වෙරිටාස් ප්රවෘත්ති - සිංහල සේවය
සත්‍යයේ හඬ අවදි කරන වෙරිටාස් ප්රවෘත්ති විකාශය
- සිරස්තල -
* පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව විනිවිදභාවයෙන් යුතු පරීක්ෂණයක් සිදු කරන ලෙස පාප්තුමන්ගේ ඉල්ලීම රටේ පාලකයින්ට නැවතත් සිහිපත් කරන බව ශ්‍රී ලංකා අපෝස්තලික තානාපති හිමිපාණෝ පවසයි.
* අද රටේ ජනතාවට තුන්වේලවත් කන්නට හැකියාවක් නොමැති බව කාදිනල් හිමිපාණෝ ප්‍රකාශ කරති.
* අසල්වැසියාගේ දුකට පිහිට වන්නට නොහැකි නම් අප සමරණ චතාරිකයෙන් වැඩක් නැති බව ගාල්ල රදගුරු හිමිපාණෝ පෙන්වා දෙති.
* අද අපේ රටේ නායකයන් සිතන්නේ රටේ ජනතාව ගැන නොව තම පක්ෂය හා තනතුර ගැන බව මහනුවර රදගුරු හිමිපාණෝ පවසති.
* බලලෝභී දුෂ්ට දේශපාලකයන් මිනිස් පවුල ජාති හා ආගම් අනුව බෙදා සාමුහික මිනිස් දිවිය විනාශ කළ බව ගරු අමිල ජීවන්ත පීරිස් පියතුමා පෙන්වා දෙයි.
* ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජිත් රෝහාන්ගේ මනුෂ්‍ය පුත්‍රයා මෙවර පාස්කුවට වේදිකා ගත වේ.
* චතාරිකයේ පව් කමාව ලබා ගැනීම අතිශයින් වැදගත් කටයුත්තක් බව ශුද්ධෝත්තම පියතුමා අවධාරණය කරයි.
* ශුද්ධාසනයේ වනිතා සේවිකාවන් සේවයට පැමිණ 95 වසරක් ගතවේ.
#rvasinhala #sigislanka #srilanka #news #popefrancis #srilankanyouth #srilankancatholic