ශුද්ධ වූ මොරිස් මුනිඳුන් - සැප්තැම්බර් 22

අද දින සුදුවර චරිතයෙන් සැප්තැම්බර් 22වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ මොරිස් මුනිඳුන් ගැන කතා කරමු.

චරිතාපදාන තොරතුරු වලට අනුව, මොරිස් උපත ලබන්නේ ක්‍රිස්තු වර්ෂ 250 දී ඊජිප්තුවේ තිබෙස් නගරයේ ය. එය ඉහළ ඊජිප්තුවේ පුරාණ නගරයක් වන අතර නව රාජධානියේ අගනුවර විය.

රෝම හමුදාවේ සොල්දාදුවෙකු බවට පත්වන ඔහු තීබන් සේනාංකයේ අණ දෙන නිලධාරියා වන තෙක් ක්‍රමයෙන් උසස් කරනු ලැබීය.ක්‍රිස්තියානි ධර්මය රෝම අධිරාජ්‍යයට තර්ජනයක් ලෙස සලකනු ලැබූ කාලයක ඔහු පිළිගත් කිතුනුවකු විය. නමුත් ඔහුගේ ප්‍රසිද්ධිය නිසා එවකට මිථ්‍යාදෘෂ්ටික සමාජය තුළ පවා සින්දු අභියෝගයකින් තොරව විසීමට ඔහුට හැකි විය.

මුළුමනින්ම කිතුනුවන්ගෙන් සැදුම්ලත් මෙම සේනාංකය ඊජිප්තුවේ තිබෙස් සිට ගෝල් (වර්තමාන ප්‍රංශය) වෙත කැඳවා තිබුණේ මැක්සිමියන් අධිරාජ්‍යයාට කැරැල්ලක් පරාජය කිරීමට සහාය වීම සඳහාය. යුද්ධයට යාමට පෙර මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන්ට පූජා ඔප්පු කර අධිරාජ්‍යයාට වැඳුම් පිදුම් කරන ලෙස ඔවුන්ට උපදෙස් දෙන ලදී. මොරිස් තම හමුදාවේ පක්ෂපාතීත්වය රෝමයට ලබා දුන්න ද, දෙවියන් වහන්සේට කරන සේවය අන් සියල්ලටම වඩා වලින් සැලකිය යුතු බව ඔහු ප්‍රකාශ කළේය. ඔහු සහ ඔහුගේ සෙබළුන් රෝම දෙවිවරුන්ට වන්දනාමාන කිරීම ප්‍රතික්ෂේප කළහ.

කෙසේ වෙතත්, එම ප්‍රාදේශීයේ කිතුනුවන්ට හිරිහැර කරන ලෙස මැක්සිමියන් ඔවුන්ට අණ කළ විට ඔවුන් එය ප්‍රතික්ෂේප කළහ. තම නියෝගයන් නොපිළිගත් බැවින් එම සේනාංකය සෑම දහවන සොල්දාදුවෙකුම තනය කරන ලදී. තමන් වෙත කොපමණ පීඩාවන් පැමිණිය ද මොරිස්ගේ දිරිගැන්වීම පරිදි සෙබළුන් විසින් මැක්සිමියන් ගේ නියෝග ප්‍රතික්ෂේප කළ බැවින් ක්‍රිස්තු වර්ෂ 287 දී මොරිස් ඇතුළු ඔහුගේ සේනාංකයේ ඉතිරි සියලුම සාමාජිකයින් ඝාතනය කරන ලෙස නියෝග කළේය. මෙය සිදු වූ ස්ථානය අගව්නුම් ලෙස හැඳින්වූ අතර වර්ථමානයේ ස්විට්සර්ලන්තයේ ශාන්ත මොරිස් ලෙස මෙම ස්ථානය හැඳින්වේ.

 

#StMaurice #Prayforus #rvasinhala

Add new comment

8 + 7 =