ලොවෙන් වසන් වූ වතිකානයේ ඇති භයංකාර මූර්තිය

වතිකානය ගැන ඔබ දැන සිටියාට මෙවන් වූ භයංකර මූර්තියක් එහි තිබෙන බව සමහරවිට ඔබ නොදැන සිටින්නට ඇති. එම මූර්තියෙන් නිරූපණය වන්නේ, න්‍යෂ්ටික බෝම්බයක ආවාටයෙන් ඉහළට නැඟී එන උත්ථාන වූ ජේසුස් වහන්සේ යි. එය රක්ත වර්ණ ලෝකඩ සහ රන්වන් පිත්තල වලින් සාදා ඇති අතර එහි උස අඩි 66 ක් සහ පළල අඩි 23 ක් වේ. මෙට්‍රික් ටොන් 8ක් බරැති මෙය, 1977 දී නිර්මාණය කළ මෙහි උන්වහන්සේගේ කෙස් කළඹ සහ රැවුල සුළඟින් එහා මෙහා යන බවක් ද ඔහුගේ මුහුණේ වේදනාවක් තිබුණ ද දීප්තිමත් බවක්ද නිරූපණය වේ. පෙරික්ල් ෆසීනිගේ නිර්මාණයක් වන මෙහි මෙහි පසුබිමෙන් නිරූපණය වන්නේ ගෙත්සෙමෙනි උයනයි. එහි ඔලිව් ගස්, පිපුරුමෙන් ඇති වූ සුළියෙන් විසි වෙන අතු, මුල් සහ ගල් වැනි බියකරු මූර්තිවල ඉතිරි කොටසින් පෙන්නුම් කරන්නේ අවුල් සහගත බව තුළින් බලාපොරොත්තුවක් මතු වන බවයි. La Resurrezione නොහොත් The Ressurection එනම් පුනරුජ්ජීවනය යන මෙම මූර්තිය පිළිබඳ විවිධ කටකතා, මිථ්‍යා මත ගොඩනැගීමට හේතු වන්නේ, එය දුටුවන්ට හිරිගඩු පිපීමට සලස්වන භයංකර ගුප්ත පෙනුමයි. තවදුරටත් මෙමඟින් මෙම ස්ථානයට පැමිණෙන්නා වූ සැදැහැවතුන්ට ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම කෙසේ වේදැයි සිතන්නට සලස්වයි.

#rvasinhala #signislanka #theresurection #catholics #popemedia