ශුද්ධ වූ පාවුළු තුමාගේ සිත් හැරීමේ මංගල්‍යය
අද දින සුදුවර චරිතයෙන් ජනවාරි 25වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ පාවුළු තුමාගේ සිත් හැරීමේ මංගල්‍යය ගැන කතා කරමු.
ශු. පාවුළු තුමා අපට අපට මුලින්ම දැනගන්නට ලැබෙන්නේ අපොස්තුළුවරුන්ගේ ක්‍රියා පොතේ සඳහන් අයුරු මෝසස් තුමාගේ නීතිය අකුරටම පිළිපදි පරිසිවරයෙකු හැටියටය. ඔහු ඉගෙනුම ලැබුවේ ගමාලියෙල් නම් මහා ඇදුරාණන්ගෙනි. ( ක්‍රියා 5 : 34 – 40 ) උපන් නගරය තාර්සස් විය. ශු. ස්තේපන්තුමාට ගල් ගසා මරා දැමීමට ඔහු මුළු මනින්ම සහයෝගය දුන් බව සඳහන්වේ. ස්තේපන් තුමා තම සතුරන් උදෙසා දෙවිදුන්ට කල යැදුම, පාවුළු තුමාගේ සිත් හැරීමට බොහෝ දුරට හේතු වන්නට ඇත.
පාවුළුතුමා දිනක්, ක්රිස්තියානිවරුන් සිරගෙයි දැමීමට හා මරණයට පත් කිරීමට නායක පූජකතුමාගෙන් අවසර රැගෙන දමස්කය බලා යද්දී, අහසින් පැමිණි තද ආලෝකයකින් ඔහුගේ ඇස් අන්ධ විය. “සාවුල්, සාවුල්, ඔබ මට පිඩා කරන්නේ මන්ද? යන කිතු සමිඳුන්ගේ වචන ඔහුට ඇසුනි. සභාව තුල කිසිකලෙක නොවූ විරූ ජ්වලිත ක්‍රියාශීලී ධෛර්මත් ධර්මවිරුවෙකු වීමට පාවුළු තුමා පෙලඹවුයේ උත්ථාන වූ කිතු සමිඳුන් පෞද්ගලිකව මෙසේ අත්දුටු නිසාය. එතැන් පටන් පීඩාවන්, අපහාසයන් හා දුබළකම් මැද හෝ ගැලවීමේ සුභාරංචිය හැම කෙනෙකුටම දීමට හේ උත්සුක විය.
කෝපාවිෂ්ඨ වූ ජුදෙව්වන් විසින් ද්‍රෝහියෙකු ලෙස සලකනු ලබා, බොහෝ තාඩන පීඩන මැද සිර ගත වීම්, කසපහර විදීම් හා දුක් කරදර මැද වසර 22 ක් තිස්සේ වෙහෙස මහන්සි නොබලා දැඩි උනන්දුවකින් සිය දූත ගමන් අතරෙහි නිරත විය. ක්‍රිස්තුස් වහන්සේගෙන් තොරව නීතිය පමණක් පිළිපැදීම් ඵලරහිත බවට පාවුළු තුමා ජුදෙව්වන් හා දිගටම වාද කලද ඔහු තුල තම සහෝදර ජුදෙව් ජනතාව කෙරෙහි තිබු ආදරය අඩු නොවිය. ක්‍රිස්තුන් වහන්සේ විසින් පාවුළු තුමාට භාරදෙන ලද අන්‍ය ලබ්ධිකයින්ට දේශනා කිරීම හා ඔවුන් ක්‍රිස්තුන් වහන්සේ වෙත හරවා ගැනීමට එතුමා තම කාලයෙන් වැඩි කොටසක් මිඩංගු කළේය.
ක්‍රියා පොතේ සදහන් වන පරිදි ශු. පාවුළු තුමා ඉතාලිය බලා යන ගමනේදී චණ්ඩ මාරුතයකට නැව හසුවී නැව කැඩී එම නැවේ කැබලි ආධාරයෙන් මධ්‍යධරණී මුහුදේ මොල්ටා දුපතට සෙන්දු වී ඇත. ( ක්‍රියා 7 : 1 – 28 : 10 ) පාවුළු දර මිටියක් එකතු කර ගින්නෙහි ලූ කල ගිනි රස්නයට සර්පයෙක් එයින් පිටවී අවුත් ඔහුගේ අතේ එල්ලුණේය. ඔහු ඒ සතා ගින්නට දමා කිසි හානියක් නැතුව සිටියේය. ඔහු දෙවි කෙනෙකුයි අවට සිටි ජනතාව සිතුහ. ( ක්‍රියා 28 : 3 – 6 )
මහා අපෝස්තුළුවරයෙකු වන පාවුළු තුමා චිචිලියාහි තර්සිස් වල උපත ලැබිය. දැන් ඒ රට තුර්කිය ලෙස හදුන්වයි. පිලිප්පිවරුනට ලියන ලද හසුනේ පාවුළු තුමා මෙසේ සදහන් කරයි. "මම අට වෙනිදා චර්මජ්චේදනය ලැබීමි. ඉශ්රායෙල් වංශය, බෙන්ජමින් ගෝත්‍රයේ තැනැත්තෙක්මි. හෙබ්‍රෙව් පෙළපතින් එන හෙබ්‍රෙව්වෙක්මි. ව්‍යවස්ථාව පිළිපැදීමෙන් නම් පරිසිවරයෙක්මි. උද්යෝගය අතින් සභාවට පිඩා කළ තැනැත්තෙක්මි. ව්‍යවස්ථාවෙන් පැමිණෙන දමිටුකම අතින්නම් නිදොස්වූවෙක්මි. ( පිලිප්පි 3 : 5 – 6 )
ක්‍රි:ව: 65 දී පමණ එතුමා රෝමයේ සිරකරුවෙකුව සිට නිදහස් කිරීමෙන් පසු පාවුළුතුමා ගැන වැඩි විස්තරයක් අපට නොලැබේ. ඔහු ඇතැම් විට ස්පාඤ්ඤයේ ද දේශනා කරන්නට ඇත. නීරෝගේ තාඩන පීඩන කාලයේදී එතුමා නැවතත් අල්ලාගනු ලැබ ක්‍රි:ව: 67 දී රෝම නගරයෙන් පිටත දී හිස ගසා මරා දමනු ලැබීය. එතුමාගේ හිස ගසා මරා දැමු ස්ථානයේ දැනට ඇති ශු. පාවුලුතුමාගේ බැසිලිකාවෙහි තාප්පයෙන් පිටත එතුමාගේ ශරීරය භූමදාන කර ඇත. එතුමාගේ හිස, පේදුරු තුමාගේ හිස ද සමග වතිකානු බැසිලිකාවෙහි වීදුරු පෙට්ටියක බහා තිබේ.
ශු. පාවුළු තුමාගේ මංගල්‍යය පවත්වනු ලබන්නේ ජුනි 29 දිනදීය.
එතුමාගේ සිත් හැරීමේ මංගල්‍යය ජනවාරි 25 වනදා සිදු කෙරේ.
#TheConversionofStPaul #Prayforus
#Saintoftheday #RVASinhala
'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!