ශුද්ධ වූ පවුලිනා මුනිවරිය

අද දින සුදුවර චරිතයෙන් ජූලි 09 වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ පවුලිනා මුනිවරිය ගැන කතා කරමු.

පවුලිනා මුනිවරිය උපත ලබන්නේ 1865 දෙසැම්බර් 16 වන දින ඉතාලියේ විගොලො වත්තාරෝ නගරයේ දී ය. ඇය අන්තෝනියෝ නපොලෙඔනේ සහ ආනා පියනේසර් යන යුවලට දාව උපන් දෙවන දරුවා ය. ඇයගේ මුතුන්මිත්තන් ජර්මානු සම්බවයක් ඇති අය වූ අතර 1491 වර්ශයේ මුල් කාලයේ පටන් ඉතාලියට පැමිණි පදිංචි වූහ.

ඇයගේ දෙමාපියන් දිළිදු බවින් පෙලුණද පවුලේ සැම දෙන කතෝලික දහමට බොහෝ සෙයින් ඇලුම්ව ජිවත් වූහ.1875 සැප්තැම්බර් මාසයේ දී ඇයගේ පවුල සමගින් ඇය ජීවත් වූ නගරයේ සියයකට ආසන්න පුද්ගලයන් ප්‍රමාණයක් බ්‍රසීලයේ සන්තා කතරිනා ප්‍රාන්තයට සංක්‍රමණය වූ හ.

යොවුන් වියේ සිටම ඇයගේ ධාර්මික බව සහ දයාබරිත බව බොහෝ දෙනා දැන සිටියෝය. සැලකිය යුතු අධ්‍යාපනයක් නොලැබුන ද ඇය කතෝලික දහම, පීඩා විඳින්නන් සහ දිළින්දන් කෙරෙහි ද දැක්වූයේ පුදුමාකාර ආදරයකි.

1890 ජූලි 12 වෙනිදා, පවුලිනා සහ ඇයගේ මිතුරියක වූ රෝසා නිකොලොදි ජේසු නිකායික ලුවිජි රොස්සි පියතුමාගේ අධ්‍යාත්මික මග පෙන්වීම යටතේ තම ජීවිත පැවිදි සේවාව සඳහා කැප වූහ.

ඔවුන් දෙදෙනා තම පැවිදි සේවාව ආරම්භ කරන්නේ පිලිකා රෝගයෙන් පෙලුණු කාන්තාවකට ඇප උපස්ථාන කිරීමෙන්ය. එහිදී ඔවුන් දෙදෙනා පැවිදි සාංඝික ජීවිතයක් සඳහා අවශ්‍ය වාතාවරණයක් සකස් කර ගන්නා ලදී.

රෝගී කාන්තාවගේ මරණයෙන් පසුව තෙරේසා අන්නා මයුලේ නම් තවත් යෙහෙලියක් ඔවුන් සමග පැවිදි සේවාවට එක් වුණා ය.

ක්‍රමක්‍රමයෙන් තරුණ කාන්තාවන් පැවිදි සේවාව සඳහ ඔවුන් සමග එක් වූ බැවින් වඩාත් සංවිධානාත්මක සහ ආරක්ෂිත ස්ථානයක් ඇති කිරීමේ වැදගත්කම දුටු ලුයිජි පියතුමා සහ පවුලිනා දෙදෙන 1895 වර්ශයේ දී සභා අනුමැතිය ඇතිව නිර්මල පිළිසිඳීමේ කුඩා සොහොයුරියන් ලෙස පැවිදි නිකායක් පිහිටවන ලදී.

තම පැවිදි නිකායේ සේවාවක් ලෙස එවකට වහල් සේවයේ යෙදුණු අයගේ දරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා ඇප කැප විය.

1938 දී එතුමියට වැළඳුණු දියවැඩියා රෝගය නිසා ශාරීරිකව ඇය ශාරීරිකව දුර්වල වන්නට විය. ඇයගෙ ජීවිතේ අවසාන කාලය තුළ ඇස්වල පෙනීම පවා ඇයට අහිමි විය. 1942 ජූලි 09 දින "දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු වේවා"යැයි පවසමින් එතුමිය තම අවසන් හුස්ම හෙළුවා ය.

භාග්‍යවරයට සෙවීම 1991 ඔක්තෝම්බර් 18 වන දින අති උතුම් දෙවන ජුවාම් පාවුළු ශුද්ධෝත්තම හිමිපාණන් විසින්

ශුද්ධවරභාවයට සෙවීම 2002 මැයි 19 වන දින අති උතුම් දෙවන ජුවාම් පාවුළු ශුද්ධෝත්තම හිමිපාණන් විසින්

#StPaulina #Prayforus
#Saintoftheday #RVASinhala
'RVASinhala' Facebook, Instagram, Twitter පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!