කොයි දේසේ කොයි දීපේ හිටියාද දන්නෙ  නෑ

කොයි. දේසේ කොයි දීපේ
හිටියාද දන්නෙ  නෑ
මගෙ කුසට එනතුරා  ඔබව හදුනන්නෙ නෑ
සංසාර  පුරුද්දට ආවාද  දන්නෙ  නෑ
මවු සෙනේ මවක් වෙනතුරා මට දැනුනෙ නෑ

මටම අදහනු නොහැක
මගෙම ලේ කිරි කරන
විශ්වයේ විශ්මිතම 
නිමැවුමක්  මගෙ සිරුරේ 

කන්න  නෑ නුඹ කුසේ නවාතැන්  සදාගෙන 
නින්ද නෑ නුඹ කුසේ සෙල්ලමක් හදාගෙන 
දුවන්නෑ වස්තුවේ ඒ නුඹව රැකගන්න 
මගේ කුස නුඹේ ලොව මගෙ සුසුම නුඹ  ජීවේ 

මගෙ ලෙයින්  මගෙ කුසින්  මගේ සුසුමින් වෙන්ව 
එන මොහොත. බිළිඳු  පණ දෙව්න්දෝ රකිත්වා 
‍යෝද බල යෝදසවි මගෙ පුතුට ලැබෙත්වා 
තිලෝගුරු දහම් කද සෙවණක්ව සිටිත්වා... 

ප්‍රීති  රන්දෙනිය .....

#MotherLove #Reflection #MeaningofSong #BeautifulSong #RVASinhala
'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!