ශුද්ධ වූ ස්නාවක ජුවාම් මුනිඳුන්ගේ උපන් මංගල්‍යය

අද දින සුදුවර චරිතයෙන් ජූනි 24 වන දිනට යෙදෙන ශුද්ධ වූ ස්නාවක ජුවාම් මුනිඳුන්ගේ උපන් මංගල්‍යය ගැන කතා කරමු.
ජනවන්දනා වසරේ සාන්තුවරයින් ගේ මංගල්‍යයන් සමරනු ලබන්නේ එතුමන්ලා මරණයට පත් වූ දිනයන්හි දී ය. එය මංගල කරුණක් බවට පත් වනූයේ මෙලොව මරණ දිනය සග ලොව උපන් දිනය වන බැවිනි.
මෙලොව උපත මංගල්‍යයක් ලෙස සමරනු ලබන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ සහ මරිය තුමියගේ හැරුණුකොට ස්නාවක ජුවාම් මුනිඳුන්ගේ පමණි.
සෙකරියස් සහ එලිසබෙත් යන මහළු යුවල ට දාව උපන් ස්නාවක ජුවාම් මුනිඳුන් ගැලවීමේ ඉතිහාසයේ පුරාණ ගිවිසුම සහ නව ගිවිසුම එක් කළ දෙවියන් වහන්සේ විසින් තෝරා ගත් ශ්‍රේෂ්ඨ දිවැසිවර චරිතයකි.
ගැලවුම්කරු ගේ පෙර මග සරසන්නා ලෙස එතුමන් ව හදුන්වනු ලැබේ.
පාළු කරයක ජීවත් ව ජනතාව පසුතැවිල්ල කරා යොමු කර ඔවුනගේ සිත් හරවා දෙවිදුන් වෙත කැඳවන්නට බෙහෙවින් කටයුතු කළේය. සිත් හැරුණු අය ජොර්දාන් නදියේ බෞතිස්ම කළ එතුමන් දැතින් ක්‍රිස්තුස් වහන්සේ ද බෞතිස්ම ය ලබා ගත් සේක.
ගලීලයේ යුව රජ ව සිටි හෙරෝද් අන්තිපාස් තම සොහොයුරු හෙරෝද් පිලිප් ගේ භාර්යාව වූ හෙරෝදියස් අනියම් ලෙස සරණ පාවා ගත් හෙයින් එය විවේචනය කළේය. එම නිසා හෙරෝද් විසින් ස්නාවක ජුවාම් තුමා අල්ලා සිරගත කළේය. හෙරෝදියස් ගේ බලපෑම මත ඇයගේ දියණිය කළ ඉල්ලීමක් නිසා හෙරෝද් ගේ අණ පරිදි ස්නාවක ජුවාම් මුනිඳුන් ගේ හිස ගසන ලදී.
ශූද්ධ වූ ස්නාවක ජුවාම් මුනිඳුන් ගේ හිස ගසා දැමීමේ මංගල්‍යය පවත්වනු ලබන්නේ අගෝස්තු මස 29 වන දිනය.

#StJohnTheBaptist | #Prayforus
#Saintoftheday #RVASinhala

'RVASinhala' Facebook, Instagram, Twitter පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!

Add new comment

2 + 10 =