ශුද්ධ වූ චාල්ස් බොරෝමියෝ මුනිඳුන්
අද දින සුදුවර චරිතයෙන් නොවැම්බර් 04වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ චාල්ස් බොරෝමියෝ මුනිඳුන් ගැන කතා කරමු.
චාල්ස් බොරෝමියෝ උපත ලබන්නේ ඉතාලියේ මිලාන් පලාතේ අරෝනා නගරයේ මැදුරකය. බොරෝමියෝ පවුල පැරණි හා ධනවත් වංශවත් පෙළපතකින් පැවත එන්නා සේම සභාවේ සහ රාජ්‍යයේ කැපී පෙනෙන කිහිපදෙනකුම බිහි වී තිබීම කැපී පෙනෙන ලක්ෂණයකි. ඔහුගේ පියා වූ ගිල්බට් බොරෝමියෝ අරෝනා හී වංශාධිපතියෙකු වූ අතර මව වූ මාග්‍රට් රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල නිරත වූවාය. දරුවන් හය දෙනකුගෙන් යුත් පවුලේ තුන්වැනියා වූයේ චාල්ස් බොරෝමියෝ ය.
චාල්ස්ට වයස අවුරුදු දොළහේ දී පමණ ආගමානුකූලව හිස මුඩු කිරීම සිදු කළ අතර මෙම අවස්ථාවේදී ඔහුගේ මාමා වූ ගුලියෝ සෙසාරේ බොරෝමියෝ විසින් ධනවත් බෙනදිකානු තාපසාරාමයකින් ලැබෙන ආදායම ඔහුට පවරන ලදී. පමණටත් වඩා ලැබෙන ආදායම දුගී දුප්පතුන්ට අයිති බවත් ඒවා ලෞකික භාවිතයට යොදා ගැනීම නුසුදුසු බවත් චාල්ස් තම පියාට පැහැදිලි කර දුන්නේය.
තරුණ චාල්ස් පාවියා හී විශ්ව විද්‍යාලයට ඇතුල් වන අතර සිවිල් සහ සභා නීතිය හැදෑරීම සඳහා ඉල්ලුම් කරන ලදී. කතා කිරීමේ දී තිබූ සුළු ආබාධයක් හේතුවෙන් ඔහුගේ ඉගෙනීම මන්දගාමී වේ යැයි සලකනු ලැබූ නමුත් ඔහුගේ කැපවීම සහ ක්‍රියාශීලී භාවය හේතු කරගෙන වේගවත් ප්‍රගතියක් අත්පත් කර ගත්තේය. වර්ෂ 1554 දී ඔහුගේ පියා මිය යන අතර පවුලේ අයගේ ඉල්ලීම මත කෙටි කාලයක් ඔවුන්ගේ ගෘහ කටයුතු කළමනාකරණය කිරීම සඳහා ඔහුට සිදුවිය. ඔහු සිය අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කළ අතර 1559 දෙසැම්බර් 06 වන දින ආචාර්ය උපාධිය ලබා ගත්තේය.
1559 දෙසැම්බර් 25 වන දින ඔහුගේ මාමා වූ කාදිනල් ජියොවන්නි ඇන්ජලෝ, හතරවන පියුස් නමින් පාප් ධූරයට පත්වන අතර එතුමන් විසින් තම බෑණනුවන් වූ චාල්ස් රෝමයට ගෙන්වා සභා අධිකරණයේ ලේකම්වරයෙකු ලෙස පත් කරන ලදී. ඉන් ටික කාලයකට පසු එනම් 1560 ජනවාරි 31 වන දින ඔහුව කාදිනල් වරයෙකු ලෙස ද පත් කළේය. 1562 සහ 1563 වසර වල පැවැති ට්‍රෙන්ට් මන්ත්‍රණ සභාව සංවිධානය කරන ලද්දේ ද මෙතුමන් විසිනි.
තම සහෝදරයා වූ ෆෙඩ්රිකෝ 1562 නොවැම්බර් 19 වන දින හදිස්සියෙන්ම මියයන අතර පවුලේ අය ඔහුගෙන් ඉල්ලා සිටියේ සියලු සභා තනතුරු අතහැර නිවසට පැමිණ විවාහ වී දරුවන් මෙලොවට බිහිකර තම පරම්පරාවේ නාමය එය රැක දෙන ලෙස ය. නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ එතුමන් දැඩි විශ්වාසයකින් හා ක්‍රියාශීලිව තම ක්‍රිස්තියානි ජීවිතය තුළ ජීවත් වීමට තීරණය කළේය. 1560 පෙබරවාරි 07 වන දින මිලාන් අගරදගුරු පදවියේ පරිපාලකයෙකු ලෙස පත් පත්වීම ලැබූ ඔහු පූජක ජීවිතයට ඇතුළු වීමට තීරණය කළ අතර 1563 සැප්තැම්බර් 04 වන දින පූජකවරය ලබා ගත්තේය. පසුව එතුමන් මිලාන් පදවියේ අගරදගුරු හිමිපාණන් ලෙස පත්විය.
සභාව තුළ පිරිහී යමින් තිබූ බොහෝ තැන්හී වෙනස්කම් සිදු කරමින් ප්රතිසංවිධාන කටයුතු කළ එතුමන් මහත් වූ ප්රබෝධයක් ශු.සභාව තුළ ඇති කිරීමට සමත් විය. 1584 වසරේ එතුමන් සහභාගී වූ ඥානකාන්තිය අතරතුර ඔහු වරින්වර හටගත් උණ හේතුකොටගෙන නොවැම්බර් 03 වන දින තම අවසන් හුස්ම හෙළන ලදී.
භාග්‍යවරයට එසවීම 1602 මැයි 12 වන දින අති උතුම් VIII වන ක්ලෙමන්ට් ශුද්ධෝත්තම හිමිපාණන් විසින්.
ශුද්ධවන්ත භාවයට එසවීම 1610 නොවැම්බර් 01 වන දින අති උතුම් V වන පාවුළු ශුද්ධෝත්තම හිමිපාණන් විසින්.
රදගුරුවරුන්ගේ, කාදිනල්වරුන්ගේ, සම්මන්ත්රණකරුවන්ගේ සහ අධ්‍යාත්මික නායකයින්ගේ නාමසාන්තුවරයා වන, ශුද්ධ වූ චාල්ස් බොරෝමියෝ මුනිඳුනි, අප නිසා යාච්ඤා කළ මැනව.
#StCharlesBorromeo #Prayforus
#saintoftheday #rvasinhala
'RVASinhala' Facebook, Instagram, Twitter, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!