ප්‍රවීණ ගායන ශිල්පී, අනිල් භාරතී මහතා ජීවන ගීතය නිමා කරයි.
අභාවප්‍රාප්ත ප්‍රවීන හා ජනප්‍රිය ගායක අනිල් භාරතී ශිල්පියාගේ අවසන් කටයුතු 26 වෙනි ඉරිදා සවස 3.30ට පානදුර ශාන්ත ජෝන් දෙව් මැදුර වෙත රැගෙන ගොස් එහිදී පැවැත්වෙන දේව මෙහෙයෙන් පසු සවස 5.00ට පානදුර මිනුවන්පිටිය පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.
දේහය මහජන ගෞරවය සඳහා පානදුර මහින්ද ජයකොඩි මල් ශාලාවේ 25 වෙනි සෙනසුරාදා පෙ.ව. 8.30 සිට 26 වෙනි ඉරිදා සවස 2.30 තෙක් තබනු ලැබේ.
(වැඩිමහල් පුත් ඕස්ට්‍රේලියාවේ සිට පැමිණීමට නියමිත බැවින් 23 සහ 24 දින දෙක දේහය විවෘත්ත නොකොට රඳවා තබා 25 වෙනි සෙනසුරාදා විවෘත්ත කිරීමට සැලසුම් කල බව කරුණාවෙන් සලකන්න.)
- රොහාන් ද සිල්වා මහතාගේ සටහනක් ඇසුරිනි.
මෙරට සංගීත ක්ෂේත්රය සුපෝෂණය කළ ප්‍රවීණ ගායන ශිල්පී, අනිල් භාරතී මහතා ඊයේ (22දා) සිය ජීවන ගීතය සදහටම නිමා කළේය.
පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියයන විට ඒ මහතා 75 වැනි වියෙහි පසුවිය.
පානදුර ශ්‍රි සුමංගල විඉාලය, කොළඹ වෙස්ලි විඉාලය සහ මොරටුව වේල්ස් කුමාර විඉාලයෙන් අධ්‍යාපනය හැදෑරු ඒ මහතා, දශක පහක් පුරා ගීත ගායනයේ නිරත විය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්රවෘත්ති නිවේදකයකු, වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙසද කටයුතු කළ හෙතෙම, ගුවන් විදුලියේ අධ්යක්ෂ ධුරයද හෙඹවිය.
ගායන ශිල්පියකු ලෙස මෙරට ගී රසකාමීන්ගේ හදවත් බැඳගත් අනිල් භාරතී ගායනා කරන ලද ගීත අතුරින් බහුතරයක් නත්තල් ගීත වීම විශේෂත්වයකි.
ඒ අතුරින්, නැසීගිය ප්‍රවීණ ගී පද රචක කරුණාරත්න අබේසේකරයන් පද රචනා කළ, කැලැරන්ස් විජේවර්ධනයන් සංගීතවත් කළ බෙත් ලෙහෙම් පුරේ – දිළිඳු ගව ලෙනේ, ඔරුව තුළේ සිසිලේ නිදයි ජේසූ බිළින්දා ගීතය මෙරට ගීත ලෝලීන් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත්විය. බයිලා ගීත ගායන ශිල්පියකු ලෙසද ගීත රැසක් ගායනා කළ ඒ මහතා, අද වෙයි ඉරු දින, සීතල සඳ එළියේ, සුළඟ සමග, හිරු ඉපදෙන විට, බෙත්ලෙහෙම් සීතල හඬන්නෙපා, ඉරුදින, ඉරු දින පමණක්, ටිකිරි මලී, මා ආදරෙයි නංගියේ, මගේ රෝසී, සඳයි තරුයි, පුන්සද පායා, පුළුන් වගෙයිනේ, නත්තල් දා, බිසෝ මැණිකේ, දේව පූජා, දේව පුතා, මිනිසාම තමයි, නගර කෙළවර, නුවර වැව, ඔබ දුටු මුල් දිනේ, ඔබේ සිනා, පෙම් හසුන, රන්මලියයි සිරිමලියයි, තරුවක පායල, වෙරළු නෙලන කොට ආදී විශාල ගීත සංඛ්‍යාවක් ගායනා කළ අතර කැසට්පට සහ සංයුක්ත ගී තැටි කීපයක්ද එළිදැක්වීය.
චිත්‍රපට දෙකකදීද ගීත ගායනා කළ ඒ මහතා කලාභූෂණ, පානදුර අභිමානී ඇතුළු සම්මාන රැසක්ද හිමිකර ගෙන තිබේ.
සටහන දිවයින පුවත්පත ඇසුරිනි.
දෙවිඳුන්ගෙන් ලද තලෙන්තු තුළින් ජනසිත් සැනසූ සංගීතවේදියාණෙනි, මොක්සුව අත් වේවා!