අද කන්‍ය මරියාණන්ගේ නිර්මල පිළිසිඳීමේ මංගල්‍යයයි.

අද කන්‍ය මරියාණන්ගේ නිර්මල පිළිසිඳීමේ මංගල්‍යයයි.

අද ශුද්ධ වු සභාමාතාව සමරනු ලබන්නේ කන්‍ය මරියාවන් ආනා මුනිශ්වරියගේ කුසේ පිළිසිඳීමේ මංගලොත්සවයයි. 
කන්‍ය මරියාණන්ගේ නිර්මල පිළිසිඳීමේ මංගල්‍යය දිනය වන්නේ දෙසැම්බර් 8 වන දිනයි. නමුදු මෙවර ආගමන සමයේ දෙවන ඉරුදින ඊයේට යෙදීම හේතුවෙන් සාන්ත සභාව මෙම ණය මංගල්‍යය අද (9) දින සමරනු ලබනවා. 
අද දිනට නියමිත සුවිශේෂය තුල කන්‍ය මරියාවන්ට ගාබ්‍රියල් දේව දුතයා දර්ශනය වී, දෙවියන් වහන්සේ විසින් ශුද්ධාත්ම අනුභවයෙන් ජේසු බිළිඳු පිළිසිඳීමේ සිදුවීම කතා බහ වන නිසාවෙන් ජේසු බිළිඳුන් මරි මව් කුස තුළ පිළිසිඳීම සිදු වූ දිනය මෙයදැයි ඔබට සිතෙන්නට පිළිවන්. නමුත් අප පැහැදිලි ලෙස දැන ගත යුත්තේ අද අප සමරනු ලබන්නේ ආනා මුනිශ්වරියගේ කුසේ ජම්මදෝෂයෙන් නිර්දෝෂව  කන්‍ය මරියාවන් පිළිසිඳීමේ මංගලොත්සවයයි. අදින් හරියටම 9 මාසෙකට පසු එනම් සැප්තැම්බර් 08 දින කන්‍ය මරියාවන්ගේ උපන් මංගල්‍යය සමරනු ලබනවා.
මනුෂ්‍යයාව පාපයෙන් එතෙර කිරීමේ දේව සැලැස්ම හෙවත් "ගැලවීමේ සැලැස්මේ" උච්ඡතම අදියර වුනේ දෙවියන් වහන්සේ මිනිස් කයකින් මෙලොවට පැමිණීමයි. 
සුවිශුද්ධ දෙවියන් වහන්සේ එසේ "මාංශගත" වන්නට නම්, ඒ ජීවයට උපත දෙන්නට යන මිනිස් දුවණිය ද පාරිශුද්ධ  විය යුතුමයි. අද අප සමරන්නේ ඒ මහා අභිරහසයි. එනම්, පසු කලෙක "දේව මෑණියන්" වන්නට තෝරාගත් මරියාවෝ, සිය මවගේ කුසයේ නිර්මලව පිළිසිඳීම යි. 
මරියතුමියට වගේම, අපි හැමෝම ගැන දෙවියන් වහන්සේට සිහිනයක් තිබෙනවා. උන්වහන්සේ අප මවු කුසයේ පිළිසිඳ ගන්නත් පෙර අපව ඒ සඳහා සූදානම් කරනවා. 
*“මා නුඹ කුසෙහි පිළිසිඳගැනීම ඇති කරන්නටත් පෙර පටන් මම නුඹ හඳුනාගතිමි. නුඹේ උපතට පෙර, මම නුඹ කැප කෙළෙමි"* (ජෙරමියා 1:5)
පාවුළු තුමාත් ඒ අදහස ස්ථීර කරන්නේ මෙහෙමයි: *"දෙවියන් වහන්සේ ස්වකීය වරප්‍රසාදයෙන් මව් කුස පටන් මා වෙන් කොට තෝරාගෙන, විජාතීන් අතර ස්වකීය පුත්‍රයාණන් ප්‍රකාශ කරන පිණිස ඒ පුත්‍රයාණන් මට එළිදරව් කිරීමට තීරණය කළ සේක."* (ගලාති 1:15)
ඔව්...ඇය මෙන් පාපයෙන් නිදොස් ව ඉපදුනේ නොමැති වුනත්, මා ද, මා මෙන් ඔබද, මව් කුසේ ඉපදෙන්නේම දේව තාත්තාගේ සැලැස්මකට අනුකූලවයි.
හැබැයි වෙනස තමයි, දේව අම්මා ඒ සැලැස්මට 100%ක් ම එහෙයි කියුවා. ඒ සැලැස්ම ජීවිතේ හැම දවසකම හෙව්වා. ඒ අනුව ජීවත් වුනා. සිදුවුණු හැම සිදුවීමක්ම තේරුම් ගත්තේ ඒ සැලැස්මේ කොටසක් ලෙසින්. *දෙවියන් වහන්සේට මුළුමනින්ම අයිති වුනා* (surrendered her life completely to God).
නමුත් මම... *මගේ ජීවිතයේ ගොඩක් දේවල් වල අයිතිය තවම දේව තාත්තාගේ අතේ තියලා නැහැ.* තවමත් මගේ ජීවිතයේ ලොකුම තැන තියෙන්නේ මගේ කැමැත්තට සහ සැලැස්මට ද? කියන ප්‍රශ්නය නිතරම හිත ඇතුළෙන් ඇසෙන්නේ ඒ නිසා වෙන්න ඇති.
එහෙම බලපුවාම මට තව ලොකු දුරක් යන්න තියෙනවා දේව මෑණියෝ වගේ *දෙවියන් වහන්සේට මුළුමනින්ම අයිති වෙන්න.*

#Solemnityof theImmaculateConceptionoftheBlessedVirginMary #ImmaculateConception
#VirgingMary #Prayforus
#RVASinhala

'RVASinhala' Facebook, Instagram, Twitter පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!