හොදහිත තරකර ගන්න අගමැති ඉම්රාන් සෞදියේ...

හොදහිත තරකර ගන්න අගමැති ඉම්රාන් සෞදියේ...

තෙදින නිල සංචාරයක් ආරම්භ කරමින් පාකිස්තාන අග්‍රාමාය ඉම්රාන් මැයි 07 සිකුරාදා සෞදියේ රියාද් නුවරට පැමිණියේය.

සෞදි අරාබිය සහ පාකිස්තානය සාම්ප්‍රදායික මිතුරන් වන නමුත් පසුගිය මාස කීපයක් තිස්සේ දෙරට අතර සම්බන්ධතා පළුදු වී තිබුණි. එසේ පළුදු වුණු සබඳතා යළි

වර්ධනය කර ගැනීම අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ අරමුණ වී ඇත. අග්‍රාමාත්‍ය ඉම්රාන් සෞදිය බලා පැමිණියේ එරට ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන්ගේ ආරාධනයකට අනුව යැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

2018 වසර වසරේ සෞදි අරාබිය, ඇමෙරිකන් ඩොලර් බිලියන 3ක ණයක් ද, ඇමෙරිකානු ඩොලර් බිලියන 3.2ක බොර තෙල් ණය පහසුකමක් ද පාකිස්තානයට ලබාදුන්නේය.

කාශ්මීර අර්බුදය මුල්කොට ගනිමින්, ඉන්දියාව මානව හිමිකම් උල්ලංඝනය කරන බවට චෝදනා කළ පාකිස්තානය ඒවා නැවැත්වීමට සහාය වන්නැයි සෞදි අරාබියෙන් ඉල්ලීමක් කළේය. සෞදිය ඒ ගැන තැකීමක් නොකළ අතර, ගත් ණය ඉක්මනින් ගෙවන්නැයි පාකිස්තානයට දැනුම් දුන්නේය.පාකිස්තානයත් සෞදියත් අතර ඇයි හොඳයිකම් පළුදු වූයේ එම අවස්ථාවේදීය. මෙම සංචාරය දෙරට අතර සුහදතාවය වර්ධනය කර ගැනීමට හැකි වනු ඇතැයි බොහෝ විචාරකයින් විශ්වාස කරනු ලබති.

( උපුටා ගැනීම ලංකාදීප පුවත්පත )

 

Add new comment

2 + 1 =