පොලාට්ස්ක් හී ශුද්ධ වූ ජොසෆාත් මුනිඳුන්
අද දින සුදුවර චරිතයෙන් නොවැම්බර් 12වන දිනට මංගල්‍යය යෙදෙන පොලාට්ස්ක් හී ශුද්ධ වූ ජොසෆාත් මුනිඳුන් ගැන කතා කරමු.
මෙතුමන් උපත ලබන්නේ 1580 වසරේ එවකට පෝලන්තයේ (වර්තමානයේ යුක්රේනය) වොලොඩිමර් නම් නගරයේ වූ අතර බෞතීස්ම කරනු ලැබූයේ නැගෙනහිර ඕතොඩොක්ස් සභාවේ ය. ඔහුගේ දෙමව්පියන් විසින් කුඩා කල පටන් ආගමික වාතාවරනය තුල හදා වඩා ගන්නා ලදී. පාසල් කාලය තුළ අසාමාන්‍ය ලෙස දක්ෂතා පෙන්නුම් කළ ඔහු ස්ලැවොනික් භාෂාව හැදෑරු අතර කියවීම දිනපතා පුරුද්දක් බවට පත් කර ගත්තේය.
තම දෙමව්පියන් මුහුණ දුන් ආර්ථික ප්‍රශ්න නිසා වෙළදාම් කටයුතු සඳහා යොමු වීමට ඔහුට සිදු විය. ශුද්ධ වූ ත්‍රීත්වයේ තාපසාරාමයට ඇතුළු වීමට තිරණය කර ගත් ඔහු තමන් යොමුවී සිටි ව්‍යාපාර කටයුතුවලින් ද විවාහ ද ප්‍රතික්ෂේප කළේය. ඔහුගේ ශුද්ධවත්ත ජීවිතය පිළිබඳව මිනිසුන් අතර ප්‍රචලිත වූ අතර බොහෝ දෙනෙක් ඔහුව මුණ ගැසීමට පැමිණියෝය. තේවාචාර්යවරය ලබා ගන්නා ඔහු සභාව තුළ නිත්‍ය ලෙස සේවය කිරීමට පටන් ගත්තේය. ඔහුගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ආධුනිකයින් බොහෝ දෙනෙක් තාපසාරාමයට ඇතුළු වන්නට පටන් ගත්තෝය.
වර්ෂ 1609 දී ජේසු නිකායික පියතුමකු යටතේ පුද්ගලිකව අධ්‍යාපනය ලැබූ ඔහු කතෝලික රදගුරුතුමකු අතින් පූජකවරය ලබා ගත්තේය. තාපසාරාම කිහිපයක ප්‍රධානියා බවට පත් වූ ඔහු 1617 නොවැම්බර් 12 වන දින පොලොට්ස්ක් පදවියේ අනුප්‍රාප්තික රදගුරු ධූරයට පත් විය. ඔහුගේ ධූරකාලය තුළදී පොලාට්ස්ක් හී සාන්ත සොෆියා ආසන දෙව්මැදුර දෙව්මැදුර ප්‍රතිසංස්කරණය කිරිමෙහිලා දායක විය.
කොතරම් බාධා එල්ල වුවද, ඔර්තඩොක්ස් කිතුනු සභාව සහ රෝමානු කතෝලික සභාව අතර එක්සත් බව වර්ධනය කිරීමට මෙතුමන් මුල් වී කටයුතු කළේය. පූජක ජීවිතේ ශුද්ධවන්තභාවය රැකගැනීම සඳහා අවශ්‍ය විනය රීති පද්ධතියක් පවා එතුමන් විසින් සකස් කරන ලදී. එතුමන් හට එදිරිවාදී වූ මිනිසුන් පිරිසක් විසින් 1623 නොවැම්බර් 12 වන දින එතුමන්ව ඝාතනය කරන ලදී.
භාග්‍යවරයට එසවීම 1643 මැයි 16 වන දින අති උතුම් VI වන උර්බාන් ශුද්ධෝත්තම හිමිපාණන් විසින්.
ශුද්ධවන්ත භාවයට එසවීම 1867 ජුනි 29 වන දින අති උතුම් IX වන පියුස් ශුද්ධෝත්තම හිමිපාණන් විසින්.
ඕර්තඩොක්ස් කිතුනු සභාව සහ රෝමානු කතෝලික සභාව අතර එක්සත් බව වර්ධනය කිරීමට මුල් වූ, පොලාට්ස්ක් හී ශුද්ධ වූ ජොසෆාත් මුනිඳුනි, අප නිසා යාච්ඤා කළ මැනව.
#StJosaphatOfPolotsk #Prayforus
#saintoftheday #rvasinhala
'RVASinhala' Facebook, Instagram, Twitter, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!