දිව්‍ය සත්ප්‍රසාද වන්දනාව - දේව ප්‍රශාංසාව

දිව්‍ය සත්ප්‍රසාද වන්දනාව
දේව ප්‍රශාංසාව

ජේසුස් ක‍්‍රිස්තුන් වහන්සේ දිව්‍ය සත්ප‍්‍රසාද වහන්සේ තුළ ජීවමානව වැඩ
සිටිනා බව කතෝලික අපගේ විශ්වාසය යි. එය දිව්‍ය සත්ප‍්‍රසාද ප‍්‍රාතිහාර්යයන්
තුළින් ද සනාථ වී ඇත. එමගින් අපගේ උතුම් ම වන්දනාව උන් වහන්සේට
පුද කරනු ලැබේ. හැකි සැම විට ම දේවස්ථානයට පැමිණ දිව්‍ය සත්ප‍්‍රසාද
වහන්සේ බැහැදකින්නේ ද එබැවිනි. දිව්‍ය සත්ප‍්‍රසාද වහන්සේ බැහැදැකීමේ
තවත් පරමාර්ථ ඇත:
x දිව්‍ය සත්ප‍්‍රසාදයේ වැඩ සිටින ජීවමාන ජේසුස් වහන්සේට අපගේ
වන්දනාව සහ ආදරය පුද කිරීමට
x යාච්ඤාව ත-ුළින් උන් වහන්සේ හා ගැඹුරු සබඳතාවක් පවත්වා ගෙන
යාමට
x අපගේ ආධ්‍යාත්මික හා ලෞකික අවශ්‍යතා ඉල්ලා ගැනීමට
x අපගේ ජීවිතයේ ජයග‍්‍රහණ හා දුක්වේදනා උන් වහන්සේ හමුවේ තැබීමට
x අපට ලැබුණා වූ සියලූ දේව වරප‍්‍රසාදවලට තුති පිදීමට.

#Benediction #DivinePraise #RVASinhala

'RVASinhala' face book,Instagram,Twitter පිටුව like කරන්න,comment කරන්න,
share කරන්න,YouTube චැනලය Subscribe කරන්න.ස්තූතියි...!