සඳ ගමනට එක්වුණු මයිකල් කොලින්ස් දිවියෙන් සමුගනී

සඳ ගමනට එක්වුණු මයිකල් කොලින්ස් දිවියෙන් සමුගනී

1969 වසරේ ඇමෙරිකාවේ නාසා ආයතනයේ සඳ ගමනට එක්වුණු ගගනගාමී මයිකල් කොලින්ස් අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට මයිකල් කොලින්ස් 90 හැවිරිදි වියෙහි පසුවිය.

කොලින්ස් පිළිකා රෝගියකු ලෙස ප්‍රතිකාර ලැබූ තැනැත්තෙකි. සිය නිවසේ දී ඔහු අවසන් සුසුම් හෙලූ බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පවසයි.

නීල් ආම්ස්ට්‍රෝ පළමු මිනිසා ලෙස සඳ මත පය තැබුවේ ඇපලෝ 11 මෙහෙයුමේදීය. නීල් ආම්ස්ට්‍රෝ සමඟ තවත් දෙදෙනකු එම චන්ද්‍ර මෙහෙයුමට එක්වුණු අතර මයිකල් කොලින්ස් සහ බස් ඇල්ඩ්‍රින් ඔවුන් දෙදෙනාය.

කොලින්ස් සහ ඇල්ඩ්‍රින් ඊගල් චන්ද්‍ර යානයේ නැගී සඳට ගොස් ආපසු එනතුරු සඳුගේ කක්ෂයට වී මවු යානයේ රැඳී සිටියේ කොලින්ග්ය. නීල් ආම්ස්ට්‍රෝ දිවියෙන් සමුගත්තේ 2012 වසරේදීය. ඒ අනුව මේ වන විට සිටින්නේ ගගනගාමී බස් ඇල්ඩ්‍රින් පමණි. බස් ඇල්ඩ්‍රින්ගේ  වයස අවුරුදු 91 කි.
(උපුටා ගැනීම ලංකාදීපය පුවත්පත)

Add new comment

1 + 0 =