අසීමිත ප්‍රේමයකින් කොවිඩ්ට මුහුණ දෙන්න.

අද දින (09) පැවති පොදු ප්‍රේක්ෂකාගාරයේ දී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසන්නේ “අපගේ සමාජීය ප්‍රේමය වර්ධනය කිරීමට කාලය මෙයයි” කියා ය.

2020 සැප්තැම්බර් 09 බදාදා දින පැවති පොදු ප්‍රේක්ෂකාගාරයේ දී ෆ්‍රැන්සිස් පාප්තුමා සිය අවධානය යොමු කළේ  “පොදු යහපත” යන සංකල්පය වෙත ය.

එකමුතුව පොදු යහපත සෙවීම :

“ලෝකය සුව කිරීම” පිළිබඳ සිය මෙනෙහි කිරීම ඉදිරියට කරමින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කියා සිටියේ "අප සියලු දෙනාම එක්ව පොදු යහපත සොයන්නේ නම් පෙරට වඩා හොඳින් කොරෝනා වෛරසය හමුවේ ඇති අර්බුදයෙන් අපට ඉදිරියට යා හැකි බවයි." ඒ අතරම, ආත්මාර්ථකාමී අරමුණු ඇතිව අර්බුදයෙන් ලාබ ප්‍රයෝජන ගැනීමට සමහරු උත්සාහ කිරීමත් සමඟ පක්ෂග්‍රාහී අවශ්‍යතා ඉස්මතු වෙමින් පවතින බවත් ඉතා කණගාටුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
“වසංගතයට හා එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇති වන සමාජ-ආර්ථික අර්බුදය හමුවේ කිතුනු ප්‍රතිචාරය පදනම් වී ඇත්තේ ප්‍රේමය මත ය” යි කී පාප්තුමා, "විශේෂයෙන් දෙවියන් වහන්සේ අපට දක්වන ප්‍රේමය"යැයි පැවසුවේය. "එම නිසා අප සෑම කෙනෙකුටම අන් සැමට ආදරය කිරීමට කැඳවනු ලැබේ - අපගේ මිතුරන් හා පවුලේ අය පමණක් නොව, අපගේ සතුරන් පවා ආදරය කළ යුතුය. මෙය දුෂ්කර නමුත් ඉගෙන ගත හැකි හා වැඩිදියුණු කළ හැකි කලාවක්" බව පාප්තුමන් අවධාරණය කළේ ය.

ආදරයේ ශිෂ්ටාචාරයක් ගොඩනැගීම :

ප්‍රේමය, පුද්ගලික සබඳතා ගොඩනඟා ගැනීමට පමණක් නොව සමාජ, සංස්කෘතික, ආර්ථික හා සබඳතා ගොඩනැඟීමට ද ඉවහල් වන බවත් එමගින්  'ප්‍රේමයේ ශිෂ්ටාචාරයක්' නිර්මාණය කිරීමට අපට ඉඩ සලසයි” යනුවෙන් ශුද්ධ වූ  VI වන පාවුළු සහ II වන ජුවාම් පාවුළු පාවුළු පාප් වහන්සේලා ගේ ප්‍රකාශ උපුටා ගනිමින් එතුමන් පැවසා සිටියේ ය. 

සීමා නොමැති ආදරය :

"එක් එක් පුද්ගලයාගේ යහපත සමස්තයක් වශයෙන් සමාජයේ පොදු යහපත හා බැඳී ඇති බව දැකීමට වර්තමාන අර්බුදය අපට උපකාර වන බව" පැවසු ෆ්‍රැන්සිස් පාප්තුමා "වෛරසයකට බාධක, දේශසීමා, සංස්කෘතික හෝ දේශපාලන වෙනස්කම් නොමැති සේ ප්‍රේමයට ද බාධක, දේශසීමා හෝ කිසිදු වෙනස්කමක් නොමැති විය යුතු"යැයි ද සඳහන් කළේ ය.
 

Add new comment

2 + 1 =