මරියා ගොරෙත්ති | ආදරයේ නිර්භීතම තේරීම සමාව දීමයි

මරියා ගොරෙත්ති | ආදරයේ නිර්භීතම තේරීම සමාව දීමයි

මරියා ගොරෙත්ති උපත ලබන්නේ 1890 ඔක්තෝම්බර් 16 දින ඉතාලියේ කොරිනාල්ඩෝහී දී ය.
ඇය හැදී වැඩුණේ දුප්පත් කෘෂිකාර්මික පවුලක යි.
ඇය බැතිමත් උද්යෝගිමත් දියණියක් වූවාය.
ජපමාලය උච්ඡාරණය ඇගේ පුරුද්දක් විය.
මරියාට වයස 10දී ඇගේ පියා මැලේරියාවෙන් මිය ගිය පසු පවුල් බර වැඩි විය.
මරියා ඇගේ මව වැඩ කරන අතරතුර සොයුරු සොයුරියන් 6 දෙනා රැකබලා ගත්තාය.
ඇය සෑම රාත්‍රියකම තම පියාගේ ආත්මය වෙනුවෙන් යාච්ඤා කළාය.
1902 ජූලි 5 වන දින මරියා ඇගේ වයස අවුරුදු 11 මාස 8 දී ප්‍රාණපරිත්‍යාගී විය.
ඇලෙක්සැන්ඩ්‍රෝ සෙරෙනෙල්ලි නම් තරුණයෙක් පාපිෂ්ඨ සිතක් ඇතිවී කිහිප වරක් ඇය පාපය පොළඹවන්නට උත්සාහ දැරුවේය.
අවසානයේදී කිපුණු ඇලෙක්සැන්ඩ්‍රෝ ඇයට පිහියකින් ඇණ බරපතළ ලෙස තුවාල කළේය.
පිහි ඇනුම් 14ක් ලද ඇය පසුදින මිය ගියාය.
මරියා මිය ගියේ ඇගේ මිනීමරුවාට දයාවෙන් සමාව දීමෙන් පසුවය.
ඇගේ අවසන් වදන් වූයේ, "මම ඇලෙක්සැන්ඩ්‍රෝ සෙරෙනෙල්ලිට සමාව දෙනවා. මම ඔහුව මා සමඟ සදහටම ස්වර්ගයේ දැකීමට අවශ්‍යයි." 
දරදඬු ඇලෙක්සැන්ඩ්‍රෝ සිරගතව සිටියදී මරියා සිහිනයකින් පැමිණ ලිලී මල් 14ක් දී ඔහුට සමාව දීම දැකීමෙන්, ඔහුගේ ජීවිත පරිවර්තනයකට ලක් විය. ඔහු තම ක්‍රියාව ගැන දැඩි ලෙස පශ්චත්තාප විය. සිරදඬුවම් විඳීමෙන් පසු, ඔහු මරියාගේ භාග්‍යවරයට එසවීමටත් සහභාගී වූ අතර, ආරාමයක ගිහි සහෝදරයෙකු බවට පත් වී දැහැමි දිවියක් ගත කළේය.
මරියා ගොරෙත්ති පාරිශුද්ධත්වය, නිර්මලකම, තරුණ ගැහැණු ළමයින්, යෞවනියන් සහ දූෂණයට හෝ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන් පිළිබඳ නාමසාන්තුවරියයි.
ඇයගේ මරණයෙන් පසු ඇගේ සිරුර නොදිරූ බවට බොහෝ විට වැරදි ලෙස වාර්තා වේ. මන්ද යත් ඇගේ අස්ථි කොටස් (ධාතූ) වීදුරු පෙට්ටියක් තුළ වැතිර ඇති ඉටි ප්‍රතිමාවක තැන්පත් කර ඇති අතර එම ප්‍රතිමාව ඇය ජීවමාන ආකාරයෙන්ම සකසා ඇත.
වන්දනාකරුවන්ට ඉතාලියේ නෙට්ටුනෝ හි ශාන්ත මරියා ගොරෙත්ති බැසිලිකාවේ පිහිටි ඇගේ සිද්ධස්ථානය, ඇගේ උපන් නිවස, ජීවත් වූ නිවස, මියගිය රෝහල ද දැකබලා ගත හැක.

ශුද්ධ වූ මරියා ගොරෙත්ති මුනිවරියට යැදුම

සාන්ත මරියා ගොරෙත්ති මුනි තුමියනි, ඉතා පාරිශුද්ධ සහ අවිහිංසක ඔබේ දිවිය ජේසුස් වහන්සේගේ ප්‍රේමයට තිළිණ කර දුන්නේ පාප කිලුටෙන් මුළුමණින්ම ඈත් වෙමිනි. ඔබගේ ප්‍රහාරකයාට සමාව දෙමින් ඔහුට යහපතක්ම ප්‍රාර්ථනා කළ ඔබතුමිය දිනපතා මා රැකබලා ගත මැනව. ආරක්ෂා කළ මැනව. මගපෙන්වුව මැනව. සැමට සමාව දීමට මට ඉගැන්නුව මැනව. මාගේ මුළු හදවතින් ජේසුස් ස්වාමීන් වහන්සේට ප්‍රේම කිරීමට මට කියා දුන මැනව. පියාණන්ගේ ද පුත්‍රයාණන්ගේ ද ශුද්ධාත්මයාණන්ගේ ද නාමයෙන් ආමේන්.

#StMariaGoretti #Prayforus
#Saintoftheday #RVASinhala

'RVASinhala' Facebook, Instagram, Twitter පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!