අවිල්ලා හී ශුද්ධ වූ තෙරේසා මුනිවරිය

අද දින සුදුවර චරිතයෙන් ඔක්තොම්බර් 15වන දිනට මංගල්‍යය යෙදෙන අවිල්ලා හී ශුද්ධ වූ තෙරේසා මුනිවරිය ගැන කතා කරමු.

තෙරේසා උපත ලබන්නේ 1515 මාර්තු 28 වන දින ස්පාඤ්ඤයේ අවීලා නගරයේ දී ය. ඇගේ පියා වූ ඇලොන්සෝ ප්‍රසිද්ධ ලොම් වෙළෙන්දෙකු වූ අතර අවීලා හි ධනවත්ම පුද්ගලයෙක් ද විය. ඔහු පෙර දරුවන් තිදෙනකු සිටි කැතෙලිනා නම් කාන්තාවක් සමග විවාහ සමග විවාහ වී සිටි අතර 1509 වසරේදී ඔහු තෙරේසා ගේ මව වන බියට්‍රිස් සමග විවාහ වූයේය. තෙරේසාගේ මව ඇයව ඉතා භක්තිමත් කැප වූ කිතුණුවකු ලෙස හදාවඩා ගත්තාය.
ශුද්ධවන්තයින් ගේ ජීවිත කතා කියැවීමෙන් අධ්‍යාත්මික පන්නරයක් ලබා ගත් ඇය, වයස අවුරුදු හතේදී තම සොහොයුරා වන රොද්‍රිගෝ සමග තම නිවසින් පැන ගොස් මුස්ලිම්වරුන්ට එරෙහි සටනේ දී දිවි පිදීමට උත්සාහ කළාය. නගර මායිමට පිටතින් ඔවුන් දුටු ඥාතිවරයෙක් ඔවුන්ගේ ගමන වළක්වා නැවත නිවසට කැඳවාගෙන ආවේය. තෙරේසා හට වයස අවුරුදු 11 ක් වන විට ඇගේ මව මිය ගිය අතර එය ඇයගේ ජීවිතයට මහත් සේ බලපෑවේය. මෙය දේවමාතාවන් කෙරෙහි ගැඹුරු භක්තියක් ඇතිකරලීමට සහ අධ්‍යාත්මික මව ලෙස එතුමියව වැලඳගැනීමට ඇයව පෙළඹූවේය.
තම අධ්‍යාපන කටයුතු සඳහා තෙරේසා අවීලා නගරයේ අගුස්තීනු පැවිදි සොහොයුරියන්ගේ පාසලකට ඇතුළත් විය.අධ්‍යාපන කටයුතු අවසන් කළ ඇය තුළ තුළ පැවිදි ජීවිතයට ඇතුළු වීමේ කැමැත්තක් ඇති වූ නමුත් තම ඥාතින් සමග නැවතී සිටි කාලය තුළ යම් පසුබෑමකට ඇය මුහුණ දුන්නාය. තම පියාගේ බලාපොරොත්තු සුන් වීමට ඉඩ නොදුන් ඇය කාර්මෙල් කන්‍යාරාමයකට ඇතුළු වීමට තීරණය කළාය. ඇය නිතරම භාවනාශීලී යැදුම පිළිබඳ කියවීමට යොමුවී සිටි අතර ඇය විසින් කරණ ලද මර්දන ක්‍රියාවන් හේතුකොටගෙන රෝගාතුරවී වසරකට ආසන්න කාලයක් ඔත්පළ ව සිටියා ය. ශුද්ධ වූ ජුසේ මුනිදුන්ගේ ආශ්චර්යමත් මැදහත් කම තුළ ඇය සුවය ලැබුවාය.
තෙරේසා තම පැවිදි ජීවිතය තුළ විශේෂයෙන් කාර්මෙල් අධ්‍යාත්මික ජීවිත පැවැත්ම බොහෝ ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමට මුල් වූවාය. එලෙසම දුර්වල සෞඛ්‍ය තත්ත්වයක සහ විශාල දුෂ්කරතා මධ්‍යයේ වුවද ඇය සිය ජීවිත කාලය පුරාම ස්පාඤ්ඤය පුරා කන්‍යාරාම දහසයක් ස්ථාපිත කිරීමට මුල් වූවාය. ඇය විසින් දිගට ලද අධ්‍යාත්මික කෘතීන් ඉතා සම්භව්‍ය ගණයේ ඒවා ලෙස අදටත් සැලකේ.
බර්ගෝස් සිට අල්බා දි තොර්මෙස් ඩක්කුව ලියන්න ගමනක දී ඇය රෝගාතුර වූ අතර 1582 ඔක්තෝබර් 15 වන දින " මාගේ ස්වාමීනි, මේ ඉදිරියට යාමට කාලය යි. එසේ නම් ඔබගේ කැමැත්ත ඉටු වේවා. මාගේ ස්වාමීනි මා බොහෝ කාලයක් බලා සිටි මොහොත පැමිණ තිබේ.එකිනෙකා හමු වීමට කාලය යි " අවසන් වදන් පැවසූ ඇය සගලොව දිනා ගන්නා ලදී.
භාග්‍යවරයට සෙවීම 1614 අප්‍රේල් 24 වන දින අති උතුම් පස් වන පාවුළු ශුද්ධෝත්තම හිමිපාණන් විසින්.
ශුද්ධවන්ත භාවයට එසවීම 1622 මාර්තු 12 වන දින අති උතුම් පහලොස් වන ග්‍රෙගරි ශුද්ධෝත්තම හිමිපාණන් විසින්.
හිසරදයෙන් පීඩා විඳින්නන්ගේ සහ ලේඛකයන්ගේ නාමසාන්තුවරිය වන, අවිල්ලා හී ශුද්ධ වූ තෙරේසා මුනිවරියනි, අප නිසා යාච්ඤා කළ මැනව.

#stteresaofavila #Prayforus
#Saintoftheday #RVASinhala

'RVASinhala' Facebook, Instagram, X Twitter, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..! See less