අසීසියේ ශුද්ධ වූ ෆ්‍රැන්සිස් මුනිඳුන්
අද දින සුදුවර චරිතයෙන් ඔක්තොම්බර් 04වන දිනට මංගල්‍යය යෙදෙන අසීසියේ ශුද්ධ වූ ෆ්‍රැන්සිස් මුනිඳුන් ගැන කතා කරමු.
ෆ්‍රැන්සිස් උපත ලබන්නේ ක්‍රිස්තු වර්ෂ 1181 ඉතාලියේ අසීසි නගරයේ සේද වෙළෙඳාමේ යෙදුණ ධනවතකු වන පියෙත්‍රෝ ඩි බර්නාර්ඩොනේ දේයි මරිකෝනි සහ ප්‍රංශ ජාතික පීකා දේ බොර්ලෙමොන්ට් යුවලට දාවය. දරුවා මෙලොවට බිහිවන මොහොතේ පියා ප්‍රංශයේ වෙළදාම් කටයුතුවල නිරත වූ බැවින් මව ඔහුට ජියොවන්නි (ජුවාම්) යැයි නම තැබූ නමුත් පියා නැවත පැමිණි පසු ඔහුව ෆ්රැන්චෙස්කෝ (ෆ්‍රැන්සිස්) යන නමින් හඳුන්වන්නට පටන් ගත්තේ ඔහුගේ ව්‍යාපාර කටයුතු වල අනාගතය තම පුතුට පැවරීමේ අදහසිනි.
වයස අවුරුදු දහනවයක් පමණ වන විට ෆ්‍රැන්සිස් අසල පිහිටි පෙරුජියා නගරයට එරෙහිව සටනට ගියේය. එහිදී ෆ්‍රැන්සිස්ව අල්ලා සිරකරුවෙකු ලෙස ගෙන ගිය අතර ඔහුගේ පියා විසින් ඔහු වෙනුවෙන් කප්පම් ගෙවීමට පෙර වසරක පමණ කාලයක් සිරගත වී සිටිමට ඔහුට සිදු විය.
ඊළඟ අවුරුදු කිහිපය තුළ ෆ්‍රැන්සිස් දෙවියන් වහන්සේගේ දර්ශන දැකීමට පටන් ගත්තේය. පළමු දර්ශනය වූයේ ඔහු අධික උණ රෝගයෙන් පෙළෙන විටය. මුලදී ඔහු සිතුවේ කුරුස යුද්ධවලදී සටන් කිරීමට දෙවියන් වහන්සේ ඔහුව කැඳවා ඇති බවයි. කෙසේ වෙතත්, ඔහුට තවත් දර්ශනයක් ලැබූ අතර එයින් රෝගීන්ට උපකාර කරන ලෙස ඔහුට අනාවරණයක් ලැබිණි. අවසානයේදී , දෙව්මැදුරක යාච්ඤා කරමින් සිටින විට, “නටබුන් වී ඇති මගේ පල්ලිය අලුත්වැඩියා කරන්න” කියා ද දෙවිඳුන් ඔහුට පැවසූ බව ෆ්‍රැන්සිස් වටහා ගත්තේය.
ෆ්‍රැන්සිස් ලෞකිකත්වය බැහැර කරන කරන දිළිඳුකම තුළ සැමවිට ජීවත් වූ අතර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය ගැන මිනිසුන්ට දේශනා කළ විට මිනිසුන් ඔහුව අනුගමනය කිරීමට පටන් ගත්හ. 1209 වන විට ඔහුට අනුගාමිකයන් 11 ක් පමණ සිටියහ. ඔහුට එක් මූලික රීතියක් තිබුණි, එනම් “අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කිරීම සහ එතුමන්ගේ අඩිපාරේ ගමන් කිරීම” යන්නයි.
ෆ්‍රැන්සිස් කතෝලික සභාවේ දැඩි අනුගාමිකයෙක් විය. ඔහු සහ ඔහුගේ අනුගාමිකයන් පාප්තුමාගෙන් ඔවුන්ගේ පැවිදි නිකාය සඳහා අනුමැතිය ලබා ගැනීම සඳහා රෝමයට ගියහ. මුලදී පාප්තුමා ඒ සදහා පසුබට වුවද අවසානයේදී ඔහු ඔවුන්ගේ දුප්පත්කම පිළිබඳ පොරොන්දුව තේරුම් ගෙන ආශීර්වාද කළේය.
ස්වභාවධර්මයේ, සත්ත්වයින්ගේ සහ පුරාවිද්‍යාඥයින්ගේ නාමසාන්තුවරයා වන, අසීසියේ ශුද්ධ වූ ෆ්‍රැන්සිස් මුනිඳුනි, අප නිසා යාච්ඤා කළ මැනව
#StFrancisofAssisi #Prayforus
#Saintoftheday #RVASinhala
'RVASinhala' Facebook, Instagram, X Twitter, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!