නොවැම්බර් 01 - අද සියළු සාන්තුවරුන්ගේ මංගල්‍යය දිනය යි.

නොවැම්බර් 01 - අද සියළු සාන්තුවරුන්ගේ මංගල්‍යය දිනය යි.

දෙවි සමිඳාණන් ඉදිරියේ මුළු ලොව වෙනුවෙන් මැදහත් වන මෙන් අයැදිමු සියළු සාන්තුවරුන්ගෙන්...

විශ්වීය කතෝලික සභාව තුළ පවත්වන මංගල්‍යයයන් අතර සියළු සාන්තුවර මංගල්‍යය ඉතාම වැදගත් තැනක් ගන්නවා. සභාවේ ඉතිහාසයට අනුව මෙම මංගල්‍යය ක්‍රි. ව. 609 දී හතරවන බොනිෆස් පාප්තුමා විසින් මැයි මස 13 වන දින පැවැත්වූ බව සඳහන් වෙනවා.
එය දේව මාතාවන්ට සහ ප්‍රාණපරිත්‍යගීන්ට ගරු කිරීමක් ලෙස පැවැත්වු බව සඳහන් වෙනවා.
පසු කාලීනව තුන්වන ග්‍රෙගරි පාප්තුමා විසින්, ක්‍රි. ව. 837 දී සියළු සාන්තුවර දිනය විශේෂ දිනයක් කර නොවැම්බර් 01 දින පැවැත්වීමට වැඩකටයුතු සැලසුවා.
මෙම දිනය සුවිශේෂී දිනයක් ලෙස කතෝලික සභාව, පෙන්තකොස්ත සභාව සහ පෙරදිග ඕතඩොක්ස් සභාව ද සලකනවා. කතෝලික සභාව මෙය නොවැම්බර් 01දා සමරන අතර, යම් සභාවන් මෙය පෙන්තකොස්ත දිනයට පසු එන ඉරිදා දින සමරනවා.
මෙලොව තුළ දෙවිදුන්ට කීකරු ලෙස දිවි ගෙවා, ස්වර්ගය අත්පත් කරගත් සෑම ශුද්ධවන්ත මිනිස් ආත්මක් ගැනම, දැන් මෙලොව ජීවිත්වන අප මේ දිනයේදී ගැඹුරින් කල්පනා කරනවා.
ශුද්ධවන්තයන්ගේ මැදහත් කම සොයන හා ඔවුන්ගේ මැදිහත්කම තුළින් අප දෙවිඳුන්ගෙන් ලද සියළු වරප්‍රසාද වලට තුති දීමට කදිම දවසක් මේ දිනය.
ශුද්ධවන්තයන් අතර අග්‍රරාජිණිය මරිය අම්මාය. ඇගේ සෙනෙහස අද්දැකිය හැකි ලස්සන දිනයක් තමයි සියළු සාන්තුවර දිනය.
මේ දවස අර්ථවත් ලෙස ගතකිරීමට හොඳම ආකාරය වන්නේ, අපිත් ඔවුන් මෙන් දේව කැමැත්ත මෙලොව තළ ඉටුකිරීයි. ශුද්ධවන්තයෙක් යනු සභාව තුළ නිල වශයෙන් ශුද්ධවන්ත භාවයට එසවූ අය පමණක් නෙවේ. දේව කැමැත්ත මෙලොව තුළ ඉටුකර අද ස්වර්ගයේ දෙවිඳුන් වතට වත දකින සියළුදෙනා ශුද්ධවන්තයෝය.

#SolemnityofAllSaints #saintoftheday #rvasinhala

'RVASinhala' Facebook, Instagram, Twitter, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!