට වන උර්බාන් ශුද්ධෝත්තම හිමිපාණන් විසින්.
#StElizabethofPortugal #Prayforus
#Saintoftheday #RVASinhala
'RVASinhala' Facebook, Instagram, Twitter පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!