2025 ජුබිලි වසර
2025 ජුබිලි වසර
කතෝලික සභාව 2025 ජුබිලි වසර නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. 🙏 සෑම වසර 25 කට වරක් සමරනු ලබන මෙම ඓතිහාසික සිදුවීම නත්තල් රාත්‍රී දිව්‍ය පූජාව අතරතුර ආරම්භ වූ අතර එය 2026 ජනවාරි 6 වන දින දෙව් බිළිඳාණන් රජුන්ට ප්රත්යක්ෂ වීමේ මංගල්‍යයෙන් අවසන් වේ. 📅 මෙම ඓතිහාසික අවස්ථාව ගැන සැකෙවින්.
ජුබිලි වසරක් යනු කුමක්ද?
ජුබිලි වසර යනු සෑම වසර 25 කට වරක් කතෝලික සභාව විසින් සමරනු ලබන පූජනීය කාල පරිච්ඡේදයකි. එය සමාව දීම, සංහිඳියාව සහ අලුත් වීමේ කාලයකි - දෙවියන් වහන්සේ, අප එකිනෙකා සහ සියලු මැවිල්ල සමඟ අපගේ සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට ආරාධනා කිරීමකි.
බලාපොරොත්තුවේ වන්දනාකරුවෝ
2025 ජුබිලි වර්ෂයේ තේමාව වන්නේ "බලාපොරොත්තුවේ වන්දනාකරුවෝ" යන්නයි. මැවීමේ ප්‍රධානීන් වෙනවාට වඩා වන්දනාකරුවන් ලෙස අපගේ භූමිකාව වැළඳ ගනිමින් ලෝකය කෙරෙහි අපගේ බලාපොරොත්තුව සහ රැකවරණය අලුත් කරන ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අපට ආරාධනා කරයි. බලාපොරොත්තුවේ වන්දනාකරුවන් ලෙස, දෙවියන් වහන්සේ, අප එකිනෙකා සහ ලෝකය සමඟ අපගේ සම්බන්ධතාවය ශක්තිමත් කරමින් එක්ව ගමන් කිරීමට අපට ආරාධනා කර ඇත.
ජුබිලි යැදුම
ස්වර්ගයේ වැඩ වසන දයාබර පියාණෙනී, ඔබ වහන්සේගේ පුත්‍රයාණන් ද, අපගේ සොහොයුරාණන් ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළින් අපට ලැබී තිබෙන විශ්වාසය සහ ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් අපට හදවත තුළ දවාලන ලද දයාවේ ගිනි දැල් මගින් ඔබ වහන්සේගේ රාජ්‍යයේ පැමිණීම පිළිබඳ භාග්යවත්ත අපේක්ෂාව අප හදවත් තුළ පිබිදේවා! ඔබ වහන්සේගේ වරප්‍රසාදය, අපව වෙහෙස නොබලා සුබ අස්නේ බීජ වපුරන්නන් බවට පරිවර්තනය කරන සේක්වා! නව අහසක් සහ තව පොළොවක් පිළිබඳ ස්ථිර අපේක්ෂාව තුළ එම බීජ මනුෂ්‍යත්වය සහ සමස්ථ විශ්වයම ඇතුළාන්තයෙන් පරිවර්තනය කරත්වා! එලෙසම නපුරේ බලය පරාජය වූ කල්හි ඔබ වහන්සේගේ මහිමය සදාකාලයටම බබළන්නේ ය! ජුබිලි වරප්‍රසාදය, බලාපොරොත්තුවේ වන්දනාකරුවන් වන අප තුළ ස්වර්ගීය සම්පත් කෙරෙහි ආශාව පුබුදු කරත්වා! එම වරප්‍රසාදය අප ගැලවුම්කරුවාණන්ගේ සතුට සහ සාමය පොළොව පුරා පතුරවත්වා! සදාතනික භාගවන්තයාණන් වන අපගේ දෙවියන් වහන්සේ වන ඔබ වහන්සේට මහිමය ද ප්‍රශංසාව ද සදාකාලයටම හිමිවේවා! ආමෙන්.
#JubileeYear2025 #RVASinhala
#VeritasAsia
'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!