ගර්භනී මාතාවෙනි, තම කුසට අත තබා උදෑසන අවදි වූ විට සහ රාත්‍රී නින්දට පෙර ශබ්ද නගා මෙසේ යදින්න.....

ගර්භනී මාතාවෙනි, තම කුසට අත තබා උදෑසන අවදි වූ විට සහ රාත්‍රී නින්දට පෙර ශබ්ද නගා මෙසේ යදින්න.....

මහෝත්තම දෙවි පියාණන් වහන්ස, 
සුදතුම් වරමින් මරි මව් කුස, 
තම පුතුණුවන් මෙලොවට බිහි කිරීමට 
සුදුසු වාස භවනය කළ 
ඔබ වහන්සේට තුති ප්‍රශංසා වේවා! 
ඔබ වහන්සේගේ, 
අති කරුණාබරිත දෙනෙත් 
මා කුස සිටින දරුවා වෙත යොමු වේවා! 
එමගින් මා කුස දරුවා 
නිරෝගී වේවා! සුවපත් වේවා! 
ජීවයෙන් ප්‍රඥාවෙන් බලයෙන් වැඩේවා! 
දැහැමි බවින් බැගෑ සිතින් කරුණාවෙන් වැඩේවා! 
ප්‍රේමයෙන් ශ්‍රද්ධාවෙන් ආත්මිකව වැඩේවා! 
දෙව් වරමින් දෙව් ගුණයෙන් පිරිපුන් වේවා! 
යහ ගුණයෙන් ගුණ දහමින් වැඩේවා! 
කිතු දහමට කිතු සසුනට 
සැමදා ලැදි දරුවෙක් වේවා! 
ලෝ සත හට සිත සුව දෙන දරුවෙකු වේවා! 
මාපිය වැඩිහිටි පූජක පැවිදි උතුමන් 
සලකන දරුවකු වේවා! 
දුගී අසරණයින්ගේ දුකට 
සංවේදී දරුවකු වේවා! 
මා කුස දරුවා මෙන්, 
මෙලොව උපදින සියලුම දරුවන් 
ආශිර්වාදිත වේවා! ආමෙන්

#MotherOfExpectation #MotherMary #PregnantMother #Prayer #RVASinhala

'RVASinhala' face book,Instagram,Twitter පිටුව like කරන්න,comment කරන්න,share කරන්න,
YouTube චැනලය Subscribe කරන්න.ස්තූතියි...!