ශුද්ධ වූ අල්ෆෝන්සස් මාරි ලිගෝරි

අද දින සුදුවර චරිතයෙන් අගෝස්තු මස 01වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ අල්ෆෝන්සස් මාරි ලිගෝරි මුනිඳුන් ගැන කතා කරමු.

මෙතුමන් උපත ලබන්නේ 1696 වසරේ සැප්තැම්බර් මස 27 වන දින ඉතාලියේ මරියනෙල්ලා යන නගරයේ දී ය. නාවික හමුදා නිලධාරියකු වූ ගුසෙප්පේ ලිගෝරි සහ ඇනා මරියා කතෙරිනා කවලියේරි යන දෙපලට දාව උපන් දරුවන් සත් දෙනාගෙන් වැඩිමල් දරුවා වූයේ අල්ෆෝන්සස් . උපත ලබා දින දෙකකින් කන්‍ය මාතාවන්ට කැපවූ දෙව්මැදුරේ දී එතුමන්ව බව්තීස්ම-ස්නාපනය කරන ලදී. ලිගෝරි පවුල වංශවත් පෙළපතකින් පැවැති ආවද පසුව යම් දිළිඳු භාවයකට පත් විය.

මුලින්ම තම පියා විසින් එතුමන්ට හමුදා සේවය සඳහා පුහුණුවක් සහ අධ්‍යාපනයක් ලබා දීමට ආරම්භ කළ ද ඇස්වල පෙනීමේ දුර්වලතාවය හා නිදන්ගත ඇදුම රෝගී තත්ත්වයක් හේතුකොටගෙන පසුව නීතිය පිළිබඳ හැදෑරීමට යොමු කරවීය. විශ්වවිද්‍යාලයට ඇතුළු වීමටත් පෙර නීතිය පිළිබඳව හැදෑරු එතුමන් වයස 16 දී සිවිල් සහ සභා නීතිය පිළිබඳ ආචාර්ය උපාධි ලබා ගන්නා ලදී. වයස දහ අටේදී එතුමන් දයාවේ අප ස්වාමිදුව ගේ සංගමයට එක්වී සුව කළ නොහැකි රෝගීන් හට ඇප උපස්ථාන කිරිමට සහය විය.

උතුමන් සාර්ථක නීතිඥයෙක් බවට පත්වූ නමුත් තම වෘත්තිය තුළ දුෂ්කරතා සහ අන්තරායන් නිසා වයස 27 දී එම වෘත්තියෙන් ඉවත් විය. එම තීරණය ගැනීමට බොහෝ සෙයින් බලපානු ලැබූ වියේ වරෙක එතුමන්ගේ ඇතුළාන්තයෙන් අසන්නට ලැබූ ,"ලෝකයත් ඇය ඔබව මා හට දෙන්න" යන හඬ නිසා ය.

1723 වසරේ දී පූජකයෙකු වීමේ අදහසින් ශුද්ධ වූ පිලිප් නේරි මුනිදුන්ගේ දේශනා වාදී නිකාය සමග එකතු විය. 1726 දෙසැම්බර් මස 21 වන දින පූජක ජීවිතයට ඇතුල් වන තුමන් පළමු වර්ෂයන් තුළ නේපල්ස් හී ජීවත් වූ නිවාස අහිමි සහ කොන් වූ තරුණයන් වෙනුවෙන් සේවය කළේය.

1732 වසරේ නොවැම්බර් 09 දින තුමන් විසින් දිව්‍ය ගැලවුම්කාරුවාණන් ගේ පැවිදි නිකාය ආරම්භ කරන ලදී. මෙම නිකායේ ප්‍රධාන දූත කාර්යය වනුයේ මුඩුක්කු සහ දරිද්‍රතාවෙන් පෙළෙන නගර වල දේශනා කිරීම සහ ධර්ම දානය ලබා දීමයි.

මෙතුමන් සංගීතයට සහ විවිධ කලා නිර්මාණ කෙරෙහි වූයේ සහජ හැකියාවකි.1762 වසරේදී එතුමන්ව රදගුරු වරයෙකු හැටියට අභිෂේක කරන ලදී. 1775 දී එම ධුරයෙන් විශ්‍රාම ලබන එතුමන් 1787 අගෝස්තු මස 01 දින සගලොව දිනා ගන්නා ලදී.

භාග්‍යවරයට එසවීම 1816 සැප්තැම්බර් 15 දින අති උතුම් හත් වන පයස් ශුද්ධෝත්තම හිමිපාණන් විසින්.

ශුද්ධවරයට එසවීම 1839 මැයි 26 දින අති උතුම් දහසය වන ග්‍රෙගරි ශුද්ධෝත්තම හිමිපාණන් විසින්.

මෙතුමන් ව නීතිඥයින්ගේ ද පාපොච්චාරණය අසන්නන්ගේ ද නාම සාන්තුවරයා ලෙස හදුන්වනු ලැබේ.

Add new comment

5 + 1 =