අද දින සුදුවර චරිතයෙන් සැප්තැම්බර් 28වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ ලොරෙන්සෝ රුයිස් මුනිඳුන් ගැන කතා කරමු.

අද දින සුදුවර චරිතයෙන් සැප්තැම්බර් 28වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ ලොරෙන්සෝ රුයිස් මුනිඳුන් ගැන කතා කරමු.
ලොරෙන්සෝ රූයිස් 1594 නොවැම්බර් 28 වන දින පිලිපීනයේ මැනිලා හි බිනොන්ඩෝ හි චීන ජාතික පියෙකුට සහ පිලිපීන ජාතික මවකට දාව උපත ලැබීය. ඔහුගේ පියා විසින් ඔහුට චීන භාෂාව ඉගැන්වූ අතර මව තගාලෝ භාෂාව උගන්වන ලදී.
ලොරෙන්සෝ බිනොන්ඩෝ දේවස්ථානයේ පූජා සහයක දරුවකු ලෙස සේවය කළේය. වසර කිහිපයක් තිස්සේ දොමිනිකානු පැවිද්දන්ගෙන් අධ්‍යාපනය ලැබීමෙන් පසු, ඔහුගේ ලිවීමේ දක්ෂතාවය නිසා කීර්ති නාමයක්ද දිනා ගත්තේය. ඔහු පසුව රොසාරියෝ නම් තැනැත්තියක සමඟ විවාහ වූ අතර ඔවුන්ට පුතුන් දෙදෙනෙක් සහ දියණියක් සිටියහ. රූයිස් පවුල සාමාන්‍යයෙන් සාමකාමී, ආගමික හා තෘප්තිමත් ජීවිතයක් ගත කළේය.
1636 දී, බිනොන්ඩෝ දේවස්ථානේ ලිපිකරුවෙකු ලෙස සේවය කරමින් සිටියදී, ලොරෙන්සෝට ස්පාඤ්ඤ ජාතිකයෙකු ඝාතනය කළ බවට බොරු චෝදනා එල්ල විය. එබැවින් ලොරෙන්සෝ දොමිනිකානු පූජකයන් තිදෙනෙකු ද ජපන් ජාතික පූජකයෙකු සහ ලාදුරු රෝගියෙකු ද සමඟ 1636 ජුනි 10 වන දින ජපානයේ ඔකිනාවා බලා යාත්‍රා කළහ.
ලොරෙන්සෝ ජපානයට පැමිණෙන විට ටොකුගාවා ෂෝගුනාතේ කිතුනුවන්ට පීඩා කරමින් සිටියේය. ඔහු විසින් මිෂනාරිවරුන් අත්අඩංගුවට ගෙන සිරගෙට දැමූ අතර, වසර දෙකක වධහිංසා පැමිණවීමෙන් පසු නඩු විභාගයකට මුහුණ දීම සඳහා ඔවුන් නාගසාකි වෙත මාරු කරනු ලැබීය. මෙම කණ්ඩායමට බොහෝ කුරිරු වධ හිංසා වලට මුහුණ දීමට සිදුවිය.
1637 සැප්තැම්බර් 27 වන දින ලොරෙන්සෝ සහ ඔහුගේ සගයන් නිෂිසාකා කදු වෙත ගෙන යන ලද අතර එහිදී වළකට දමා උඩු යටිකුරු කොට එල්ලා තබා මියැදීමට සලස්වන ලදී. ලොරෙන්සෝ දින දෙකකට පසු එනම් 1637 සැප්තැම්බර් 29 වන දින වයස අවුරුදු 42 දී මිය ගියේය. ලොරෙන්සෝ දුක් විඳිමින් සිටියද ක්‍රිස්තියානි ධර්මය අත්හැරීම ප්‍රතික්ෂේප කළේය. ඔහුගේ දේහය ආදාහනය කොට අළු මුහුදට විසි කරන ලදී.
ඔහුගේ මරණය පිළිබඳ වාර්තාවට අනුව, ඔහුගේ අවසාන වචන වූයේ, "මම කතෝලිකයෙක් වන අතර දෙවියන් වහන්සේ වෙනුවෙන් මුළු හදවතින්ම මරණය පිළිගනිමි. මට ජීවිත දහසක් තිබුණා නම්, මේ සියල්ලම මම ඔහුට පූජා කරන්නෙමි. ඔබ කැමති දෙයක් මා හට කරන්න" යන්නයි.
ශුද්ධ වූ ලොරෙන්සෝ රූයිස් මුනිඳුන් පිලිපීන තරුණයින්ගේ ද පිලිපීනයේ ද විදේශයන්හි සේවය කරන පිලිපීන පුද්ගලයින්ගේ සහ පිලිපීන පූජා සහයක දරුවන්ගේ ද නාමසාන්තුවරයා ය.
භාග්‍යවරයට එසවීම 1637 සැප්තැම්බර් 29 වන දින අති උතුම් II ජුවාම් පාවුළු ශුද්ධෝත්තම හිමිපාණන් විසින්.
ශුද්ධවන්ත භාවයට එසවීම 1981 පෙබරවාරි 18 වන දින අති උතුම් II ජුවාම් පාවුළු ශුද්ධෝත්තම හිමිපාණන් විසින්.

#StLorenzoRuiz #Saintoftheday #Prayforus
#Saintoftheday #RVASinhala 

'RVASinhala' face book,Instagram,Twitter පිටුව like කරන්න,comment කරන්න,share කරන්න,
YouTube චැනලය Subscribe කරන්න.ස්තූතියි...!