අසීසියේ ශුද්ධ වූ ෆ්‍රැන්සිස් මුනිඳුන්

අද දින සුදුවර චරිතයෙන් ඔක්තොම්බර් 04වන දිනට මංගල්‍යය යෙදෙන අසීසියේ ශුද්ධ වූ ෆ්‍රැන්සිස් මුනිඳුන් ගැන කතා කරමු.

ෆ්‍රැන්සිස් උපත ලබන්නේ ක්‍රිස්තු වර්ෂ 1181 ඉතාලියේ අසීසි නගරයේ සේද වෙළෙඳාමේ යෙදුණ ධනවතකු වන පියෙත්‍රෝ ඩි බර්නාර්ඩොනේ දේයි මරිකෝනි සහ ප්‍රංශ ජාතික පීකා දේ බොර්ලෙමොන්‍ට් යුවලට දාවය.දරුවා මෙලොවට බිහිවන මොහොතේ පියා ප්‍රංශයේ වෙළදාම් කටයුතුවල නිරත වූ බැවින් මව ඔහුට ජියොවන්නි (ජුවාම් )යැයි නම තැබූ නමුත් පියා නැවත පැමිණි පසු ඔහුව ෆ්‍රැන්චෙස්කෝ ( ෆ්‍රැන්සිස් )යන නමින් හඳුන්වන්නට පටන් ගත්තේ ඔහුගේ ගේ ව්‍යාපාර කටයුතු වල අනාගතය තම පුතුට පැවරීමේ අදහසිනි.

වයස අවුරුදු දහනවයක් පමණ වන විට ෆ්‍රැන්සිස් අසල පිහිටි පෙරුජියා නගරයට එරෙහිව සටනට ගියේය. එහිදී ෆ්‍රැන්සිස්ව අල්ලා සිරකරුවෙකු ලෙස ගෙන ගිය අතර . ඔහුගේ පියා විසින් ඔහු වෙනුවෙන් කප්පම් ගෙවීමට පෙර වසරක පමණ කාලයක් සිරගත වී සිටිමට ඔහුට සිදු වි.

ඊළඟ අවුරුදු කිහිපය තුළ ෆ්‍රැන්සිස් දෙවියන් වහන්සේගේ දර්ශන දැකීමට පටන් ගත්තේය. පළමු දර්ශනය වූයේ ඔහු අධික උණ රෝගයෙන් පෙළෙන විටය. මුලදී ඔහු සිතුවේ කුරුස යුද්ධවලදී සටන් කිරීමට දෙවියන් වහන්සේ ඔහුව කැඳවා ඇති බවයි. කෙසේ වෙතත්, ඔහුට තවත් දර්ශනයක් ලැබූ අතර එයින් රෝගීන්ට උපකාර කරන ලෙස ඔහුට අනාවරණයක් ලැබිණි. අවසානයේදී , දෙව්මැදුරක යාඥා කරමින් සිටින විට, “නටබුන් වී ඇති මගේ පල්ලිය අලුත්වැඩියා කරන්න” කියා ද දෙවිඳුන් ඔහුට පැවසූ බව ෆ්‍රැන්සිස් වටහා ගත්තේය.

ෆ්‍රැන්සිස් ඔහුගේ සියලු මුදල් පල්ලියට ලබා දුන්නේය. එමනිසා ඔහුගේ පියා ඔහු සමඟ දැඩි කෝපයට පත් විය. ඉන්පසු ෆ්‍රැන්සිස් තම පියාගේ නිවස අතහැර දිළිඳුකමේ පොරොන්දුවක් ගත්තේය.

ෆ්‍රැන්සිස් ලෞකිකත්වය බැහැර කරන කරන දිලුදුකම තුළ සැමවිට ජීවත් වූ අතර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ ජීවිතය ගැන මිනිසුන්ට දේශනා කළ විට මිනිසුන් ඔහුව අනුගමනය කිරීමට පටන් ගත්හ.. 1209 වන විට ඔහුට අනුගාමිකයන් 11 ක් පමණ සිටියහ. ඔහුට එක් මූලික රීතියක් තිබුණි, එනම් “අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ ඉගැන්වීම් අනුගමනය කිරීම සහ එතුමන්ගේ අඩිපාරේ ගමන් කිරීම” යන්නයි.

ෆ්‍රැන්සිස් කතෝලික සභාවේ දැඩි අනුගාමිකයෙක් විය. ඔහු සහ ඔහුගේ අනුගාමිකයන් පාප්තුමාගෙන් ඔවුන්ගේ පැවිදි නිකාය සඳහා අනුමැතිය ලබා ගැනීම සඳහා රෝමයට ගියහ. මුලදී පාප්තුමා ඒ සදහා පසුබට වුවද අවසානයේදී ඔහු ඔවුන්ගේ දුප්පත්කම පිළිබඳ පොරොන්දුව තේරුම් ගෙන ආශීර්වාද කළේය.

තවත් බොහෝ මිනිසුන් එතුමන් සමඟ එකතු වී දිළිඳුකමේ පොරොන්දු ඉටු කිරීමත් සමඟ ෆ්‍රැන්සිස්කානු නිකාය වර්ධනය විය. අසීසියේ ක්ලෙයාර් නම් කාන්තාවකට මේ හා සමාන දිළිඳුභාවය භාරයක් කිරීමට අවශ්‍ය වූ විට, ෆ්‍රැන්සිස් ඇයට දිළිඳු කාන්තාවන්ගේ පැවිදි නිකායක් ආරම්භ කිරීමට උදව් කළේය. ඔහු තවත් පැවිදි පංතියක් ආරම්භ කළ අතර පසුව එය ශාන්ත ෆ්‍රැන්සිස් මුනිඳුන් ගේ තුන්වන පංතිය ලෙස හැඳින්වීය) එය භාරයකට යටත් නොවි හා තම රැකියාව අත් නොහැර නමුත් එදිනෙදා ජීවිතයේදී ෆ්‍රැන්සිස්කානු නිකායේ ප්‍රතිපත්ති තුළ ජීවත් වූ පිරිමින්ට සහ කාන්තාවන් ගෙන් සැදුම් ලද්දකි.

ෆ්‍රැන්සිස් බොහෝ සෙයින් ප්‍රචලිත සොබාදහමට හා සතුන්ට ඇති ආදරය කිරීම නිසාය. ඔහු සතුන්ට දේශනා කිරීම පිළිබඳවද බොහෝ කථා තිබේ. දිනක් ඔහු කුරුල්ලන් කිහිප දෙනෙකු සමඟ කතා කරමින් සිටි විට ඔවුන් එකට ගායනා කිරීමට පටන් ගත් අතර අහසට පියාසර කර කුරුසියක ලකුණක් සෑදූ බව කියැවේ.

ෆ්‍රැන්සිස්ට වන සතුන් හීලෑ කළ හැකි බව ද කියනු ලැබේ. එක් කතාවක් ගුබ්බියෝ නගරයේ මිනිසුන් සහ බැටළුවන් මරා දැමූ දරුණු වෘකයෙකු ගැන නගරයේ වැසියන් භීතියට පත් වූ අතර කුමක් කළ යුතු දැයි නොදැන සිටියහ. ෆ්‍රැන්සිස් නගරයට ගියේ වෘකයාට මුහුණ දීමටය. මුලදී වෘකයා ෆ්‍රැන්සිස් දෙස බලා ඔහුට පහර දීමට සූදානම් විය. කෙසේ වෙතත්, ෆ්රැන්සිස් කුරුසියේ ලකුණ සාදා වෘකයාට පැවසුවේ වෙන කිසිවෙකුට හානියක් නොකරන ලෙසයි. එවිට වෘකයා හීලෑ වී නගරය ආරක්ෂිත විය

ෆ්‍රැන්සිස් රෝගාතුර වූ අතර ඔහුගේ ජීවිතයේ අවසාන වසර කිහිපය ගත කළේ අන්ධභාවයට පත්වය. ඔහු 1226 ඔක්තෝබර් 03 දින ගීතාවලියේ 141 වන ගීතිකාව ගායනා කරමින් තම අවසන් හුස්ම හෙළන ලදී . එතුමන්ව ශුද්ධවරභාවයට ඔසවන ලද්දේ 1228 ජුලි 16 වන දින අති උතුම් ix වන ග්‍රෙගරි ශුද්ධෝත්තම හිමිපාණන් විසින්.

ස්වභාවධර්මයේ, සත්ත්වයින්ගේ සහ පුරාවිද්‍යාඥයින්ගේ නාමසාන්තුවරයා වන, අසීසියේ ශුද්ධ වූ ෆ්‍රැන්සිස් මුනිඳුනි, අප නිසා යාච්ඤා කළ මැනව


#SaintFrancisOfAssisi #Prayforus #Saintoftheday #RVASinhala

'RVASinhala' face book,Instagram,Twitter පිටුව like කරන්න,comment කරන්න,share කරන්න,
YouTube චැනලය Subscribe කරන්න.ස්තූතියි...!