සුදතුම් පියාණන් වතිකානු ජනසන්නිවේදන හවුලට ඉන්දීය පියතුමෙකු නම් කරයි.

ආසියානු රදගුරු සම්මේලනයේ (FABC) ජන සන්නිවේදන කාර්යාලයේ (OSC) විධායක ලේකම් ජෝර්ජ් ප්ලාතොට්ටම් පියතුමා වතිකානුවේ සන්නිවේදනය සඳහා වූ කාර්යාලයේ නව උපදේශකයෙකු ලෙස නම් කර ඇත.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, සැප්තැම්බර් 29 වන දින, සන්නිවේදනය සඳහා වූ කාර්යාලය සඳහා නව සාමාජිකයින් දෙදෙනෙකු සහ නව උපදේශකයින් 10 දෙනෙකු පත් කළ බව වතිකානු පුවත් වාර්තා කරයි.

නව උපදේශකයින් අතර ආසියාවේ එකම නියෝජිතයා ප්ලාතොට්ටම් පියතුමා ය.

ඔහු වෙරිටාස් පුවත් වෙත පවස සිටියේ “මෙම පත්වීම ගැන මම නිහතමානී වෙනවා,” යනුවෙනුයි.

2015 වසරේ දී දී, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශුද්ධාසනයේ සමස්ත සන්නිවේදන ජාලය අධීක්ෂණය කිරීම සඳහා ජනසන්නිවේදන හවුල පිහිටුවන ලදී. එහි ස්ථර තුනකින් යුත් ව්‍යුහයක් ඇත - ඒ සාමාජිකයින්, උසස් නිලධාරීන් සහ උපදේශකයින් ය.

2019 සිට, ප්ලාතොට්ටම් පියතුමා පසුගිය වසර 52 පුරාවට ආසියාවේ භාෂා 22කින් විකාශනය කරන එකම මහාද්වීපික කතෝලික ගුවන්විදුලි සේවය වන ව්‍රිටාස් ආසියානු ගුවවිදුලිය (RVA) සඳහා වගකිව යුතු ආසියානු රදගුරු සම්මේලනයේ ජන සන්නිවේදන කාර්යාලයේ (FABC-OSC) ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

ඔහු මාධ්‍ය පුහුණුකරුවෙක්, මාධ්‍යවේදියෙක් සහ සන්නිවේදන විශේෂඥයෙක් ය.

ඔහුගේ නායකත්වය යටතේ, 2019 දී, FABC-OSC සිය පුහුණු අංශය වන Veritas Asia Institute of Social Communication (VAISCOM) පිලිපීනයේ මැනිලා හි පිහිටුවන ලදී. VAISCOM ආසියාවේ ධර්මදූතයින්ගේ සමාජ සන්නිවේදන හැකිය ගොඩ නගයි.

ප්ලාතොට්ටම් පියතුමා පිලිපීනයේ පොලිටෙක්නික් විශ්ව විද්‍යාලයේ සන්නිවේදන විද්‍යාලයේ උපාධි අපේක්ෂකයින් සහ උපාධිධාරී සිසුන්ට උගන්වන අතර, ඉන්දියාවේ ඇසෑම් හි දොන් බොස්කෝ විශ්ව විද්‍යාලයේ සන්නිවේදනය පිළිබඳ ආචාර්ය උපාධිධාරීන්ට මඟ පෙන්වයි.

ප්ලාතොට්ටම් පියතුමා ගුවහාටි දොන් බොස්කෝ නිකායේ සාමාජිකයෙකි. ඔහු දේවධර්මය, සමාජ විද්‍යාව සහ ජනමාධ්‍යවේදය සහ ජන සන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි තුනක් ද, ෂිලොන්ග් හි උතුරු නැගෙනහිර හිල් විශ්වවිද්‍යාලයෙන් ජන සන්නිවේදනය පිළිබඳ ආචාර්ය උපාධියක් ද ලබා ඇත.

ඔහු දශක හතරක් ඊසානදිග ඉන්දියාවේ, මූලික වශයෙන් ගුවහාටි , ෂිලොන්ග් සහ ටූරා හි සේවය කර ඇත.

2008 සිට 2015 දක්වා ඔහු ඉන්දියාවේ කතෝලික රදගුරු සම්මේලනයේ සන්නිවේදන ජාතික ලේකම්වරයා වූ අතර 2012 සිට 2015 දක්වා ඔහු ජාතික මාධ්‍ය පුහුණු හා පර්යේෂණ ආයතනයේ (NISCORT) අධ්‍යක්ෂවරයා විය.

තවද ඔහු මාධ්‍ය සම්බන්ධ ශාස්ත්‍රීය සහ උපදේශන මණ්ඩල ගණනාවක ම සේවය කරයි.

 

#VaticanNews #FrGeorgePlathottam #FABCOSC

#RVASinhala

Add new comment

1 + 17 =