ශුද්ධ වූ මාරි තෙරේසා කූඩර්ක් මුනිවරිය

අද දින සුදුවර චරිතයෙන් සැප්තැම්බර් 26වන දිනට මංගල්‍යය යෙදෙන සේනාකුළු සහෝදරියන්ගේ පැවිදි පංතියේ නිර්මාතෘවරිය වූ, ශුද්ධ වූ තෙරේසා කුදෙර් මුනිවරිය ගැන කතා කරමු.
මාරි කූඩර්ක් උපත ලබන්නේ 1805 පෙබරවාරි 01දින ප්‍රංශයේ ආදේශ් පලාතේ ලේ මාස් නගරයේ ය. ගොවි පවුලක් වූ ක්ලෝඩ් මිකේල් සහ ඇනී මේරි 1801 වසරේ විවාහ වූ අතර ඔවුන්ට දාව උපන් දරුවන් දොළොස් දෙනාගෙන් සතර වැනියා වූයේ මාරි කූඩර්ක් ය. ඇගේ සොහොයුරන් දෙදෙනෙක් ළමා වියේ දීම මිය ගිය හ. ළමා කාලය තුළ ඇය සතියකට දෙවරක් දිව්‍ය පුජාවට සහභාගී වූවාය. 1815 මැයි 15 වනදා පෙන්තකොස්ත දිනයේ දී ඇය පළමු වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගත්තාය.
1822 දී ඇගේ දෙමව්පියන් ඇයව වැන්ස් හි නේවාසික පාසලකට යැවූ අතර 1825 වන තෙක් ඇය එහි රැඳී සිටියාය. 1825 මාර්තු අග දී ජීන්-පියරේ පියතුමාව ඇයට මුණගැසෙන අතර පැවිදි ආධුනිකාරාමයකට ඇතුළු වන ඇය පැවිදි ජීවිතයට ඇතුළු වීමේ තම ආශාව ඔහු හට කළාය. ඉගැන්වීමේ සේවාව සඳහා කැප වූ නිකායක පුහුණුව ලබන ඇය 1837 ජනවාරි 6 වන දින සදාකාලික පොරොන්දු දෙන ලදී.
ලා ලුවෙස්ක් හි ශාන්ත ජෝන් ෆ්‍රැන්සිස් රෙජිස්ගේ දේවස්ථානයේ කාන්තා බැතිමතුන් සඳහා වෙන් වූ නේවාසිකාගාරයක් කළමනාකරණය කිරීම සඳහා මාරි සහ තවත් පැවිදි සහෝදරියන් දෙදෙනෙකු යවන ලදි. එය ඇගේ මඟ පෙන්වීම යටතේ සාර්ථක ඥානකාන්ති මධ්‍යස්ථානයක් බවට පත්විය. 1826 දී ටර්මි පියතුමා සමඟ සේනාකුළු සහෝදරියන්ගේ පැවිදි පංතිය නමින් සම-ආරම්භයක් ලබ දුන් අතර 1828 දී ඇය එහි ශ්‍රෙෂ්ඨ මවුතුමිය විය. හුදකලාව විසිම, යාච්ඤෑව සහ භාවනාව සඳහා කාන්තාවන්ට ස්ථානයක් ලබා දීම මෙහි අරමුණ විය.
1859 ඔක්තෝබර් 20 වන දින ජේසු නිකායික පියතුමකු ක්‍රිස්තියානි පරිත්‍යාගය යන මාතෘකාව පිළිබඳව සිදුකළ ඥානකාන්තිය ඇයට තදින්ම බලපාන ලදී. 1860 අගෝස්තු මස අවසානයේදී ඇයව මොන්ට්පෙලියර් හි පිහිටි නිවසට යවන ලද නමුත් 1867 දී එය වසා දැමීමෙන් ඇය නැවත වරක් ලියොන් වෙත පැමිණියා ය.
1885 ආරම්භයේදී ඇය ක්ලාන්ත වී පැය කිහිපයක් සිහිසුන්ව සිටි අතර එතැන් පටන් ඇය මිය යන තුරුම ඔත්පල ව සිටියා ය. 1885 සැප්තැම්බර් 26 දින එතුමිය සගලොව දිනා ගන්නා ලදී.
භාග්‍යවරයට එසවීම 1951 නොවැම්බර් 04 දින අති උත්තම දොළොස්වන පියුස් ශුද්ධෝත්තම හිමිපාණන් විසින්.
ශුද්ධවන්ත භාවයට එසවීම 1970 මැයි 10 දින අති උතුම් වූ හයවන පාවුළු ශුද්ධෝත්තම හිමිපාණන් විසින්.

#StMarieTeresaCouderc #Prayforus
#RVASinhala 

'RVASinhala' Facebook, Instagram, Twitter පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!

Add new comment

4 + 2 =